Author: VNews

ලෝක නායකයින් හට අවවාද උපදෙස් ලබාදෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ ආණ්ඩුව හදාගැනීමට නොහැකිව රටේ වංචා දූෂණ ඉහළ ගොස් ඇති බව සමඟ ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා . ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ අද කොළොඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් . මේ ඒ පිළිබදව වැඩි දුරටත් අදහස් පළකල පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා.

තව කියවන්​න

පෑලියගොඩ පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් නිලධාරියෙකු සහ තවත් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. පොලිසිය පැවසුවේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට නොගැනීම හේතුවෙන් ඔවුන්ගේ වැඩ තහනම් කළ බවයි. එමෙන්ම අදාළ උප පොලිස් පරීක්ෂකවරයා මාර්ගයේ තිබු ජංගම දුරකතන අඩංගු පෙට්ටි 13ක් පොලිසියට නොදන්වා ළග ගෙන ඇති බව පොලිසිය සදහන් කළා.

තව කියවන්​න

තරුණ යුවළක් පැහැරගෙන යමින් සිටි පුද්ගලයින් හයදෙනෙකු දෙමටගොඩදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය නිලධාරීන් විසිනුයි ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ. වත්තල ප්‍රදේශයේ පදිංචි තරුණියක සහ මාකොළ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු මෙලෙස ත්‍රිරෝද රථයකින් සහ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් පිරිසක් පැහැරගෙන ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව දෙමටගොඩ වේළුවනාරාම විහාරස්ථාන ඉදිරිපිටදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.

තව කියවන්​න

අධි අවදානම් තත්වයක් ඇති බවට හදුනාගෙන ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු පරීක්ෂා කිරීම සහ කීට මර්දන ද්‍රව්‍ය යෙදීම පිනිස ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීම ගම්පහ නගරයේදී ආරම්භ කර තිබෙනවා . මෙහිදී උපකාරක පන්ති ඇතුලු ස්ථාන කිහිපයක මඳුරු කීටයන් සිටින බවට හඳුනාගෙන ඇති බව සදහන් . පළමුව නිරීක්ෂණ ඩ්‍රෝන කැමරා මගින් ඉහල ගොඩනැගිලිවල මඳුරුවන් බෝවන ස්ථාන හදුනා ගැනීම සිදු කරමින් කීට නාශක යෙදීම සිදු කිරීම මෙහිදී සිදු කර තිබෙනවා . ඉහල ගොඩනැගිලිවල මඳුරුවන් බෝවන ස්ථාන ගණනාවක්ම මෙම පරීක්ෂාවේදී හඳුනා ගත් අතර එම සියලුම ස්ථානයන්හි හිමිකරුවන්ට අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඉදිරි කටයුතු කෙරෙන බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රෝහණ රණසිංහ මහතා පවසනවා .

තව කියවන්​න

රතු මුහුද ආශ්‍රිත ප්‍රදේශයේ මුහුදු ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු මියගොස් තිබෙනවා. ඔහුගේ දේහය ඊයේ පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට රැගෙනවිත් තිබුණා. ඕමානයේ සහ ඊජිප්තුව අතර අතර මුහුදු ප්‍රදේශයේ ගමන් ගන්නා නෞකා වෙත ආරක්ෂාව සැපයීම සදහා මෙරට පුද්ගලික ආරක්ෂක ආයතනයක් වෙනුවෙන් මොහු පිටත්ව ගොස් තිබෙනවා.

තව කියවන්​න

ජාතික ජල සම්පාදන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා. ජල ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙන්නේ. මේ තත්ත්වය හමුවේ ජල සැපයුම අඩු පීඩනයක් යටතේ සිදුකිරීමට හෝ ජල සැපයුම අඩාල විය හැකි බව ද ජල සම්පාදන මණ්ඩලය පවසනවා. ජලය රැස්කර භාවිත කරන ලෙසයි ජල සම්පාදන මණ්ඩලය ජනතාවට දැනුම් දෙන්නේ.

තව කියවන්​න

නැගෙනහිර යුක්රේනයේ ඩිනිප්‍රෝ නගරයේ වෛද්‍ය සායනයකට රුසියානු මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. යුක්රේන ජනාධිපතිවරයා පවසන්නේ මෙය රුසියාවේ සාහසික ක්‍රියාවක් බවයි. රුසියාවෙන් එල්ල කළ මිසයිල ප්‍රහාර 17ක් එක් රැයක් තුළ ව්‍යර්ත කළ බව යුක්රේන ආරක්ෂක අංශ සදහන් කළා.

තව කියවන්​න

අබුඩාබි ප්‍රදේශයේ සංචාරක හෝටලයක ඇති වු ගින්නකින් ශ්‍රී ලාංකික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කළේ ඇය සමඟ ගින්නට හසුවු තවත් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇති බවයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇතතේ 2021 වසරේ සංචාරක වීසා මත රැකියාවක් සදහා පිටත්ව ගොස් සිටි තරුණියක්. ඇයගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටිනවා.

තව කියවන්​න

අවිස්සාවේල්ල තල්දුව ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබු පුද්ගලයෙකු අවිස්සාවේල්ල මහ රෝහලට ඇතුලත් කළ බව පොලිසිය සදහන් කළා. යතුරු පැදියකින් පැමිණි, මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා. මෙය දෙපිරිසක් අතර කලක සිට පවතින ආරවුලක් මත සිදුවුවක් බවයි පොලිසිය සදහන් කළේ. අවිස්සාවේල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා. මේ වසරේ මේ දක්වා වෙඩි තැබීම් 26ක් වාර්තා වී ඇති බව පොලිසිය පවසනවා. මේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබද අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා. වෙඩි තැබීම් පාලනය සදහා පොලිසිය ගෙන යන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව…

තව කියවන්​න

ජර්මන් චාන්සලවරයා රුසියානු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවකට සුදානම්වනවා. සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජර්මන් චාන්සලවරයා මේ බව ප්‍රකාශ කළා. තම අරමුණ යුක්රේණයට සහය ලබා දීම වුවද නේටෝව සහ රුසියාව අතර සෘජු ගැටුමක් ඇතිවීම වැළැක්විය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

තව කියවන්​න