Author: VNews

රට ගොඩනැගීමට නම් රටේ අයවැය මෙන්ම පවතින ඩොලර් සංචිත ද ආරක්ෂා කරගනිමින් කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

තව කියවන්​න

නියමිත කාලයට අනුව ජනාධිපති මැතිවරණයක් පැවැත්වෙනු ඇති බව වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. මහනුවරදී මාධ්‍යට අදහස් දක්වමින් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළා. රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපතිවරයට තරග කළහොත් ඔහුට සහය ලබා දෙන බවයි වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සදහන් කළේ.

තව කියවන්​න

පොල්ගෙඩි 20ක් සොරකම් කිරීමේ චෝදනාවකට වරදකරු වු පුද්ගලයෙකුට අත්හිටුවු සිරදඩුවම් නියම කර තිබෙනවා. මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබා දුන්නේ. විත්තිකරුට වසරක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කළ මහසේත්‍රාත්වරයා නියෝග කළේ එය වසර 10කට අත්හිටුවනු බවයි. ඉදිරි වසර දහය තුළ යහපත්ව කටයුතු කරන ලෙස මහසේත්‍රාත්වරයා විත්තිකරුට අවවාද කර තිබෙනවා. දිවුලපිටිය ප්‍රදේශයේ වත්තකට ඇතුළු වී පොල්ගෙඩි 20ක් සොරකම් කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබුණා.

තව කියවන්​න

කළුතර ලැගුම්හලක ඉහළ මහළකින් ඇද වැටී පාසල් සිසුවියක් මියයාමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ මියගිය පාසල් දැරියගේ 19 හැවිරිදි මිතුරිය, ඇගේ පෙම්වතා සහ ප්‍රධාන සැකකරුගේ රියදුරා අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට යළි ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා. එමෙන්ම පාසල් සිසුවියන් කිහිපදෙනෙකු අපයෝජනය කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි උපකාරක පංති ගුරුවරයා මෙන්ම කළුතර – පයාගල ප්‍රදේශයේ විහාරස්ථානයක එකොලොස් හැවිරිදි සාමනේර හිමිනමක් අපයෝජනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් සහ තවත් භික්ෂුන් වහන්සේ දෙනමද අද යළි කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි. මේ අතර, කළුතර දිස්ත්‍රීක්කයේ පාසල් සිසුන් සදහා ලිංගික සෞඛ්‍ය අධ්‍යාපන පිළිබඳව දැනුවත් කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට සැළසුම්…

තව කියවන්​න

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාට එරෙහි නඩුවක් නිශ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. ශ්‍රී දළදා මාලිගාවේ අයවැය ගිණුම් නිසිලෙස ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් හිටපු බස්නායක නිලමේ වරයෙක් විසින් මෙම නඩුව පවරා තිබුණා. කෙසේවෙතත් අදාළ නඩුවේ නඩු ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂයක මුදලක් ප්‍රදීප් නිලංග දෑල මහතාට ගෙවන ලෙස අදාළ හිටපු බස්නායක නිලමේවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. මේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබද අදහස් දැක්වු ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා.

තව කියවන්​න

එලිසබෙත් මහ රැජින ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබද තොරතුරු හෙළි වී තිබෙනවා. අමෙරිකාවේ එෆ්.බී.අයි සංවිධානය විසින් වසර 40කට පසුවයි මෙම අනාවරණය සිදුකර ඇත්තේ. 1983 වසරේදී බ්‍රිතාන්‍යයේදී දෙවන එලිසබෙත් මහ රැජිණ ඇමෙරිකාවේ සැන්ප්‍රැන්සිස්කෝ වෙත සංචාරයක් සදහා පැමිණ තිබුණා. එහිදී ඇයව ඝාතනය කිරීමට සැලසුමක් පැවැති බවයි එෆ්.බී.අයි ආයතනය අනාවරණය කර ඇත්තේ. මෙම ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අයර්ලන්ත ජාතිකයෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් සදහා වෙනත් බාහිර ආයතන යොදාගන්නා බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව සිනොපෙක් ෆුවල් ඔයිල් ලංකා සමාගම පවසනවා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම මේ බව සදහන් කළා. මෙරට තුළ ක්‍රියාත්මක ඉන්ධන පිරවුම්හල් හෝ එම ව්‍යාපාරය සදහා තුන්වන පාර්ශවයක් සම්බන්ධ කරගෙන නොමැති බවයි එම සමාගම ප්‍රකාශ කළේ. එමෙන්ම සිය ඉන්ධන පිරවුම්හල් සේවා බලපත්‍ර අයිතිය වෙනත් කිසිදු පාර්ශවයකට පැවරීමට කටයුතු නොකරන බව ද සිනොපෙක් ෆවුල් ඔයිල් ලංකා සමාගම අවධාරණය කර තිබෙනවා.

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර සහ ඌව පළාත්වලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 45 ත් පමණ දක්වා වැඩිවිය හැකි බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

තව කියවන්​න

ආනයන සදහා පනවා ඇති සීමාවන් ඉදිරියේදී ක්‍රමානුකුලව ලිහිල් කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. උද්ධමනය පාලනයකින් තොරව ඉහළ යාම වැළැක්වීම සදහා තීරණාත්මක පියවර රැසක් ගැනීම සිදුවු බවයි නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දුන්නේ. පවතින තත්ත්වය වැඩිදියුණු කර ගැනීමත් සමග ප්‍රාග්ධන ගනුදෙනු සදහා පවතින සීමාවන්ද ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව ද මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සදහන් කළා.

තව කියවන්​න

නැනෝ දියර පොහොර ආනයනයේදී යම් දූෂණයක් සිදුව ඇත්දැයි සොයා බැලීමට විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත උසස් නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවත් පත් කිරීමට තීරණය කළ බවයි. කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. චීන කාබනික පොහොර නැවට මුදල් ගෙවීම සහ නැනෝ පොහොර ආනයනය කිරීම මගින් රටේ කෘෂිකර්මාන්තයට කිසිදු ප්‍රයෝජනයක් අත්නොවු බවයි මහින්ද අමරවීර මහතා සදහන් කළේ. මේ සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති පෙත්සම් සහ විගණාකාධිපති වාර්තාව සැලකිල්ලට ගෙන පුළුල් විමර්ශනයක් සිදුකරන බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළා.

තව කියවන්​න