- විහාරාධිපති හිමිගේ ගිණුමෙන් මුදල් ඇද්ද හතරක් මාට්ටු
- විපක්ෂ නායක සජිත්ට ගොවීන් ගැන කතාකරන්න අයිතියක් නෑ
- භාණ්ඩ සොරා ගන්නා මේ පුද්ගලයා දන්නවාද?
- උපන් දිනය පෙනී පෙනී ජීවිතයෙන් සමුගත් මනෙත්
- මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ ගැන මහජන ආරක්ෂක ඇමැතිගෙන් හෙළිදරව්වක්
- උසස් අධ්‍යාපනයටත් දැනෙන වෙනසක්
- හිටපු තවත් ලොක්කෙක් ආයෙත් ඇතුළට
- TikTok ගිවිසුමට ඇමරිකානු ආයෝජකයන් නම් කරයි
Author: VNews
මෙම සතියේ පාර්ලිමේන්තුව අද (23) සිට ලබන 26 වැනිදා දක්වා දින 4ක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව අද දිනයේ පාර්ලිමේන්තුව පෙරවරු 09.30ට රැස්වීමට නියමිත අතර, පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහායි වෙන් කර ඇත්තේ. අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 05 දක්වා ඔට්ටු ඇල්ලී සහ සූදු බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම, වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ වන නියෝගයක් ඇතුළු නියෝග කිහිපයක් ගැන විවාදය පැවැත්වීමට නියමිතව තිබෙනවා. එමෙන්ම පස්වරු 5 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබව අවස්ථාවේ යෝජනාවක්ද විවාදයට…
බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් තවමත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග කටයුතු කරන බව එම පක්ෂයේ මහා ලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා . ඔහු මේ බව ප්‍රකාශ කලේ ඊයේ එම පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් . මේ අතර පවතින ආණ්ඩුව පලවා හැරීමට සියලු දේශපාලන පක්ෂ එක් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා . ඔහු මෙහිදී වැඩිදුරටත් සදහන් කලේ එලෙස ආණ්ඩුව පලවා හැරීමෙන් අනතුරුව දේශපාලන පක්ෂ වලට මැතිවරණයේදී වෙන්ව තරග කල හැකි බවයි .
ඇෆ්ගනිස්ථානයේ බිම් බෝම්බයක් පුපුරායාමෙන් පාසල් සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙහිදී තවත් සිසුවෙකු බරපතල තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම සිසුන් දෙදෙනා අවුරුදු 09 සහ 12 යන වයස්වල පසුවන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධුරයෙන් ජනක රත්නායක මහතා ඉවත් කිරීමේ යෝජනාව හෙට (24) දිනයේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබෙනවා. මුදල් අමාත්‍යවරයා විසින් අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කිරීමටයි කටයුතු කලේ . එම විවාදය තම පවුලේ පිරිස සමග මහජන ගැලරියේ සිට නැරඹීමට අවස්ථාව ලබා දෙන ලෙස ද පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් ජනක රත්නායක මහතා ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා . මේ අතර මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට දේශපාලන පක්ෂ රැසක් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබෙනවා. මගි ජනබලවේගය, ජාතික ජන බලවේගය , නිදහස ජනතා සභාව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ උත්තර ලංකා සභාගය එම…
කුච්චවේලි, කාසිම් නගර් ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුච්චවේලි පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර, එහිදී සැකකරු සන්තකයේ තිබී ජෙලට්නයිට් කරල් 54ක් සහ ඩෙටනේටර් 50ක් සොයා ගත් බවයි පොලීසිය සදහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරු 28 හැවිරිදි කුච්චවේලී ප්‍රදේශ්යේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු අද ත්‍රීකුණාමල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
දකුණු ඇමරිකාවේ ගයානාහී පාසලක ඇති වූ ගින්නකින් පාසල් සිසුන් 19 දෙනෙකු ඇතුළු 20ක් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගින්න මැඩ පැවැත්වීමට බාධා එල්ලවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර ඇත්තේ. මෙම පාසල තුළ කවුරුන් හෝ ද්වේශ සහගත ලෙස ගිනි තැබීම සිදු කර ඇති බවට මූලික විමර්ශන වලද හදුනාගෙන ඇති අතර, ගිනි තැබීමට සම්බන්ධ කිසිදු පුද්ගලයෙකු මේ වනතෙක් හදුනාගෙන නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.
සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අලුයම දිවයිනෙන් පිටව ගියා. ඒ අනුව අද අලුයම 12.30ට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච් 178 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළෙන් පිටත්ව ගිය පවයි අප ගුවන් තොටුපළ වාර්තාකරු සදහන් කළේ. ජනාධිපති ආර්යා මෛත්‍රී වික්‍රමසිංහ, සාගල රත්නායක, අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා ඇතුළු පිරිසක්ද ජනාධිපතිවරයා සමග පිටත්ව ගොස් තිබෙනවා. මෙහිදී ජනාධිපතිවරයා සිංගප්පූරුවේ එක් දින සංචාරයක නිරත වන අතර එහිදී එරට නීතිය හා ස්වදේශ කටයුතු අමාත්‍ය කේ. ෂන්මුගම් මහතා ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිප දෙනෙකු සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ජනාධිපතිවරයාගේ ජපාන නිල සංචාරය හෙට දිනයේ සිට එළඹෙන 27 වනදා දක්වා සිදු කෙරෙන අතර…
ක්‍රිස්තියානි දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් සිදු කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියද ඔහුට එල්ල වී ඇති චෝදනා පිළිබදව විමර්ශන නැවැත්විය නොහැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. ඔහු සම්බන්ධරයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විවිධ පැමිණිලි ලැබී ඇති බව ද අමාත්‍යවරයා පැවසුවා. ඔහු මේ බව සදහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකදී. මේ අතර පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි.
හදිසි තත්ත්වයකට මුහුණ දීම සදහා අවශ්‍ය වෛද්‍යවරුන් ඇතු`ඵ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් පුහුණු වීම් සිදු කර අවසන් බව ඩෙංගු මර්දන ඒකකය පවසනවා. බෝවන රෝග ඒකකය සහ ඩෙංගු මර්දන ඒකකය ඒකාබද්ධව එම කටයුතු සිදු කර තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු මහතා සදහන් කළේ මේ වන විට ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් දක්නට ලැබෙන බවයි. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් සතියකට වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 400 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එමෙන්ම දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය 370 ක් අතරින් සියයට 17 ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හදුනාගෙන තිබෙනවා.
හැටන් කොටගල පතන ශ්‍රී පාද විද්‍යා පීඨයේ අධ්‍යාපනය ලබන ගුරු අභ්‍යාසලාභි සිසු සිසුවියන් 92 දෙනෙකු සෙම්ප්‍රතික්ෂාව, කැස්ස සහ උණ රෝගි ලක්ෂණ සහිතව තම රෝහලෙන් ප්‍රතිකාර ලබා ගත් බව කොටගල ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිනි සාවිත්‍රි ශර්මා මහත්මිය පැවසිය. ඉන් වැඩි පිරිසක් බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බවත්, තවත් ගුරු අභ්‍යාසලාභින් 10 දෙනෙකු තම රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන බවයි වෛද්‍යවරිය කියා සිටියේ. ශ්‍රි පාද විද්‍යා පීඨයේ පැතිර යන වෛරස් උණ රෝගය සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කරන ලෙස කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා දැනුවත් කල බව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිනිය පැවසිය. අප මේ සම්බන්ධයෙන් කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කේ.සුදර්ශන් මහතාගෙන් කල විමසුමකට ඔහු කියා…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222