Author: VNews

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකට අදාළව එම විශ්වවිද්‍යාලයේ සිසුන් 31 දෙනෙකුට විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා ව්‍යාපාර පීඨයේ සිසුන් දෙපිරිසක් අතරයි මෙම ගැටුම ඇතිවී ඇත්තේ. ඒ අනුව ගැටුමට අදාළව එම පීඨයේ දෙවන වසරේ සිසුන් 16 දෙනෙකු සහ තෙවන වසරේ සිසුන් 15 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඔවුන්ට කළමනාකරණ අධ්‍යයන හා ව්‍යාපාර පීඨයට ඇතුළුවීම තහනම් කර තිබෙනවා. ගැටුමෙන් එක් සිසුවෙකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

කුකුළු මස් සහ මාළු ඇතුළු ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළ යාම තාවකාලික සිදුවන දෙයක් බව වෙළෙඳ අමාත්‍යාංශය පවසනවා. පසුගිය දින කිහිපය තුළ කුකුළු මස්, මාළු මෙන්ම එළවළු මිල ගණන්ද ඉතා ඉහළ අගයක් ගත් අතර එම තත්ත්වය මේ දක්වාත් පවතිනවා . මෙම තත්ත්වය ඉදිරි සතිය හෝ දෙකක කාලයක් දක්වා පැවතිය හැකි බව සඳහන්. කෙසේ වෙතත් අධික මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි කිරීම කිසිසේත් සිදුකළ නොහැකි අතර ඊට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විට පියවර ගෙන ඇති බවයි පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ. මේ අතර ඉහළ ගොස් ඇති කුකුළු මස් මිල ඉදිරි සති කිහිපය ඇතුළත පහත යනු ඇති බව සමස්ථ ලංකා කුකුළු…

තව කියවන්​න

එංගලන්ත දඟ පන්දු යවන ක්‍රීඩක ජැක් ලීච්ට ඕස්ටේ්‍රලියාව සමඟ ආරම්භ වීමට නියමිත තරග 5කින් යුත් අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. ඔහුගේ පිට කොන්ද ආශ්‍රිත ආබාධයක් හේතුවෙන් ලීච්ට මෙලෙස තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇති බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. අළුබදුන ටෙස්ට් තරගාවලිය එළඹෙන 16 වැනිදා බර්මිංහැම් හී දී ආරම්භ වීමට නියමිතයි.

තව කියවන්​න

ලෝක පරිසර දිනය අදට යෙදී තිබෙනවා. සෑම වසරකම ජූනි 5 වැනිදා ලෝක පරිසර දිනය සමරනු ලබන්නේ පරිසරය සුරැකීමේ ප්‍රයත්නයන් දැනුවත් කිරීම සහ දිරිගැන්වීම සඳහායි. ‘ප්ලාස්ටික් දූෂණයට විසඳුම්‘ යන තේමාව යටතේ මෙම වසරේ ලෝක පරිසර දිනය සමරනු ලබනවා. මේ ඒ වෙනුවෙන් ගෙනෙන විශේෂාංගය .

තව කියවන්​න

ලොව ඉහළම තෙල් අපනයනකරු වන සෞදි අරාබිය සිය තෙල් නිෂ්පාදනය අඩු කිරීමට තීරණය කර තිබෙනවා . ඒ අනූව ජූලි මාසයේ සිට දිනක නිෂ්පාදනය තවත් බැරල් මිලියන 01 කින් අඩු කිරීමට ඔවුන් තීරණය කර ඇති බව සදහන් . එම තීරණයත් සමඟ සඳුදා දිනයේ දී තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලරයකට වඩා වැඩි වෙන බව වාර්තා වනවා . ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 77.64 ක් වූ අතර එය අමෙරිකානු ඩොලර් 1.51 කින් හෝ සියයට දෙකකින් ඉදිරියේ දී ඉහළ යනු ඇති බවද ස‍‍‍‍ඳහන්.

තව කියවන්​න

උඩදුම්බර, කහටගොල්ල රක්ෂිතයේ නවනගල ප්‍රදේශයේ කන්දක ඇතිවූ ගින්න නිවා දැමීමට කටයුතු කර තිබෙනවා. මෙහිදී අක්කර 03ක පමණ භූමි ප්‍රමාණයක් ගින්න හේතුවෙන් විනාශ වී ගොස් ඇති බවයි පොලීසිය සදහන් කළේ. ගින්න ඇති වූ ප්‍රදේශයේ නිවාස නොමැති අතර උඩදුම්බර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

තව කියවන්​න

දකුණු කොරියාවේ දී පැවැත්වෙන 20 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් මීටර් 400 ඉසව්වේ රිදී පදක්කම සහ ලෝකඩ පදක්කම දිනා ගැනීමට තරුෂි කරුණාරත්න සහ ජයේෂි උත්තරා ඊයේ සමත් වුනා. ඉසව්ව තත්පර 53යි දශම 70ක කාලයකින් අවසන් කිරීමට තරුෂි සමත් වූ අතර ජයේෂි තරගය අවසන් කළේ තත්පර 55යි දශම51ක කාලයකිනුයි. ඒ අනුව එම ඉසව්වෙන් පදක්කම් දෙකක් ශ්‍රී ලංකාවට හිමි වූ අතර 1994 වසරෙන් පසු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා පිටියේ කාන්තා ඉසව්වක පදක්කම් දෙකක් එක වර දිනා ගත් පළමු අවස්ථාව ලෙස ද මෙය සටහන් වුනා.

තව කියවන්​න

ප්‍රාථමික රෝහල්වල දැනට හිඟ වී ඇති අත්‍යවශ්‍ය ඖෂධ ලෝක බැංකු ප්‍රතිපාදන යටතේ කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසනවා. ඔහු පැවසුවේ මාස 3 කට සරිලන ලෙස එම ඖෂධ තොග මිලදී ගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඉතාම නුදුරු දිනකදී භාර දෙන බවයි. මේ වනවිටත් ප්‍රාථමික රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ කිහිපයක හිඟයක් පවතිනවා. ඊට සමගාමීව ශ්‍රී ලංකාව පුරා ඇති සියලුම දන්ත සායනවලට අවශ්‍ය ඖෂධ ලබා දීමටද අවදානය යොමු කර ඇති අතර එම සේවා යථා තත්ත්වයට පත් කිරීමට එමගින් හැකියාව ලැබෙනු ඇතැයි වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කළේ.

තව කියවන්​න

මුදල් වංචා රැසකට සම්බන්ධ පුද්ගලයෙකු ගම්පහ නගරයේදී අපරාධ නිවාරණ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන 04ක්, කුඩා ජංගම දුරකතන 03ක් සහ දුරකථන සිම්පත් 73ක් පොලීසිය භාරයට ගැනීමටයි කටයුතු කර ඇත්තේ. අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව ගම්පහ, කැස්බෑව, රාගම, වේයන්ගොඩ, හෙට්ටිපොල, පානදුර දකුණ, මතුරට, තිහගොඩ, කෑගල්ල, අනුරාධපුර, ග්‍රෑන්ඩ්පාස් සහ ගොඩකවෙල යන පොලිස් ස්ථානවලට පැමිණිලි 13ක් ලැබී ඇති බවද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා. ඔහු අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තව කියවන්​න

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින තරඟයෙන් කඩුළු 4ක ජයක් වාර්තා කිරීමට සංචාරක දකුණු අප්‍රිකා ඒ කණ්ඩායම ඊයේ සමත් වුණා. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 264ක් ලබා ගත්තා. එහිදී ජනිත් ලියනගේ ලකුණු 76ක් සහ නිශාන් මදුෂ්ක ලකුණු 68ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී ලුතෝ සිපම්ලා ලකුණු 33ට කඩුළු 3ක් බිඳ හෙළුවා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා ඒ කණ්ඩායම පන්දුවාර 41යි එක් පන්දුවක් අවසානයේ කඩුළු 06ක් දැවී ලකුණු 268ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.

තව කියවන්​න