Author: VNews

ඉන්ධන කෝටාව ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමා තිබෙනවා ඒ අනුව යතුරුපැදියක් සඳහා සතියකට දැනට නිකුත් කරන පෙට්‍රල් ලීටර 7 ලීටර 14 ක් දක්වා ඉහළ දමා තිබෙනවා . විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ මගී ප්‍රවාහනය සඳහා ලියාපදිංචි ත්‍රීරෝද රථයකට සතියකට හිමිවන ඉන්ධන ලීටර 15, ලීටර 22 ක් දක්වා ද ඉහළ දැමූ බවයි. වෙනත් ත්‍රීවිල් සඳහා පැවැති ලීටර 8 ක කෝටාව ලීටර 14 ක් දක්වා ද, කාර් රථයක් සඳහා පැවැති ඉන්ධන ලීටර 30 ක කෝටාව ලීටර 40 ක් දක්වා ද, ඉහළ දැමූ බව ද අමාත්‍යවරයා පැවසුවා. බස් රථ සඳහා මෙතෙක් පැවැති ඉන්ධන ලීටර 60 ක ප්‍රමාණය ලීටර 125…

තව කියවන්​න

අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කිසිදු පාසලකට විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ දී බාහිර පාර්ශවයන්ට අතු`ඵ වීම තහනම් කර තිබෙනවා. විභාගයට අදාළ ලිපි ද්‍රව්‍ය හැර වෙනත් කිසිදු පත්‍රිකාවක් සිසුන් අතර බෙදා හැරීම නොකළ යුතු බවට විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා දැනුම් දී ඇති බව වාර්තා වනවා. මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අගෝස්තු මාසය පමණ වන විට ලබා දීමට කටයුතු කරන බවට විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා.

තව කියවන්​න

කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි සියලුම සුරා බදු බලපත්‍ර ලත් සුරා සැල් ජූනි 19 වන දා සිට ජූලි 04 වන දා දක්වා කාලය තුළ වසා තැබීමට අනුමැතිය ලැබී තිබෙනවා. ඒ අනුව රුහුණු කතරගම දේවාලයේ ඇසළ උත්සවය සදහා සහභාගි වීමට පැමිණෙන බැතිමතුන්ට මත්පැන් සහ මත්ද්‍රව්‍ය මෙම පූජා භූමිය තුළට ගෙන ඒම තහනම් වනවා. මේ අතර එම ප්‍රදේශය අවට සිදු වන මත්ද්‍රව්‍ය සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සදහා මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබෙනවා. එමෙන්ම 1913 යන දුරකථන අංකයට ඒ සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

තව කියවන්​න

බුදුදහමට අපහාස වන අයුරින් ප්‍රකාශයන් සිදුකළ දේවගැති ජෙරම් ප්‍රනාන්දුට සහ නතාෂා එදිරිසූරියට එරෙහිව සිංහල රාවය සංවිධානය පැමිණිල්ලක් ගොනු කළා. සිංහල රාවය සංවිධානයේ පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කොට ඇත.

තව කියවන්​න

මේ දිනවල වයඹ පළාතේ ප්‍රදේශ කිහිපයක පැතිරයමින් පවතින Lumpy Skin Disease නැතහොත් ගව චර්ම ගැටිති රෝගය නිසා ගවයින් මරණයට පත්නොවන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි ‍කොතලාවල මහත්මිය සඳහන් කළා. අද(30) දින පෙරවරුවේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේදී පැවති රැස්වීමකදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ පිළිබඳව අධ්‍යක්ෂ ජනරාල්වරියගෙන් විමසූ අතර, එහිදී එම මහත්මිය සඳහන් කළේ, මෙම රෝගය නිසා ගවයින් මිය යාමට ඇති ඉඩකඩ අල්ප බවයි. මෙම රෝගය මින් පෙර උතුරු නැගෙනහිර පළාත්වලින් වාර්තා වුවත් එය සාර්ථකව ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට හැකිවිය. නමුත් මෙම සතුන් ප්‍රවාහනය නොකරන ලෙසට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබා…

තව කියවන්​න

පවතින අධික උණුසුම් කාලගුණය සහ දැඩි අව් රශ්මිය දෑස්වලට සහ වකුගඩුවලට බලපෑම් ඇති කරන බව සෞඛ්‍ය අංශය දැනුම් දෙනවා. මේ හේතුවෙන් ඒ පිළිබදව දැඩි සැලකිල්ලෙන් ක්‍රියා කරන්නැයි ජනතාවට උපදෙස් ලබා දෙන බව කොළඹ ජාතික අක්ෂි රෝහලේ ජේ්‍යෂ්ඨ වෛද්‍ය නිලධාරි ප්‍රසාද් කොළඹගේ මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අවධාරණය කළා. මේ අතර උතුර, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශිරෝමණි ජයවර්ධන මහත්මිය පැවසුවේ පැසිෆික් සාගරයේ අසාමාන්‍ය ලෙස උණුසුම් වෙමින් පැවතීම මෙයට හේතුව බවයි.

තව කියවන්​න

නවතා දැමූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම සදහා සාකච්ඡා ඇරඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ සිදු කළ සංචාරයේදී එම තීරණය ගෙන ඇති බව සදහන්. යළිත් ශ්‍රී ලංකාව පිළිබදව අන්තර්ජාතික වශයෙන් විශ්වාසයක් ඇති කිරීම සදහා එම තීරණය ගත් බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.

තව කියවන්​න

ආගමික සංහිඳියාවට හානිවීම වැලැක්වීමට ශ්‍රී ලංකාවේ පවතින නීති ප්‍රමාණවත් නොවන බැවින් නව නීති සම්පාදනය කළ යුතු බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. තව දුරටත් අදහස් දැක්වූ  අමාත්‍යවරයා “රජය වශයෙන් අපි ආගමික සහජීවනය සහ සාමය රට තුළ පවතින බවට සහතික විය යුතුයි. ඊට අමතරව වාර්ගික ගැටුම් හෝ ප්‍රචණ්ඩත්වයට තුඩු දෙන ප්‍රකාශයක් කිරීම ද වැළැක්විය යුතුයි,”යනුවෙන් කියා සිටියා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ ඕනෑම ආගමක් පිළිපැදිය හැකි වුවත් කිසිම ආගමකට හෝ ආගමික නායකයෙකු පහත් කිරීමට හෝ අවමන් කිරීමට කිසිවකුට නොහැකි බවත් අමාත්‍යවරයා පවසා සිටියා. තවද රටේ සාමය කඩ කිරීමට පහසු මඟක් වන පාස්කු ඉරිදා ප්‍රහාරයට…

තව කියවන්​න

එළඹෙන ලෝක දුම්වැටි විරෝධී දිනය (31)  වෙනුවෙන් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි සමාජ සංවර්ධන අංශය වෙළඳසැල් හිමියන්ගෙන් අද (30) දින ලිපියක් මඟින් ඉල්ලීමක් කරන්නට වුනා. දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත  සමෘද්ධි සමාජ සංවර්ධන අංශයේ නිලධාරීහු දඹුල්ල නගරයේ වෙළඳසැලක් ගානේ ගොස්  මෙම ඉල්ලීම සිදු කරන්නට වුනා. මෙම ලිපි ලබා දීම සහ ඉල්ලීම් සිදුකිරීමට යෑමේ දී දඹුල්ල නගර මධ්‍යයේ පිහිටි තොග සහ සිල්ලර වෙළඳසැල් රැසක් දුම්වැටි අලෙවි කිරීම් සම්පූර්ණයෙන්ම නවතා දමා තිබෙන බව හෙළිදරව් වීම විශේෂත්වයක් වන අතර අනිකුත් වෙළඳසැල් සහ හෝටල් හිමියන් ලෝක දුම්වැටි විරෝධී දිනය වන මැයි මස 31 දින සම්පූර්ණයෙන්ම සියළු  දුම්වැටි අලවියෙන් ඉවත්වීමට තමන්ගේ සහයෝගය ලබාදෙන බව සඳහන් කරන්නට…

තව කියවන්​න

ජලයේ ගිලිණු පුද්ගලයන් සෙවීම සහ ජලයේ ගිලීමෙන් ජීවිතක්‍ෂයට පත් පුද්ගලයන්ගේ මෘත ශරීර ගොඩගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව කිමිදුම් සහය ලබාදීම නිරතුරුව සිදුකරනු ලබන අතර, පසුගිය 2022 වර්ෂයේ මැයි මස 22 සිට 2023 වර්ෂයේ මැයි මස 22 දක්වා ගතවූ කාලය තුල නාවික හමුදාව මඟින් විවිධ හේතූන් මත ජලයේ ගිලීමෙන් ජීවිතක්‍ෂයට පත් පුද්ගලයන්ගේ මෘත ශරීර 148 ක් සොයා ගැනීම සඳහා කිමිදුම් සහය ලබාදීමට කටයුතු කොට තිබුණා. දියේ ගිලීමෙන් මරණයට පත්වීම සඳහා බලපානු ලබන ප්‍රධාන හේතූන් ලෙස සියදිවි හානි කරගැනීම, ධීවර කටයුතු සිදුකිරිමේදී සහ නොසැලකිලිමත් ලෙස මත්පැන් පානය කර දියනෑම සඳහා ජලමූලාශ්‍ර ‍වෙත බැසීම, පිහිණීමට හැකියාවක් නොමැතිව තිබියදි අනාරක්‍ෂිතව ජල ක්‍රීඩා සිදුකිරීම සහ…

තව කියවන්​න