Author: VNews

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ නායකත්වයෙන් සුජාන් පෙරේරා ඉවත්ව තිබෙනවා. ඔහු ඒ බව දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකා පාපන්දු ආයතනයට ලිපියක් යොමු කරමින්. මෙරටට පනවා තිබෙන ජාත්‍යන්තර පාපන්දු තහනම ඉවත් කර ගැනීම සදහා නිලධාරින් අපොහොසත් වීමෙන් එම ක්‍රීඩාවට බරපතල හානියක් සිදු ව ඇති බවද අදාල ලිපියේ සදහන්. ජාතික පාපන්දු කණ්ඩායමේ නිත්‍ය දැල් රකින්නා මෙන්ම නායකයා ද වන ඔහු මේ දක්වා ජාත්‍යන්තර තරග 41 කට ක්‍රීඩා කර තිබෙනවා.

තව කියවන්​න

අද ශ්‍රී ලංකාවේ 51 වන ජනරජ දිනය වනවා. බ්‍රිතාන්‍ය කිරීටයට තිබූ අවසාන බැදීමෙන් බිදී ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වූණේ මීට වසර 51 කට පෙරයි. ඊට පෙර ලංකාවට හිමිව තිබුනේ ඩොමීනියන් තත්වයේ නිදහසක් වන අතර ලංකාවේ රාජ්‍ය නායකයා වූයේ බ්‍රිතාන්‍යයේ රජු හෝ රැජින වන අතර ඔවුන්ගේ නියෝජිතයා වශයෙන් අග්‍රාණ්ඩුකාරවරයා කටයුතු කලා. ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් කිරීමට මූලිකත්වය ගත්තේ 1970 බලයට පැමිණි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සමඟි පෙරමුණු ආණ්ඩුවයි. ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවේ මූලික නිර්මාතෘ වූයේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතායි . කොලඹ රාජකීය විද්‍යාලයේ නවරගහලේදී රැස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම රැස්වීම ව්‍යවස්ථාදායක සභාවක් බවට පත්කරගනිමින් නව ජනරජ ව්‍යවස්ථාව සම්මත කරගෙන තිබෙනවා. මේ…

තව කියවන්​න

එක්සත් ජාතික පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ද එක් ආර්ථික දර්ශනයකට එක් වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රට බංකොලොත් භාවයට පත් වූ අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම හැර වෙනත් කිසිදු විකල්පයක් තමන්ට නොතිබුණු බවද ජනාධිපතිවරයා කියා සිටියා. එමෙන්ම මේ වසරේ සැප්තැම්බර් මාසයට පෙර දේශීය හා විදේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය අවසන් කර ආර්ථික වශයෙන් බංකොලොත් බවින් මිදීමට හැකි වනු ඇති බව ද ජනාධිපතිවරයා පැවසුවා.

තව කියවන්​න

හලාවතදී පසුගිය අප්‍රේල් 19 වැනිදා වයස අවුරුදු 18 ක කාන්තාවක් පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 05 දෙනෙකු දඹුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පැහැරගැනීම සම්බන්ධයෙන් දඹුල්ල විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21, 23, 28 සහ 40 යන වයස්වල පසුවන දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තව කියවන්​න

ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත්වීමට ඇන්ඩි මරේ තීරණය කර තිබෙනවා. ඉදිරියේදී පැවැත්වෙන් විම්බල්ඩන් තරගාවලියේ තණතිලි තරග වාරයට ප්‍රමුඛත්වය ලබා දීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවටයි වාර්තා වන්නේ. විම්බල්ඩන් තරගාවලිය එළැඹෙන ජූලි 03 වැනිදා සිට ජූලි 16 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

තව කියවන්​න

ග්‍රීසියේ පැවති මහමැතිවරණයෙන් අග්‍රාමාත්‍ය කිරියාකොස් මිට්සෝටකිස්ගේ කන්සර්වෙටිව් පක්ෂය ඉදිරියෙන් පසුවනවා. ග්‍රීසියේ පවත්නා දේශපාලන අස්ථාවරත්වය මධ්‍යයේ මෙය දැවැන්ත ජයග්‍රහනයක් ලෙසයි දේශපාලන විශ්ලේෂකයින් හඳුන්වන්නේ. අග්‍රාමාත්‍යවරයාගේ කන්සර්වෙටිව් පක්ෂය 41% ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇති අතර බහුතරය සඳහා ඔහුට අවශ්‍ය වන්නේ තවත් ආසන 5ක් පමණයි. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රතිවාදියාට ලබා ගැනීමට හැකිව ඇත්තේ 20%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. ඒ අනුව අග්‍රාමාත්‍යවරයාට තවත් වසර 4ක කාලයක් එරට පාලන බලය හිමිවනු ඇති.

තව කියවන්​න

ජනතා නියෝජිතයින්ගේ වරප්‍රසාද ඉහලම ආකාරයෙන් කප්පාදු වී ඇත්තේ වත්මන් මුදල් අමාත්‍යවරයා යටතේ බව රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මැති ඇමතිවරුන්ගේ සියලු දීමනා ඉහල බදු අනුපාතිකයකට යටත් කර බදු අය කරගැනීමද සිදුවන බවයි.

තව කියවන්​න

ඩෙංගු මර්දන කටයුතු සඳහා අවශ්‍ය සියලු‍ පහසුකම් මේ වනවිට අදාළ අංශ වෙත ලබාදී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එම ඒකකයේ ප්‍රජා වෛද්‍ය ඉන්දික වීරසිංහ මහතා පැවසුවේ බස්නාහිර පළාත තුළ ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් ආණ්ඩුකාර කාර්යාලය සමග එක්ව ඩෙංගු මර්දනය සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.

තව කියවන්​න

වියට්නාම රජය චීනයට සහ පිලිපීනයට දොස් පවරා තිබෙනවා.ඒ, මතභේදාත්මක දකුණු චීන මුහුදේ ඔවුන් සිදුකරන ක්‍රියාකාරකම් හේතුවෙන්. අදාළ මුහුදු කලාකලාපයේ ස්වෛරීභාවය උල්ලංඝඋනය කරන ක්‍රියාකාරකම්වලට දැඩිව විරුද්ධ වන බවයි වියට්නාමය අවධාරණය කර ඇත්තේ. මතභේදාත්මක මුහුදු කලාපය තුළ මෙම සතියේදී චීන සහ වියට්නාම යාත්‍රා කිහිපයක් එකිනෙක ගැටී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ හමුවේ වියට්නාම විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා සහතික කිරීම සඳහා වියට්නාමය ජාත්‍යන්තර නීතියට අනුකූල වන සුදුසු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.

තව කියවන්​න

ජනතාව අතර ජීවමානව රැදී සිටින එකම දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාර මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ නිදහස පක්ෂය විනාශ වී යනු ඇතැයි බොහෝ පිරිස් සිතා සිටි බවයි.

තව කියවන්​න