Author: VNews
මෙක්සිකාවේ ග්වාඩලාහාරා නගරය ආසන්නයේ තිබී මිනිස් සිරුරු කොටස් අඩංගු බෑග් 45ක් එරට පොලීසිය විසින් සොයාගෙන තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම මිනිස් සිරුරු කොටස් අතර පිරිමි පුද්ගලයන්ගේ මෙන්ම කාන්තාවන්ගේ සිරුරු කොටස් තිබෙන බවට හඳුනාගෙන ඇති අතර, මළ සිරුරු කොපමණ තිබේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවයි එම වාර්තා වල සඳහන් වන්නේ. පසුගිය සතියේ තරුණ ඇමතුම් මධ්‍යස්ථාන සේවකයන් 7 දෙනෙකු අතුරුදන් බවට ලද පැමිණිල්ලක් අනුව සිදු කළ සෝදිසි කිරීමක දී පොලීසියට මෙම සිරුරු කොටස් හමුවී තිබෙනවා.
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (02) පැවැත්වෙනවා. හම්බන්තොට පැවැත්වෙන මෙම තරගය අද පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතයි. මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී දක්ෂතා දැක්වූ මතීෂ පතිරණ අද දිනයේදී ක්‍රීඩා කරන බව නායක දසුන් ශානක සදහන් කළා. අද පැවැත්වෙන තරගය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා ඊයේ පැවති මාධ්‍ය හමුවදීයි ඔහු මේ බව සදහන් කළේ. මේ අතර මෙම තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිල වෙබ් අඩවියට පිවිස මිලදී ගැනීමට අමතරව තවත් ස්ථාන දෙකකදී මිලදී ගැනීමට හැකියාව තිබෙනවා. රුපියල් 300, 400, 500, 750 සහ 1500 යන මිල…
ප්‍රධාන කුළුණු හතරක් මත රටේ අනාගතය ගොඩනගන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබද විස්වාසය තහවුරු වන පරිදි නව ආර්ථික ප්‍රතිපත්ති හදුන්වා දෙන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළා. මීට වසරකට පෙර තිබු තත්ත්වයට රට යළි පත්කිරීමට කිසිවෙකුට ඉඩ ලබා නොදෙන බව ද ජනාධිපතිවරයා සදහන් කළා. 2048 වන විට ලෝකයේ පුර්ණ සංවර්ධිත රටක් බවට ශ්‍රී ලංකාව පත්කරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ
ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලිසීය එක් ව කොළඹ 11 මල්වත්ත පාර ප්‍රදේශයේ 2023 මැයි මස 31 වන දින රාත්‍රියේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා විදේශීය දුම්වැටි දෙදහසක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරුණාා. නාවික හමුදාවට ලද තොරතුරකට අනුව, බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනය සහ කොළඹ වේල්ලවීදිය පොලීසිය එක්ව, 2023 මැයි මස 31 වන දින රාත්‍රියේ කොළඹ 11 මල්වත්ත පාර ප්‍රදේශයේ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් සිදුකරන අවස්ථාවේ දී මාර්ගයේ ගමන් ගත් සැකකටයුතු පුද්ගලයෙකු පරික්ෂා කිරීමේදී, ඔහු සන්තකයේ තිබී නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි විදේශීය දුම්වැටි දෙදහසක් සමඟ එම සැකකරු (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරුණා. මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරු…
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගෙන් වන්දි මුදලක් ඉල්ලා එන්තරවාසියක් යොමුකර තිබෙනවා. මන්ත්‍රීවරයා විසින් මෑතකදී එළිදැක් වූ කෘතියෙන් තමාට සහ හමුදාවට අපකීර්තියක් ගෙන දී ඇති බවයි ශවේන්ද්‍ර සිල්වා මහතා පෙන්වා දී ඇත්තේ. ඒ හේතුවෙන් ඔහු මෙලෙස කටයුතු කිරීමට පියවරගෙන තිබෙනවා.
වර්තමානයේදී දුම්පානයේ අඩුවීමක් දක්නට ඇති බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඒ අනුව දුම්පානය අධෛර්යමත් කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ගවල සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ලෝක දුම්වැටි විරෝධී දිනය සමරමින් සංවිධාන කර තිබූ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනයත් සමඟින් ඉන්ධන පිරවුම්හල් මඟින් නව මිල යටතේ ඉන්ධන නිකුත් කිරීම අද (01) අලුයම සිට සිදු කෙරුණා. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 15 කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 50 කින් ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ අතර, ඒ අනුව ලංකා ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 318 ක් ද, ලංකා භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 245 ක් ද වේ. ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් 60 කින් අඩු කර ඇති අතර, කාර්මික භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 270 ක් වේ. මේ අතර ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක…
ආඬිඅම්බලම , වල්පොල රතනසාර පාසැල් මාවතේ ” මිහින්තලා අනුරුවක් ” ” සවිය ” තරුණ එකමුතුව විසින් ඉදිකර තිබේ . මෙම අනුරුව 06/03 දින සිට 06/09 දින දක්වා , දින 07 ක් මහජන ප්‍රදර්ශනය සදහා විවෘතව තැබෙන අතර , එම සෑම දිනකම වීදි නාට්‍ය හා සිසිල් පැන් දන්සැලක් ද පැවැත්වීමට සංවිධායක කමිටුව සූදානම් කර තිබෙනවා. මෙම සියල්ල නොමිලේ පැවැත්වෙන අතර , මෙය නැරඹීමට පැමිණෙන පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන මුදල් , ඈත දුෂ්කර , ජල පහසුකම් නොමැති ගම්මානයක වෙසෙන ජනතාවට , ජල පහසුකම් සපයා දීමට යොමු කිරීමට අපේක්ෂා කෙරෙන බව ” සවිය ” තරුණ එකමුතුව වැඩිදුරටත් කියා සිටියා.
ගලේවෙල බඹරගස්වැව ගොන්නගස්යාය ප්‍රදේශයේ පදිංචිව සිටින එල්,ජි. නිල්මිණි ශිරෝමා සඳමාලි (28) හැවිරිදි ඇය ජීවිතයේ කිසිඳු දවසක කාගෙන් හෝ ඉල්ලා නැති මෙම උදව්ව සමාජයෙන් අයද සිටින බව ඇය සඳහන් කළා. අනතුරුකට පත්ව නිතර නිතර සිහි මද ගතියකින් පෙළෙන ඇයගේ පියා සුනිල් ප්‍රේමරත්නත් කුලී වැඩක් කරමින් ඔවුන් ජීවත් කරවන ආදරණීය මව ඩබ්ලිව්. ඩී .නිලන්ති සමරනායක සමඟ මෙම යුවතිය නිවසේ ජීවත් වනවා. එමෙන්ම වැරදුණු ඇමතුමකින් එප්පාවල ප්‍රදේශයේ තරුණයෙකු වූ උදේශ් අමිල හේවාවිතාරණ මහතා ඇය එක්තැන්ව සිටියත් පින් පුරව ගැනීම් සඳහා තමන්ව විවාහ කරගත් බවත් ඔහු සැමියෙක් නොව දෙවියෙකු බව ද ඇය සඳහන් කරන්නේ හැඬූ කඳුළෙනි. තවද තම සැමියා මිහිපිට සිටින දෙවියෙකු බවත් තමන්ගේ…
විභාග කොමසාරිස් ජෙනරාල්වරයාගේ නිසි අවසර ලිපියකින් තොරව නුවරඑලිය දිස්ත්‍රික්කයේ අ.පො.ස සා.පෙල විභාගය පැවැත්වෙන ඇතැම් විභාග මධ්‍යස්ථාන වලට අතිරේක ශාලාධිපතිවරුන් පත් කර ඇති බව එම විභාග මධ්‍යස්ථානවල ශාලාධිපතිවරුන් පවසනවා. විභාග කොමසාරිස්වරයාගේ නිසි අවසර ලිපියක් නොමැතිව පිටස්තර පුද්ගලයන්ට විභාග ශාලාවලට ඇතුල්විම තහනම් කර තිබියදී ත් නිසි පත්විම් ලිපියක් නොමැතිව මෙසේ විභාග මධ්‍යස්ථානවලට අතිරේක ශාලාධිපතිවරුන් පත් කර ඇති බවයි නුවරඑලිය දිස්ත්‍රික්කයේ විභාග මධ්‍යස්ථානවල ශාලාධිපතිවරුන් කියා සිටියේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තතුමේන්තුවේ උසස් නිලධාරින් දැනුවත් කල බව ද ශාලාධිපතිවරුන් පැවසූ අතර මේ සම්බන්ධයෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයේ විභාග මධ්‍යස්ථාන භාර උසස් නිලධාරියෙකු කියා සිටියේ විභාග කොමසාරිස් ජෙනරාල්වරයාගේ දැනුම් දිමක් මත පත්විම් ලිපියක් නොමැතිව දුරකථනය ඔස්සේ දැනුම්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222