Author: VNews

ලොව වඩාත්ම දුක්ඛිත රටවල් 15 අතරට ශ්‍රී ලංකාවද එක්වී තිබෙනවා. ලෝක ප්‍රකට ආර්ථික විශේෂඥයෙකු වන ස්ටීව් හැන්ක් විසින් සකස් කළ වාර්ෂික දර්ශකයකට අනුව ශ්‍රී ලංකාව මෙම රටවල් අතරට එක්ව ඇති බවටයි සදහන් වන්නේ. ඒ අනුව ලොව වඩාත් දුක්ඛිත රටවල් අතර ශ්‍රී ලංකාවට 11 වැනි ස්ථානය හිමිව තිබෙනවා. එම දර්ශකයේ පළමු තැන සිටිනුයේ සිම්බාබ්වේ වන අතර, වෙනිසියුලාව, සිරියා සහ ලෙබනන් යන රටවල් පිළිවෙලින් ලොව වඩාත්ම දුක්ඛිත රටවල අතර දෙවැනි, තෙවැනි සහ සිව්වන ස්ථනයන් හී පසුවනවා.

තව කියවන්​න

ඉන්දීය මහකොමසාරිස් කාර්යලය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ නිව් ඩයමන්ඩ් නෞකාව ගිනිගැනීමට අදාළවයි. අදාළ නෞකාව ගිනිගැනීමේදී ඉන්දියාව ශ්‍රී ලංකා රජයට ලබා දුන් සහය වෙනුවෙන් වන්දි ඉල්ලා ඇති බවට පලවන වාර්තා අසත්‍ය බවයි ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය සදහන් කළේ. ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ කිසිවිටක ඊට අදාළ වන්දි ඉල්ලීමක් සිදුකර නොමැති බවයි.

තව කියවන්​න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ දෙවැනි තරගයෙන් ජය ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ ලකුණු 81න් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 182ක් රැස් කළා. එහිදී කැමරන් ග්‍රීන් පන්දු 23දී ලකුණු 41ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී නවීන් උල් හක් ලකුණු 38 කඩුළු 04ක් බිද හෙළනු ලැබුවා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 03ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 101ක් පමණයි. මෙහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ආකාශ් මද්වාල් ලකුණු 5ට කඩුළු 5ක්…

තව කියවන්​න

ඉතාලියට ආසන්න මධ්‍යධරණී මුහුදේදී සරණාගතයන් සහ සංක්‍රමණිකයන් 500ක් රැගත් බෝට්ටුවක් අනතුරට පත්ව තිබෙනවා. එම බෝට්ටුවේ කාන්තාවන් 45 දෙනෙකු සහ ළමුන් 56ක් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්ථා සදහන් කර ඇත්තේ. ලිබියාවේ සිට මෙම සරණාගතයන් සහ සංක්‍රමණිකයන් පැමිණ ඇති බවට අනාවරණය වී තිබෙනවා. අනතුරට පත් වූ බෝට්ටුවේ සිටින පුද්ගලයන් බේරා ගැනීම සදහා පැය 10ක පමණ කාලයක් ගත වන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (25)  ආසියාවේ අනාගතය පිළිබද 28 වන ජාත්‍යන්තර සමුළුව ඇමතීමට නියමිතව තිබෙනවා. ජපානයේ ටෝකියෝ නුවරේදීයි අදාළ සමුළුව පැවැත්වෙන්නේ. මෙම සමුළුව අද සහ හෙට දින දෙකේදී පැවැත්වෙන අතර, ජපානයේ නික්කෙයි පුවත්පත විසින් වාර්ෂිකව මෙම සමුළුව සංවිධාන කරනු ලබනවා. ආසියාවේ අනාගතය පිළිබද ජාත්‍යන්තර සමුළුව යනු ආසියා පැසිෆික් කලාපයේ දේශපාලන , ආර්ථික සහ කලාපීය ගැටළු හා ලෝකයේ ආසියාවේ භූමිකාව පිළිබදව කලාපයේ නායකයින් එක්ව අදහස් හුවමාරු කර ගන්නා ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර සමුළුවක් ලෙසයි සැලකෙන්නේ.

තව කියවන්​න

ජී 20 සඳහා කාශ්මීරය සූදානම් බව විදෙස් වාර්තා පවසනවා . එහිදී කාශ්මීර බලශක්ති බෙදා හැරීමේ සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ජී 20 සමුළුව සඳහා හදිසි රැස්වීමක් ද පවත්වා තිබෙනවා. ජී 20 සමුළුවට අදාළ කටයුතු අවසන් කිරීම, සමුළුව සඳහා අඛණ්ඩ විදුලි බල සැපයුම සහ ඉදිරි ක්‍රියාකාරී සැලසුම් පිළිබඳව කාශ්මීර බලශක්ති බෙදා හැරීමේ සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් කළමනාකාර අධ්‍යක්ෂකවරයාව දැනුවත් කර ඇතැයි සඳහන්. විදුලිය සම්බන්ධ හදිසි සේවා සඳහා ප්‍රාන්‍ත පරිපාලනය සමඟ හොඳ සම්බන්ධීකරණයක් යෙදවීමේ සැලැස්මක් සකස් කරන ලෙස ඔහු එහිදී සිය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. එමෙන්ම ජී 20 ට සමගාමී ජාත්‍යන්තර හමු සහ රැස්වීම් මේවනවිට කාශ්මීරයේ දී ආරම්භ වී ඇති බවයි විදෙස් වාර්තා…

තව කියවන්​න

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇලබනීස් අතර හමුවක් අද සිදුව තිබෙනවා.ඒ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදීයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ඔස්ට්‍රේලියානු සංචාරයට සමගාමීව මෙම හමුව සිදුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් සහ එරට ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් ද සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ. සිඩ්නි නුවර අද්මිරාල්ටි මන්දිරයේදී සිදුවූ මෙම හමුවට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගෙන ඇත්තේ චාරිත්‍රානුකූල ගෞරව සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව වීම විශේෂත්වයක්. දෙරටේ සබඳතා ශක්තිමත් කර ගැනීම හා ගෝලීය මෙන්ම කලාපීය අර්බුද සම්බන්ධයෙන් එහිදී රාජ්‍ය නායකයින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තව කියවන්​න

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත පෙන්වා දෙනවා . ඒ අනුව අද ඩොලරයේ ගැණුම් මිල රුපියල් 297.98ක් ලෙස සටහන් වී තිබෙනවා . විකිණුම් මිල රුපියල් 311.23ක් .

තව කියවන්​න

ඇමෙරිකාවේ ණය සීමා සම්බන්ධයෙන් එරට ජනාධිපති ජෝ බයිඩන් හා රිපබ්ලිකන් නියෝජිතයින් අතර පැවති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වී තිබෙනවා. දෙපාර්ශවය අතර එකඟතාවයකට පැමිණ ණය සීමා ඉහළ දැමීමට අපොහොසත් වුවහොත් ඇමෙරිකා භාණ්ඩාගාරය තුළ මුදල් නොමැති තත්ත්වයකට පත් වන බවටයි ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා අනතුරු අගවන්නේ. ඇමෙරිකාවේ ණය සීමාව ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 31.4 ක පවතින බව විදෙස් වාර්තා පවසනවා. එමෙන්ම රජයේ ඉදිරි වියදම් කටයුතු සදහා මුදල් නොමැති වීම හේතුවෙන් ඇමෙරිකානු රජය දැඩි අපහසුතාවකට පත්ව සිටින බවද සදහන්.

තව කියවන්​න

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම අද  මධ්‍යම රාත්‍රී 12.00 සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, විභාගයට අදාළව උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම තහනම් වන බවයි  එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. ඊට අමතරව අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්නපත්‍ර මුද්‍රණය, ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට වු බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම ද සම්පූර්ණයෙන් ම තහනම් වනු ඇති. කිසියම් තැනැත්තෙකු හෝ ආයතනයක් මෙම නියෝග කඩ කරයි නම් හෝ උල්ලංඝණය කරයි නම් ඒ පිළිබඳව පැමිණිලි කළ හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. 2022 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය…

තව කියවන්​න