Author: VNews

පන්විල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන්ගේ නව නිපැයුම් ඇතුලත් විද්‍යා හා තාක්ෂණ අධ්‍යාපනික ප්‍රදර්ශනය එම පාසල් භූමියේදී දින 03 ක් පුරා පැවති අතර එම ප්‍රදර්ශනය නිරීක්ෂණය කිරීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා ඊයේ (24) කටයුතු කර තිබුණි. සියයකට අධික නිර්මාණ සංඛ්‍යාවකින් යුක්ත වු මෙම ප්‍රදර්ශනයේදී විද්‍යාව, සංස්කෘතිය, වාරි තාක්ෂණය, තොරතුරු තාක්ෂණය හා මාධ්‍ය තාක්ෂණය ඇතුලු අංශ ගණනාවක් නියෝජනය වන පරිදි මෙම නිර්මාණ සිසු දරු දැරියන් විසින් මෙම ප්‍රදර්ශනය සදහා ඉදිරිපත් කර තිබු අතර, භාෂා විකාශනය ද නිර්මාණාත්මක අයුරින් ඉදිරිපත් කර තිබුණි. ප්‍රදර්ශනය නිරීක්ෂණය කළ ආණ්ඩුකාරවරයා එම දරුවන්ගේ කුසලතා අගය කිරීමට කටයුතු කළ අතර ඇතැම් නිර්මාණ ඉතා…

තව කියවන්​න

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු පලාගොස් තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක , චන්දන ඒකනායක මහතා පැවසුවේ අදාළ රැදවියා ගාල්ල ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී පලාගොස් ඇති බවයි. ඔහු රෝහලේ 19 වන වාට්ටුවේ ප්‍රථිකාර ලබමින් සිට තිබෙනවා. මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවකට වරදකරු වී සිරදඩුවම් ලබමින් සිටි රැදවියෙකුයි මෙලෙස පලාගොස් ඇත්තේ.

තව කියවන්​න

පශු වෛද්‍යවරයෙකු නොමැති වීම නිසා කිරි ගව පාලනයේ නිරත වෙමින් ජීවිකාව සරිකර ගන්නා මස්කෙළිය ප්‍රදේශයේ ගොවීහු තම කර්මාන්තය අකර්මණ්‍ය වන බව පවසමින් මැසිවිලි නගති. දියර කිරි නිෂ්පාදනයට ඉහල ඉල්ලුමක් තිබුණ ද සතුන් රෝගී වු අවස්ථාවන්වල දී වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා දීමට මස්කෙළිය පශු වෛද්‍ය කාර්යාලයේ පශු වෛද්‍යවරයෙක් නොමැති නිසා සතුන් මියගිය අවස්ථා කීපයක් ඇති බව ප්‍රදේශයේ  කිරි ගොවීහු පෙන්වා දෙති . මස්කෙළිය පශු වෛද්‍ය කොට්ඨාශයේ ගවයින් සදහා ප්‍රතිකාර කිරිම මෙන්ම ගව අභිජනණය කිරිමේ කටයුතු සිදු නොවීම වැනි  දුෂ්කරතා රැසකට ගොවීහූ මුහුණ පා සිටිති. මස්කෙළිය පශු වෛද්‍ය නිලධාරීවරයාට  මාස කීපයකට පෙර ස්ථාන මාරුවීම් ලබාදී ඇති අතර ඒ සඳහා අනුප්‍රාප්තික  පශු…

තව කියවන්​න

යුපුන් අබේකෝන්, සැවෝනා ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 ධාවන ඉසව්වේ දෙවැනිස්ථානය දිනා ගෙන තිබෙනවා. එහි පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ මූලික වටයේදී යුපුන් අබේකෝන් දෙවැනි ස්ථානය දිනා ගත්තේ තත්ත්පර 10 යි දශම 0 යි 4 ක කාලයක් සටහන් කරමින්. ඒ අනුව ඔහු අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවා. මෙම තරගාවලිය ඉතාලියේ සැවෝනාහිදී පැවැත්වුන අතර අවසන් තරගයේදී ද යුපුන් අබේකෝන් දෙවැනිස්ථානය දිනා ගැනීමට සමත් වුණා. ඔහු එහිදී දැක් වූ දක්ෂතාවය සටහන් වූයේ, තත්ත්පර 10 යි දශම 0 යි 1 ක් ලෙසයි. ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගත්තේ, තත්ත්පර 9 යි දශම 9 යි 4 ක කාලයකින් තරගය අවසන් කළ එංගලන්තයේ රීස් ප්‍රෙස්කොඩ්…

තව කියවන්​න

පාර්ලිමේන්තුව කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (25) දිනයේදීත් ආරම්භ වුණා. මෙහිදි උදෑසන 9.30 සිට පස්වරු 12.30 දක්වා කාලය වෙන්කරනු ලැබුවේ පසුගිය 22 දා සිට විශ්‍රාම ගත් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාගේ සේවය ඇගයීමේ ප්‍රකාශ ඉදිරිපත් කිරීම සදහායි. ඉන් අනතුරුව පස්වරු 12.30 සිට පස්වරු 5 දක්වා 2023 අංක 25 දරණ මුදල් පනත යටතේ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගයක් ඇතු`ඵ නියෝග කිහිපයක් විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා. මේ අතර අද දින පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුදල් කාරක සභාවේ සභාපතිවරයා තෝරාපත් කර ගැනීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වා සිටියා. මේ අතර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදු කරන ලද…

තව කියවන්​න

ගතවූ දින දෙකක කාලය තුළ විස මත්ද්‍රව්‍ය භාවිත කරමින් බස් රථ ධාවනය කළ රියැදුරන් 15 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රියැදුරන් විස මත්ද්‍රව්‍ය භාවිත කරමින් බස් රථ ධාවනය කරන බවට ලද තොරතුරු මත බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් පොලිස් ස්ථාන 106ක නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම විශේෂ මෙහෙයුමක් සිදු කළ අවස්ථාවේදීයි. ඒ සඳහා බස් රථ 775ක් පක්‍ෂා කොට එම බස් රථවල රියැදුරන්ගේ ඛේටය පරීක්‍ෂා කිරීමෙන් මෙම රියැදුරන් 15 හඳුනාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. මෙලෙස විස මත්ද්‍රව්‍ය භාවිත කරමින් කොටු වූ රියැදුරන්ගේ මුත්‍රා සාම්පල පරීක්‍ෂා කර ඔවුන්ට එරෙහිව නඩු පවරන බව පොලිසිය සඳහන් කළා.

තව කියවන්​න

ජූලි මස 15වන දින වනවිට කොළඹ සිට කන්කසන්තුරේ දක්වා උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා . මාර්ගයේ සිදුවන අලු‍ත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මේ වන විය උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සිදුවන්නේ කොළඹ සිට අනුරාධපුරය දක්වා පමණයි. අනුරාධපුරයේ සිට වව්නියාව දක්වා මාර්ගයේ අලු‍ත්වැඩියා කටයුතු ලබන මස අවසන් කිරීමට මේ වන විට සැළසුම් කර තිබෙනවා . ඒ අනුව කොළඹ සිට යළිත් වරක් කන්කසන්තුරේ දක්වා දුම්රිය ධාවන කටයතු ආරම්භ කිරීමට හැකිවනු ඇති බව මහව – ඕමන්තේ දුම්රිය ව්‍යාපෘති අධ්‍යක්ෂක අශෝක මුණසිංහ මහතා පැවසුවේ.

තව කියවන්​න

ජපානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින එරට අගමැති ෆුමියෝ කිෂිඩා සහ හිටපු අගමැතිවරුන් වන  යොෂිහිඩේ සුගා යන මහත්වරු හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා . මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සම්බන්ධයෙන් එහිදී ජනාධිපතිවරයා කරුණු දක්වා ඇති අතර, ජපානයේ ආයෝජන යළි මෙරටට රැගෙන එන ලෙස ද ආරාධනා කර තිබෙනවා . මේ අතර, ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජපානය ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී සිය ප්‍රසාදය පළ කර ඇති බවද සදහන් .

තව කියවන්​න

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය හා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් සත්ත්ව ගොවිපොළවල පිරිමි කුකුළු පැටවුන් අවිධිමත් ලෙස බැහැර කිරීම අත්හිටුවන්නැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබෙනවා. කෘෂිකර්ම ඇමැතිවරයා පවසන්නේ මේ ගොවිපළවල සිටින පිරිමි කුකුළු පැටවුන් මසකට 5000ක් පමණ ඌරන්ට කෑමට ලබා දෙන බවට තමාට පැමිණිලි ලැබී ඇති බවයි. රටේ රැකියා විරහිත තරුණයන්ට සහ අඩු ආදායම්ලාභී පවුල්වලට මස් සඳහා කුකුළු පාලනයට මෙම සතුන් ලබා දීමට හැකියාව පවතින බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවා. මේ නිසා රජයේ සත්ත්ව ගොවිපොළෙන් මාසිකව බැහැර කරන පිරිමි කුකුළු පැටවුන් රැකියා විරහිත තරුණයන්ට සහ අඩු ආදායම්ලාභී පවුල්වලට ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස කෘෂිකර්ම…

තව කියවන්​න

තමන් සභාපති ධුරයෙන් ඉවත් කිරීම ජනතාව ලැබු පරාජයක් බව මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා පවසනවා. ඊයේ පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. තමන් නිසැකවම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි ජනක රත්නායක මහතා සදහන් කළේ.

තව කියවන්​න