Author: VNews

නිල සංචාරයක් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අමෙරිකාවට පැමිණෙන බව ඇසීමෙන් තමන් ඉතා උද්යෝගයට පත් වූ බව ඉන්දියාවේ අමෙරිකානු තානාපති එරික් ගාර්සෙටි පවසනවා. මෙම වසර තුළ කළ හැකි දේ සම්බන්ධයෙන් දෙරට අතර පොරොන්දු රැසක් ඇති බවයි ඔහු පැවසුවේ. 75 වසරක ඉතිහාසය තුලදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු අමෙරිකාවේ රාජ්‍ය සංචාරයක නිරත වන 03 වන අවස්ථාව මෙය වන බව ද ඔහු සඳහන් කළා. ඉදිරියේදී කුමක් ද කළ හැක්කේ යන්න සම්බන්ධයෙන් දෙපාර්ශවයටම සුබවාදී බලාපොරොත්තු ඇති බවයි ඉන්දියාවේ අමෙරිකානු තානාපතිවරයා සඳහන් කළේ. වෙළඳ, සංචාරක වීසා ඇතුළු සේවා ඔස්සේ ඉදිරි වසර 50 ක කාලයක් සඳහා වුව ද ඉන්දු අමෙරිකානු සබඳතා ඉදිරියට ගෙන යා හැකි බවයි ඔහු සඳහන්…

තව කියවන්​න

බ්‍රිතාන්‍ය කිරීටයට තිබූ අවසාන බැදීමෙන් බිදී ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වූයේ මීට වසර 51 කට පෙරයි. ඊට පෙර ලංකාවට හිමිව තිබුනේ ඩොමීනියන් තත්වයේ නිදහසක් වන අතර ලංකාවේ රාජ්‍ය නායකයා වූයේ බ්‍රිතාන්‍යයේ රජු හෝ රැජින වන අතර ඔවුන්ගේ නියෝජිතයා වශයෙන් අග්‍රාණ්ඩුකාරවරයා කටයුතු කලා. ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් කිරීමට මූලිකත්වය ගත්තේ 1970 බලයට පැමිණි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සමඟි පෙරමුණු ආණ්ඩුවයි. ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවේ මූලික නිර්මාතෘ වූයේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතායි . කොලඹ රාජකීය විද්‍යාලයේ නවරගහලේදී රැස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම රැස්වීම ව්‍යවස්ථාදායක සභාවක් බවට පත්කරගනිමින් නව ජනරජ ව්‍යවස්ථාව සම්මත කරගෙන තිබෙනවා.

තව කියවන්​න

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ඉදිරි පාර්ලිමේන්තු සතියේ අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගි වන්නැයි, ආණ්ඩු පක්ෂ සංවිධායක කාර්යාලයෙන් ලිඛිතව දැනුම් දී ඇති බව වර්තාවනවා. ඉරි තුනේ නිවේදනයක් මගින් එම දැනුම් දීම සිදුකර ඇති බව සඳහන්. එලෙස ඉරි 03ක නිවේදනයක් ලෙස දැනුම් දීමක් සිදු කරන්නේ, අයවැය ඡන්ද විමසීමකදී හෝ ව්‍යවස්ථා සංශෝධනයකදී වැනි අතිශය වැදගත් පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීමේදී බවයි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරයෙකු සඳහන් කළේ. එවැනි විශේෂ දැනුම් දීමක් කර තිබියදී මන්ත්‍රිවරුන්ට අදාළ කාලසීමාව තුළ විදේශගත වීම ද, තාවකාලිකව තහනම් වනු ඇති. ඒලෙස දැනුම් දී තිබියදීත් යම් මන්ත්‍රිවරයෙකු පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගි නොවන්නේ නම්, ඊට හේතු දැක්විය යුතුවනවා. මහජන උපයෝගිතා…

තව කියවන්​න

2022 අපොස සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන මැයි 29 සිට ජුනි 08 වනදා දක්වා දිවයින පුරා විභාග මධ‍්‍යස්ථාන 3,568කදී පැවැත්වීමට නියමිතයි. ඒ අනුව අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම හෙට මධ්‍යම රාත්‍රී 12 සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ අනුව විභාගයට අදාළව උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම තහනම් වන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඊට අමතරව අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්නපත්‍ර මුද්‍රණය, ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට වු බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීමද සම්පූර්ණයෙන්ම තහනම් වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කිසියම් තැනැත්තෙකු හෝ…

තව කියවන්​න

ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයේ තරග කාලසටහන බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ජූනි 14 වැනිදා ආරම්භ වන තරග සංචාරය සදහා ටෙස්ට් තරගයක්, එක්දින තරග 3ක් හා 20යි 20 තරග 2ක් ඇතුළත්. ටෙස්ට් තරගය ජූනි 14 වැනිදා ඩකා හී දී ආරම්භ වීමට නියමිත අතර, එක්දින තරගාවලිය ජූලි 5 වැනිදා ද, 20යි 20 තරගාවලිය ජූලි 14 වැනිදා ද ආරම්භ වීමට නියමිතයි.

තව කියවන්​න

පී.එස්.එම් . චාර්ල්ස් මහත්මිය අද (22)  දිනයේ දී උතුරු පළාත් ආණ්ඩුකාර ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතව තිබෙනවා . පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනුයි ඇයව මෙම ධුරය සදහා පත්කරනු ලැබුවේ . උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ නිලධාරීන් විසින් අද දිනයේදී ඇයව පිළිගැනීම සදහා විශේෂ උත්සවයක්ද සංවිධානය කර තිබෙන බව වාර්තා වනවා . මේ අනුව උතුරු පළාතේ ආණ්ඩුකාර ධූරයට පී.එස්.එම් චාර්ල්ස් මහත්මිය පත් වුයේ දෙවන වරටයි. ඇය වවුනියාව, මඩකලපුව යන දිස්ත්‍රික්ක වල දිසාපති ධූරයද, ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂවරිය වශයෙන් සහ මැතිවරණ කොමිසමේද සේවය කළ නිලධාරිනියක් වනවා .

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අද ( 22) දිනයේ සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ වයඹ වෙරළබඩ ප්‍රදේශවලත් යාපනය දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේ දී ද වැසි ස්වල්පයක් ඇති විය හැක බවයි එම දෙපාර්තමේන්තු සදහන් කරන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

තව කියවන්​න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරග දෙකෙන් ජය වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා. ඒ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරාජයට පත් කරමින්. මෙහිදී පළමු තරගයේදී හයිද්‍රාබාද් කණ්ඩායම පරදා කඩුළු 08ක ජයක් වාර්තා කිරීමට මුම්බායි කණ්ඩායම සමත් වුණා. එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 200ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 2ක් පමණක් දැවී ලකුණු 201ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ කැමරන් ග්‍රීන් නොදැවී පන්දු 47දී ලකුණු 100ක් රැස් කිරීමට…

තව කියවන්​න

ඉතාලියේ එට්නා ගිනි කන්ද පුපුරා ගොස් ඇති අතර, ගිනි කන්ද පිහිටි ප්‍රදේශය අළු වලින් වැසී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ හේතුවෙන් නැගෙනහිර සිසිලියානු නගරයක් වන කැටානියාහී ගුවන් ගමන් නවතා දැමීමටයි බලධාරීන් කටයුතු කර ඇත්තේ. අඩි 10,925ත් උස මෙම එට්නා ගිනි කන්ද අවසන් වරට 1992 වසරේදී පුපුරා ගිය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

තව කියවන්​න

යල කන්නයේ වී වගා කරන ගොවීන්ට පොහොර මිල දී ගැනීම සඳහා සහනාධාර වවුචර්පත් නිකුත් කිරීම අද (22) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. ගොවි ජනතාවගේ නිෂ්පාදන වියදම් අවම කිරීමේ අරමුණින් ඔවුන්ට රසායනික හෝ කාබනික පොහොර මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන සහනාධාර වචුචරයක් වශයෙන් ලබාදීමටයි පසුගිය දා රජය තීරණය කර තිබුනේ . ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය පරිදි ගොවීන් 650,000ක් සඳහා එම මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යංශය ප්‍රකාශ කළා . අදාළ වැඩසටහන යටතේ වී වගා කරන හෙක්ටයාර් එකකට රුපියල් 20,000ක් සහ හෙක්ටයාර් දෙකක් සඳහා රුපියල් 40,000ක් වශයෙන් සහනාධාර මුදලක් ලබා දීමට නියමිතයි .…

තව කියවන්​න