- තංගල්ලේ නිවසකින් මළ සිරුරු දෙකක් – මියගිය ගණන 3 දක්වා ඉහළට
- සම්පත් මනම්පේරි සැඟවූ ආයුධ මිද්දෙනියෙන් හමු වෙයි
- ශෂින්ද්‍ර රාජපක්ෂ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
- නාන තටාකයෙන් නිමවූ තරුණ ජීවිතය
- ආසියානු කුසලානයේ සුපිරි හතර වටයේ පෙරමුණ ඉන්දියාවට
- නිදන් සෙවූ කාන්තාවක් අත්අඩංගුවට
- සිරියාවේ පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කෙරේ
- ජනපති අනුර අද ඇමරිකාවට
Author: VNews
ඓතිහාසික මහියංගන පුද බිම පූජා භූමියක් ලෙස නම් කිරීමේ සන්නස්පත්‍ර ප්‍රදානය කිරීමේ රාජ්‍ය උත්සවය ඊයේ පැවැත් වුණා. එහිදී මහියංගනය පුද බිම පූජා භූමියක් වශයෙන් ලියාපදිංචි කරන ලද සන්නස්පත්‍රය සංඝ රත්නය වෙත පිරිනැමුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්. මේ අතර, මහියංගන චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීම, පූජා භූමියේ පවතින විල්ලුවපිටිය වැව මධ්‍යයේ පිහිටි ශ්‍රී ලංකාවේ විශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කිරීම ආදි පිංකම් කිහිපයක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින සිදු කෙරුණා.
බෞද්ධ දර්ශනයට සහ සංස්කෘතියට අපහාස වන ලෙස ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නතාෂා එදිරිසූරිය ලබන මස 07වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම සැකකාරිය කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත ඊයේ දිනයේ ඉදිරිපත් කළ අතර, එහිදී මෙම නියෝගය ලබා දීමටයි කටයුතු කළේ. ජයනි නතාෂා එදිරිසූරිය නැමති මෙම කාන්තාව විදේශගතවීමට පැමිණි විට අත්අඩංගුවට ගන්නා ලෙස පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කටුනායක ආගමන විගමන නිලධාරින්ගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබුණා. ඒ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා පොලිස්පතිට කළ පැමිණිල්ලක් අනුවයි. ඒ අනුව ඇය ඊයේ අලුයම විදෙස්ගතවීමට සැලසුම්කර තිබියදී අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අතර මෙම ප්‍රකාශය මෙන්ම දේවගැති ජෙරම්…
රාජාංගණයේ සද්ධාරතන හිමියන් අද ( 29) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ආගමික සහජීවනයට බාධාවන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීමේ චෝදනාවටයි. පොලිසිය පවසන්නේ අනුරාධපුර ප්‍රදේශයේදී උන්වහන්සේව අත්අඩංගුවට ගත් බවයි. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් වීඩියෝ පටයක් පළ කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට ඊයේ (28) වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගය අද (29) දිනය දක්වා කල් දැමීමට තරග විනිසුරුවන් තීරණය කළා. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිතව තිබූ අතර, තරගය මෙරට වේලාවෙන් ඊයේ පස්වරු 7.30යි ආරම්භවීමට නියමිතව තිබුණේ. කෙසේ වෙතත් තරගයේ කාසියේ වාසිය හෝ උරගා බැලීමට වාර්ෂාව හේතුවෙන් අවස්තාව හිමි වූයේ නැහැ. එහිදී තරගයේ අමතර දිනයක් ලෙස අද දිනය නම් කළ අතර, පසුව කඩින් කඩ වර්ෂාව පැවතීම හේතුවෙන් තරගය අද දිනය දක්වා කල් දැමීමටයි තීරණය කළේ. ඒ අනුව අද දිනයේ තරගය මෙරට වේලාවෙන් පස්වරු 7.30ට ඉන්දියාවේ අහමදාබාද්හී පිහිටි…
අද ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. විභාගය අද සිට ජුනි 08 වනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 3568ක දී පැවැත් වීමටයි සැලසුම් කර ඇත්තේ. විභාගය සඳහා මෙවර අපේක්ෂකයන් 472,553ක් පෙනී සිටීමට නියමිතයි. විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 536ක් පවතිනවා. පාසල් අයදුම්කරුවන් 394,450 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 78,103 දෙනෙකු ඊට අයත්. ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන නිලධාරීන් 35,000කට අධික සංඛ්‍යාවක් විභාග රාජකාරී සදහා යොදවා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා. මේ අතර විභාගය ආරම්භ වී මිනිත්තු 30 කට පසු කිසිදු අපේක්ෂකයෙකුට විභාග මධ්‍යස්ථාන වෙත ඇතුළු වීමට ඉඩ ලබා නොදෙන…
ලබන මාසයේ සිට ඉන්ධන කෝටාව දෙගුණයකින් ඉහළ දැමීමට හැකිවනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා . අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව එම සංශෝධනයද සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි . අද පැවති ජන හමුවකට එක්වෙමින් කංචන විජේසේකර අමාත්‍යවරයා එම අදහස් පළකලා .
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් එරට අමෙරිකානු තානාපති එරික් ගාර්සෙට්ටි සහ එරට නේපාල තානාපති ශංකර් පී ෂර්මා හමුවී තිබෙනවා. එම රටවල් ද්විත්වය සහ ඉන්දියාව අතර පවතින සබඳතාවයේ ප්‍රගතිය පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉන්දියාව, අමෙරිකාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව අතර ආරක්ෂක සන්ධානයක් වන Quad එකමුතුව පිළිබඳ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා එරට අමෙරිකානු තානාපතිවරයා සමග සාකච්ඡා කර තිබෙනවා. ඉන්දු – අමෙරිකානු සබඳතා ශක්තිමත්ව වර්ධනය වන බවට විශ්වාස බවයි එම හමුවෙන් අනතුරුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් නිකුත් කළ ට්විටර් සටහනක සඳහන්ව ඇත්තේ. මේ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් සහ එරට නේපාල තානාපති ශංකර්…
ප්‍රහසන වැඩසටහනක් අතරතුර බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීමේ චෝදනා මත, නතාශා එදිරිසූරිය මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේනවා. පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, සිංගප්පූරුව බලා පිටත්ව යාමට අද අලුයම කටුනායක ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේ, ඇයව අත්අඩංගුවට ගත් බවයි. මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇයගෙන් ප්‍රශ්න කරමින් සිටින බව, පොලීසිය සඳහන් කළා . 32 හැවිරිදි නතාශා එදිරිසූරිය මහත්මිය බුදු දහමට අපහාස වන ආකාරයෙන් කළ ප්‍රකාශ, පසුගිය දිනවල සාමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහකට ලක් උනා.
වයස අවුරුදු 06ක පාසල් දැරියකට අතවර කළ බව කියන යුද හමුදා කෝප්‍රල්වරයෙකුට වසර 15ක බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කර තිබෙනවා. වව්නියාව මහාධිකරණය විසිනුයි මෙම නියෝගය ලබා දුන්නේ. එමෙන්ම අගතියට පත් පාසල් දැරියට රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් ගෙවන ලෙස ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා. එම දඩ මුදල නොගෙවන්නේ නම් සිර දඩුවම තවත් වසර තුනකින් දීර්ඝ කිරීමට ද නියෝග කර තිබෙනවා.
ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද ආධුනික බොක්සිං තරගාවලිය 2023 මැයි 24 සිට 26 කොළඹ රාජකීය විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේ බොක්සිං වළල්ලේදී (Royal MAS Boxing Arena) මෙම තරඟාවලිය පැවැත්විනි. මේ සඳහා දිවයිනේ ප්‍රකට බොක්සිං ක්‍රිඩා සමාජ රැසක් හා ශ්‍රීලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 26 ක් සහභාගී විය. කිලෝ ග්‍රෑම් 51, 57 , 60, 63.5, 92 සහ 92 ට වැඩි, යන බර පංති යටතේ පිළිවෙලින් තරගාවලියට සහභාගී වූ බලපාබල එස්. අයි රන්මල්, නායක පාබල වී.එම්.එම් දීප්තිවර්ධන, බලනැවි ජේ.පී කෞෂල්‍ය සහ බලනැවි පී.ඒ.ර්.එල් විනෝද් යන ක්‍රීඩකයින් රන් පදක්කම් දිනාගැනීමට සමත් වූ අතර කිලෝ ග්‍රෑම් 48, 50, 60, 81 යන බර පංති යටතේ පිළිවෙලින් තරගාවලියට සහභාගී වූ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222