Author: VNews

ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 350 ක ණය මුදලක් අනුමත කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායී කිරීම සදහා මෙම ණය මුදල අනුමත කර ඇති බවයි ආසියානු සංවර්ධන බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. එම ණය මුදල ප්‍රතිපත්තිමය කරුණු මත අයවැය ශක්තිමත් කිරීම සදහා ලබා දී තිබෙනවා. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට සපයන ලද විස්තීරණ ණය පහසුකම හා සම්බන්ධ වනවා. ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා පැවසුවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකා ජනතාවට මුහුණ දීමට සිදු වී ඇති තත්වය ගැන සැලකිලිමත් වන බවයි.

තව කියවන්​න

අත්අඩංගුවට ගත් රාජාංගනයේ සද්ධාරතන හිමියන් ජූනි මස 07 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. උන්වහන්සේ අද (29)  කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබා දි ඇත්තේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රාජාංගණයේ සද්ධාරතන හිමි ඊයේ රාත්‍රීයේ අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන්. උසාවියට ඉදිරිපත් කිරිමට පෙර දැක්වූ අදහස් පහතින් නරඹන්න. උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසුව දැක්වූ අදහස්

තව කියවන්​න

පොසොන් උත්සවය වෙනුවෙන් බැතිමතුන්ගෙන් විශාල දායකත්වයක් ලැබෙමින් පවතින බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වරවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් පවසනවා. උන්වහන්සේ සදහන් කළේ මිහින්තලා රජමහා විහාර ගිණුමට බැතිමතුන්ගෙන් ලක්ෂ 50 කට වැඩි මුදලක් ලැබී ඇති බවයි. මාධ්‍ය හමුවක් පවත්වමින් මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන් අද මේ බව පැවසුවා.

තව කියවන්​න

මෙම මාසයේ මුල් දින 20 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් ප්‍රමාණය 57,000 ඉක්මවා තිබෙනවා. ඒ අනුව මුල් දින විස්ස තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 57,142 ක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. මෙලෙස පැමිණි සංචාරකයින්ගෙන් වැඩි පිරිසක් ඉන්දීය ජාතිකයින් වන අතර සෙසු පිරිස ජර්මනිය, රුසියාව, බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව සහ චීනය යන රටවලින් පැමිණ තිබෙනවා. එමෙන්ම මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව හාරලක්ෂ 98,319 ක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.

තව කියවන්​න

උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය හෙනේපොළ ගුණරත්න නාහිමියන් වෙත උපහාර පිදීම පිණිස ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය මගින් සමරු මුද්දරයක් නිකුත් කර තිබෙනවා. බෞද්ධ දර්ශනය නගාසිටුවීම වෙනුවෙන් ලොව පුරා ධර්මය ප්‍රචාරය කරමින් කටයුතු කරන උන්වහන්සේ කෘති රැසක් ද මේ වන විට පළකර තිබෙනවා. මේ හේතුවෙනුයි උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය හෙනේපොළ ගුණරත්න නාහිමියන් වෙනුවෙන් මෙම උපහාර මුද්දරය නිකුත් කිරීමට තීරණය කර ඇත්තේ. එළඹෙන ජුනි මස 04 වන දා සවස 4 ට හරිත විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී මෙම සමරු මුද්දරය නිකුත් කිරීමට නියමිතයි. මෙම අවස්ථාවට සහභාගි වන ලෙස හැකි සියලු දෙනාට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ…

තව කියවන්​න

අධ්‍යනය පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (29)  දින ආරම්භ වුණා. මෙවර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3568 කදී පැවැත්වෙනු ඇති. ඒ සදහා අපේක්ෂකයින් හාර ලක්ෂ හැත්තෑ දෙදහස් පන්සිය පනස් තුන් දෙනෙකු පෙනී සිටීමට නියමිතව ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සදහන් කළේ. මේ අතර මෙවර විභාගය සදහා බන්ධනාගාරගත රැදවියන් දස දෙනෙකු පෙනී සිටින බවයි එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා කියා සිටියේ. එමෙන්ම විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ සිසු සැරිය බස්රථ සේවාව ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව තීරණය කරනු ලැබුවා. මේ ඒ පිළිබදව අදහස් පළකළ ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති එල්.කේ.ඩී.අල්විස් මහතා. මේ…

තව කියවන්​න

බන්ධනාගාර රැඳවියන් 10 දෙනකු අද ආරම්භ වන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින බව බන්ධනාගාර මූලස්ථානය  පවසනවා . මෙම පිරිස අතර වටරැක බන්ධනාගාරයේ රැඳවියන් පස් දෙනකු සහ, වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පස් දෙනකු සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශ කර අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් චන්දන ඒකනායක මහතා පැවසුවා. මොවුන් වටරැක සහ මැගසින් යන බන්ධනාධනාගරාවල ස්ථාපිත කර ඇති මධ්‍යස්ථානවල සිට මෙම විභාගයට පෙනී බවද ඔහු සදහන් කලා . මෙම දසදෙනා අතර ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබූ පුද්ගලයකු ද සිටින බව සදහන්.

තව කියවන්​න

චීනය සිය පළමු සිවිල් ගඟනගාමියා එළැඹෙන අඟහරුවාදා දිනයේ දී අභ්‍යවකාශ ගත කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ කාර්ය මණ්ඩල මෙහෙයුමක කොටසක් ලෙසින් බවටයි වාර්තා වන්නේ.  අදාළ ගඟනගාමියා Tiangong  අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යැවීමට නියමිත බවයි CMS ඒජන්සිය පවසන්නේ. තෙක් අභ්‍යවකාශයට යවන ලද සියලුම චීන ගඟනගාමීන් මහජන විමුක්ති හමුදාවේ කොටස්කරුවන් බවද විදෙස් මාධ්‍ය  වාර්තා කරනවා. අණදෙන නිලධාරියා ලෙස ජිං හයිපෙන්ග් කටයුතු කරන අතර අතර තුන්වන කාර්ය මණ්ඩල සාමාජිකයා ෂු යැංෂු කටයුතු කරනු ලබනවා. ඔවුන් අඟහරුවාදා පෙරවරු 9.31 ට වයඹ දිග චීනයේ ජි ක්වෑන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් ගුවන් ගත වීමට නියමිත බව CMS ඒජන්සිය පවසනවා. චීනය සඳ මත කඳවුරක් ඉදිකිරීමට…

තව කියවන්​න

මෙල්බර්න් නගරයේ ඇති වූ භූමිකම්පාවෙන් අනතුරුව පසු කම්පන අවදානම ගැන මෙල්බර්න් නගරයේ ජනතාවට අද උදෑසන අනතුරු අඟවා තිබෙනවා. ඊයේ රාත්‍රී 11.40ට පමණ ද වයඹදිග සන්බරි උපනගරයේ කිලෝමීටර් 3ක් ගැඹුරට රිච්ටර් මාපක 3.8ක භූ කම්පනයක් ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙම භූ කම්පනය සන්බරි සිට ටස්මේනියාවේ හෝබාර්ට් දක්වා සහ ඇඩිලේඩ් හි එස් ආර් සි දක්වා ද දැනී ඇති බවයි වාර්තා වන්නේ. අද උදෑසන වික්ටෝරියා ප්‍රාන්ත ගොඩනැගිලි කිහිපයකට සිදු වූ හානිය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා හදිසි සේවා කැඳවීමට ද කටයුතු කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එරට හදිසි සේවාවන්, අවදානම් කළාපවල ජීවත්වන ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ පසු කම්පන තත්වයන්ට මුහුණදීමට…

තව කියවන්​න