- ආණ්ඩුව නිකන් පාන්ඩුව වගේ
- පොට්ට අමිල අල්ලයි
- තියුණු ආයුධයකින් පහරදී තරුණයෙක් ඝාතනය කරයි
- ගසක එල්ලෙමින් තිබූ කාන්තා මළ සිරුරක් සොයාගැනේ
- තලාව ප්‍රාදේශිය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරු පාර දෙපස ගස් කපයි
- කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
- ගල් කොරියකින් පහළට වැටී තුවාල වූ කඳුකර කොටියා මුදාගැනේ
- සතියක් තුල සහල් වැටලීම් 70 ක්
Author: VNews
සෞදි අරාබිය ජූලි මාසයේදී දිනකට ඉන්ධන නිෂ්පාදනය බැරල් මිලියනයකින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඉන්ධන මිල ඉහළ යාම සහ සැපයුම් හිඟවීම මීට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. ඉන්ධන මිල ඉහළ යාම සහ සැපයුම් හිඟවීම හේතුවෙන් මීට පෙර අවස්ථා දෙකකදී සෞදි අරාබිය ඉන්ධන නිෂ්පාදනය කප්පාදු කිරීමට පියවර ගෙන ඇති බවද එම මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.
ශ්‍රී ලංකා යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා, ඩුබායිහි දී ‘ගෝල්ඩන් වීසා’ සම්මාන හිමිකරගත්තා. සාම්ප්‍රදායික ශ්‍රී ලාංකේය ජන සංගීතය හා සමකාලීන පොප් සංගීතයේ අනන්‍ය සම්මිශ්‍රණයෙන් ප්‍රේක්ෂකයන් ආකර්ශනය කර ගනිමින් සිටින අතර , මෙම සම්මානය ඇයගේ කලාත්මක විශිෂ්ටත්වය සඳහා වූ නොසැලෙන කැපවීම සහ ගෝලීය පරිමාණයෙන් සංස්කෘතික විවිධත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා කැපවීම ඇගයීමට ලක්වෙනවා. කලාව, සංස්කෘතිය සහ විනෝදාස්වාදය ඇතුළු විවිධ ක්ෂේත්‍ර සඳහා දායකත්වයක් දුන් පුද්ගලයිිින් හට ඩුබායිහි බලධාරීන් පිරිනමන ගෞරවනීය සම්මානය ‘ගෝල්ඩන් වීසා’ ලෙස හදුන්වනු ලබනවා.
පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ එකට එක් වුවත් මේ මොහොතේ ඒ කිසිවකුට සියයට 50ක ඡන්ද පදනමක් නොමැති බවත්, එබැවින් සියලුදෙනා එක්විය යුත්තේ මැතිවරණයක් සඳහා නොව ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. තවමත් මෙරට තරුණ පරපුර ඇතුළු ජනතාවගෙන් අතිමහත් බහුතරයක් අතර මැතිවරණ හා දේශපාලනය පිළිබඳ විශ්වාසය කඩ වී ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති ජාතික නීතිඥ සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළා. නීතිය හා සාමය, දේශපාලන සහ ආර්ථීක ස්ථාවරත්වය යළි ස්ථාපිත කිරීමෙන් අදහස් වන්නේ ශ්‍රී ලංකාව මුළුමනින්ම අර්බුදයෙන් මිදී ඇති බව නොවන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම සමස්ත ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා…
දේශීය ජෙට් ගුවන් යානා එන්ජින් ඒකාබද්ධව නිෂ්පාදනය කිරීම සහ හවුල්කාරිත්වය පහසු කිරීම සඳහා විශාල පරිමාණයේ ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීමට අමෙරිකාව සහ ඉන්දියාව සූදානම් වනවා. මෙම හවුල්කාරිත්වය ආරම්භයේදී ගුවන් යානා එන්ජින් සඳහා වන අතර, එය අවසානයේ ඉන්දියානු හමුදා නැව්වලට අවශ්‍ය එංජින් නිෂ්පාදන දක්වා ව්‍යාප්ත වෙනු ඇති. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙම මාසයේ සිදු කිරීමට නියමිත අමෙරිකානු රාජ්‍ය සංචාරය අතරතුර ප්‍රකාශයට පත් කිරීමට ඉඩ ඇති යෝජිත ගනුදෙනුව, දෙරට අතර සිදු වීමට නියමිත වඩාත්ම නිශ්චිත ආරක්ෂක සහයෝගීතාවයෙන් එකක් ලෙස සැළකෙනවා. අමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම් ලොයිඩ් ජේම්ස් ඔස්ටින් ලබන සතියේ නවදිල්ලියේ සිදු කරන සංචාරයේදී එම ගනුදෙනුව සම්බන්ධයෙන් ද අවධානය යොමු කරනු ඇතැයි සඳහන්.…
පවතින වැසි සහිත තත්ත්වයත් සමග හෙට පස්වරුව වන තෙක් බලපැවැත්වෙන පරිදි කළුතර දිස්ත්‍රික්කයට නාය යෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ බුලත්සිංහල සහ පාලින්දනුවරට මෙලෙස අවදානම් නිවේදන නිකුත් කළ බවයි. මේ අතර නිරිත දිග මෝසම ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . මේ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි . සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා…
පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ එකට එක්වුවත් මේ මොහොතේ ඒ කිසිවෙකුට 50%ක ඡන්ද පදනමක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ හේතුවෙන් සියලුදෙනා එක්විය යුත්තේ මැතිවරණයක් සඳහා නොව ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට බවද ජනාධිපතිවරයා පැවසුවා. මෙරට තරුණ පරපුර ඇතුළු ජනතාවගෙන් බහුතරයක් අතර මැතිවරණ හා දේශපාලනය පිළිබඳ විශ්වාසය කඩවී ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කලා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ නුවරඑළිය පැවති “2023/ 2024 ජාතික නීතිඥ සමුළුව අමතමින් .
නේපාලයේ ජල විදුලි ව්‍යාපෘතිය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව සහ නේපාලය අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. නේපාලයේ අග්‍රාමාත්‍ය පුෂ්ප කම්ල් දහාල් ගේ ඉන්දීය සංචාරයට සමගාමීව මෙම ගිවිසුම් අත්සන් කර ඇතැයි සඳහන්. ඔහු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවූ අවස්ථාවේ නවදිල්ලියේ හයිද්‍රාබාද් මන්දිරයේදී දෙපාර්ශවය අතර මෙම ගිවිසුම් අත්සන් තබා තිබෙනවා. “NHPC ලිමිටඩ් නමැති ඉන්දීය රජයට අයත් සමාගමක්, නේපාලයේ සමාගමක් සමග් මෙම අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇතැයි සඳහන්. එම සමාගම්වල නියෝජිතයන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දහාල් ඉදිරියේ ජල විදුලි ව්‍යාපෘතිය සංවර්ධනය සඳහා අවබෝධතා ගිවිසුම් ලේඛන හුවමාරු කර ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ලාෆ්ස් ගෑස් මිල ද සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව එම සමාගම පවසනවා. එම සමාගම පැවසුවේ මිල සංශෝධනය සිදුවන ආකාරය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවයි. මේ අතර කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 400කින් පමණ පහළ යනු ඇති බව ලිට්‍රෝ සමාගම පැවසුවා. පසුගිය මස 3වනදා ලිට්‍රෝ සමාගම සිදුකළ මිල සංශෝධනයේදී ද ගෑස් මිල අඩු කෙරුණා .
එක්දින සේවාව යටතේ විදේශ ගමන් බලපත්‍රයක් පැය දෙකකදී ලබා ගතහැකි ක්‍රමවේදයක් මේ වන විට සකසා ඇති බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පවසනවා. බත්තරමුල්ලේ පිහිටි එම දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදීයි ඔහු මේ බව කියා සිටියා.
ඉදිරියේදී දිවයිනේ සෑම ගම්මානයකම සංහිඳියාව පිළිබඳ සංවිධානයක් ආරම්භ කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. අමත්‍යවරයා සඳහන් කරන්නේ එමගින් ජාතින් අතර සාමය හා සංහිඳියාව ඇති කිරීමට කටුතු කරන අතර එම සංවිධානය මගින් ගමේ පොදු තීරණ ගැනීමට හැකියාව පවතින බවයි. කොළඹ පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222