Author: VNews

පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහීම් මහතා මන්ත්‍රී වරප්‍රසාද අවභාවිත කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් චෝදනා කරනවා. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යොමු කරමින් එම මන්ත්‍රීවරුන් ඉල්ලා සිටියේ අලි සබ්රි මහතාට එරෙහිව සුදුසු පියවරක් ගන්නා ලෙසයි. නීතිවිරෝධිව රත්‍රන් සහ ජංගම දුරකතන තොගයක් මෙරටට ගෙන ඒමේදී මන්ත්‍රිවරයා රේගු භාරයට ගෙන තිබුණා. රත්‍රන් කිලෝ 3ක් පමණ සහ ස්මාර්ට් දුරකතන 91ක් මන්ත්‍රීවරයා විසින් නීතිවිරෝධිව මෙරටට රැගෙනවිත් ඇති බවයි මෙහිදී අනාවරණ වුණේ. පසුව රුපියල් ලක්ෂ 75ක දඩමුදලක් ගෙවීමෙන් පසු අලි සබ්රි රහීම් මහතා මුදාහැර තිබුණා. මේ අතර මේ සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදීද අදහස් පළවුණා. එහිදී සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල්…

තව කියවන්​න

බලපිටිය අධිකරණය ආසන්නයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය පවසන්නේ අදාළ වෙඩි ප්‍රහාරයෙන් එක් අයෙක් තුවාල ලබා ඇති බවයි. තුවාල ලැබූ පුද්ගලයා ගුරුවරයෙකු බවටයි වාර්තා වන්නේ. මේ අතර අම්බලන්ගොඩ අඳාදොළ පන්සල පාර ප්‍රදේශයේදී ඊයේ(25) රාත්‍රී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවටයි වාර්තා වන්නේ. වෙඩි ප්‍රහාරයෙන් යතුරු පැදියට හානි සිදුව ඇති අතර කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවද වාර්තා වනවා.

තව කියවන්​න

එළැඹෙන පොහොසන් පොහොය දිනයට සමගාමීව දිවයින පුරා පැවැත්වීමට අපේක්ෂා කරන දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවට වාර්තා වනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති කේ.ඒ.පී. බොරලැස්ස මහතා කියා සිටියේ දන්සල්වල නිරීක්ෂණ කටයුතුද මේ වන විට ආරම්භ කර ඇති බවයි.

තව කියවන්​න

තෝරාගත් ගොවීන් පිරිසක් සඳහා නොමිලේ යූරියා පොහොර මිටියක් ලබාදීමේ වැඩසටහනක් මේ වන විට ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ හෙක්ටයාර භාගයට වඩා අඩු ගොවීන් සඳහා මෙම යූරියා පොහොර මිටිය හිමිවන බවයි. මෙ වන විට අදාළ වැඩසටහන දිවයිනේ දිස්ත්‍රික්ක හතක ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා පවසන්නේ. එසේම හේකටයාරයකට රුපියල් විසි දහස බැගින් ලබාදීමේ වැඩසටහනද මේ විට ආරම්භ කර ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

අභිරහස් ලෙස මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය පිළිබද දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය අද (26) සිදුකිරීමට නියමිතව තිබෙනවා. අධිකරණය නියෝගයක් මත ඔහුගේ දේහය දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සදහා ඊයේ (25) යළි ගොඩගනු ලැබුවා. ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසුරිය මහත්මිය සහ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව සෙවීම සදහා පත්කළ විශේෂ පංච පුද්ගල අධිකරණ වෛද්‍ය මණ්ඩලය ඉදිරියේදීයි. ගොඩගනු ලැබු ෂාෆ්ටර් මහතාගේ දේහය වෝහාරික පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙනගොස් තිබුණා. මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පංච පුද්ගල අධිකරණ වෛද්‍ය මණ්ඩලය මරණය සිදුවු දිනයේ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මෝටර් රථය නවතා තිබු ස්ථානය ද නිරීක්ෂණය කළා. පොලිසිය පැවසුවේ දිනේෂ් ෂාෆ්ටර්…

තව කියවන්​න

අ.පො.ස සාමාන්‍ය පෙළ  විභාගය සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් විසින් විදුහල්පතිවරුන් වෙත දැනුම්දීමක් සිදුකර තිබෙනවා. එහි දැක්වෙන්නේ අදාළ විභාගයේ ප්‍රවේශපත්‍ර කිසිදු හේතුවක් මත විදුහල්පතිවරුන් විසින් විභාග අපේක්ෂකයින්ට ලබානොදී රඳවාගැනීම සිදුනොකළ යුතු බවයි . යම් අපේක්ෂකයෙකුට ප්‍රවේශපත්‍ර නොලැබීමෙන් විභාගයට පෙනී සිටීමට නොහැකි වුවහොත් එහි සම්පූර්ණ වගකීම විදුහල්පතිවරයා විසින් භාරගත යුතු බවද විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළා.

තව කියවන්​න

හිරෝෂිමා නුවරදී G7 නායකයින් ගත් තීරණ පිළිබඳව ශ්‍රී ලංකාව සිය ප්‍රසාදය පළ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බෙදීම් ප්‍රතික්ෂේප කිරීමටත්, ආර්ථික ඔරොත්තුදීම් සහ සුරක්ෂිතතාව සඳහා උපාය මාර්ග වෙනුවෙන් අදාළ තීරණවලට එළැඹ ඇති බවයි ජපානයේ නික්කෙයි සමුළුව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ . G7 කණ්ඩායම, සංවර්ධන වෙමින් පවතින රටවල් ඇතුළු ගෝලීය හවුල්කරුවන් සමග සංවාදයේ යෙදීමට සහ සහයෝගීතා ප්‍රවේශයක්  අනුගමනය කිරීමට එකඟවී ඇතැයි ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, ඒ සඳහා ලෝක වෙළෙඳ සංවිධානයේ නීතිපාදක බහුපාර්ශවික වෙළෙඳ ක්‍රමය අනුගමනය කිරීම සුදුසු බවයි. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ජපානයේ මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි ද හමු වී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය…

තව කියවන්​න

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා එම තනතුරින් ඉවත් කිරීම සම්බන්දව අද දිනයේදී ද විවිධ පාර්ශව සිය අදහස් පල කළා. පුජ්‍ය අතුරලියේ රතන හිමියන් සඳහන් කලේ සභාපතිවරයා එම තනතුරින් ඉවත් කරනු ලැබුවේ විදුලිබල අමාත්‍යවරයාට අවශ්‍ය පරිදි ක්‍රියා කරන පුද්ගලයකු එම තනතුර සඳහා පත් කර ගැනීමේ අවශ්‍යතාව මත බවයි. සභාපතිවරයා දේශපාලනිකරනය වූ පුද්ගලයකු ලෙස සලකා එම තනතුරින් ඉවත් කලේනම් එම තනතුර සඳහා ස්වාධීන සභාපතිවරයකු පත් කර පෙන්වන්නැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික සංවිධායක සංජීව ධම්මික මහතා අමාත්‍යවරයාට අභියෝග කළා.

තව කියවන්​න

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (25) දිනයේදී රුපියල සුළු වශයෙන් ශක්තිමත් වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකයන්ට අනුව ඩොලරයක විකුණුම් මිල අද දිනයේදී සටහන් වුයේ  රුපියල් 310 යි ශත 95 ක් ලෙසයි. එහි ගැණුම් මිල රුපියල් 297 යි ශත 60 ක් ලෙසින් සටහන් වුනා.

තව කියවන්​න

ආර්ථිකයේ සියලු පාර්ශ්වකරුවන්ගේ යහපත වෙනුවෙන් මෙරට ආර්ථිකය යළි ප්‍රකෘතිමක් කරලීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අඛණ්ඩව පියවරගන්නා බව මහ බැංකු අධිපති ආචාර්ය නන්නදලාල් වීරසිංහ මහතා අවධාරණය කරනවා. කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය. ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය එක්වී සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය සහ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ ජාතික කථිකාවත අද  පෙරවරුවේ ආරම්භ වුනා. එහි දී අදහස් දක්වමිනුයි මහා බැංකු අධිපතිවරයා මෙම අදහස් පල කලේ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  මහ බැංකු අධිපති ආචාර්ය නන්නදලාල් වීරසිංහ මහතා සඳහන් කලේ උද්ධමනය ඉහළ යාම සහ ගෙවුම් ශේෂ හිඟය පාලනය කිරීම සඳහා තීරණාත්මක පියවර ගැනීම…

තව කියවන්​න