Author: VNews

දකුණු කොරියාවේ පැවැත්වෙන 20 වැනි ආසියානු වයස අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේ තවත් රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ සමත් වුණා. ඒ මීටර් 400ය හතර මිශ්‍ර සහය දිවීමේ ඉසව්ව ජයග්‍රහණය කරමින්. එහිදී ඕෂද විනෝද් ආරියවංශ, ජයේෂි උත්තරා, ෂෙහාන් දිල්රංග සහ තරුෂි දිල්සරා යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් දිනා ගනු ලැබුවා. මේ අතර, මීටර් 400ය හතර මිශ්‍ර සහය දිවීමේ ඉසව්වේ මීට පෙර පිහිටුවා තිබූ ජාතික වාර්තාව වන මිනිත්තු තුනයි තත්ත්පර 26ක වාර්තාවද බිඳ හෙළීමට මෙහිදී මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණා.

තව කියවන්​න

රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව ඉහළ යාමට ප්‍රතිචාර දක්වමින් ඖෂධ මිල අඩු කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා . ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධවල මිල ජුනි මස 15 වනදා සිට පහළ දැමීමට අවශ්‍ය පියවර ගන්නා බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. එහිදී ඖෂධවල මිල 16% අගයකින් අඩු කිරීමට නියමිතව තිබෙනවා .

තව කියවන්​න

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම ජූලි මස 28 වනදාට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළා. එම පෙත්සමට කරුණු දැක්වීම සදහා පූජය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු පිරිසක් ගොනු කළ ඉල්ලීම සදහා ද අධිකරණය අවසර ලබා දුන්නා. එම පෙත්සම එස්.තුරෙයිරාජා, කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මින්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේදී කැදවනු ලැබුවා.

තව කියවන්​න

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී රත්‍රං සමග පසුගිය 3 වනදා අත්අඩංගුවට ගත් ප්‍රංශ ජාතිකයා ලබන 8 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික ද සිල්වා මහතා නියෝග කර තිබෙනවා. මෙම ප්‍රංශ ජාතිකයා රුපියල් අට කෝටි පනස් තුන් ලක්ෂ දස දහස් නවසියයක් වටිනා රත්ත්‍රං තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමේදී ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. එහිදි ඔහුගේ ගමන් බෑගයේ තිබී රන් මාල කිහිපයක් සොයාගෙන ඇති අතර එම රත්‍රං තොගය පසුව රාජසන්තක කිරීමට පියවර ගැනුණා. අනතුරුව මෙම ප්‍රංශ ජාතිකයාට රුපියල් කෝටි 7 ක දඩ මුදලක් ගෙවන ලෙස මීගමුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝගයක් ද නිකුත් කිරීමටයි කටයුතු කළේ.…

තව කියවන්​න

රුපියල් කෝටි 4ක මුදලක් වැය කර මහරගම අපේක්ෂා රෝහලට මිල දී ගත් ස්වයංක්‍රීය එන්නත්කරණ යන්ත්‍රය මේ වන විට අක්‍රීයව පවතින බව වාර්තා වෙනවා. පිලිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී ලබාදෙන විකිරණශීලි එස්.ඩී.ජී ඖෂධය එන්නත් කිරීම සඳහා අදාළ ස්වයංක්‍රීය එන්නත්කරණ යන්ත්‍රය මිලදී ගනු ලැබුවේ එම ප්‍රතිකාර සේවා සිදු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ආරක්ෂාව සඳහායි. කෙසේ වෙතත් මේ වනවිට අදාල ස්වයංක්‍රීය එන්නත්කරණ යන්ත්‍රය භාවිතයට ගත නොහැකි වී ඇත්තේ ඊට භාවිත කරන සම්බන්ධක කැතීටර අවසන් වීම හේතුවෙන් බවයි අනාවරණ වී ඇත්තේ. එම කැතීටර මිල දී ගැනීමට මුදල් නොමැති වීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා කියා…

තව කියවන්​න

ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සහය ඇතිව දින 3 ක විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ලහිරු කොඩිතුවක්කු මහතා කියා සිටියේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 72 ක් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බවයි.

තව කියවන්​න

බදුල්ල, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට පැන වූ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මක වනවා . ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ, බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි. ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ සහ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණා . කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, අගලවත්ත සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ . මේ අතර, නිරිත දිග මෝසම ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත්…

තව කියවන්​න

කුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලයේ  මීටර 800 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම හිමි කර ගැනීමට තරුෂි කරුණාරත්න සමත් වුණා. තරුෂි කරුණාරත්න මීටර 400 කාන්තා ධාවන ඉසව්වේ ද රිදී පදක්කම හිමිකරගැනීමට ඊයේ (04) සමත් වුණා.

තව කියවන්​න

උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය හේනේපොල ගුණරතන නාහිමියන්ගේ ජාතික, ආගමික මෙහෙවර අගය කරමින් විශේෂ උපහාර මුද්දරයක් නිකුත් කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරුණා. දශක ගණනාවක් පුරා ඇමරිකාවේ වැඩ වාසය කරමින් බටහිර රටවල බුදු දහම ප්‍රචලිත කිරීමට හා භාවනා ක්‍රම පිලිබඳ උපදෙස් ලබා දෙමින් දෙස් විදෙස් කීර්තියට පත් වෙමින් සුවිශේෂී ගෞරවාචාරයට පත් වූ අති පුජ්‍ය හේනේපොල ගුණරතන නායක ස්වාමීන් වහන්සේගේ ආගමික ශාසනික මෙහෙවර අගය කිරීම උදෙසා උන්වහන්සේගේ චරිතාපදාන ග්‍රන්ථය එළි දැක්වීමටයි මෙහෙදී කටයුතු කෙරුණේ. හෝමාගම එන්.එස්.බී.එම් හරිත සරසවි ශ්‍රවණාගාරයේදි මුද්දරය සහ මුල්දින කවරය නිකුත් කිරීම සහ මහා සංඝරත්නය ඇතුළු ආරාධිත…

තව කියවන්​න

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන ඉදිරි දින කිහිපය තුළ ආපදා තත්වයක් ඇතිවුවහොත් 117 ක්ෂණික ඇමතුම් අංකයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා. එවැනි අවස්ථාවක දී විභාග අපේක්ෂකයන්ට සිය මධ්‍යස්ථාන වෙත ගමන් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට එම මධ්‍යස්ථානය කටයුතු කරනු ඇති. පසුගිය සතියේ එවැනි සුළු ආපදා තත්ත්වයන් කිහිපයක් වාර්තා වී තිබූ අතර එම අවස්ථාවන්හිදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ යුද හමුදාව විසින්, සිසුන් මධ්‍යස්ථාන වෙත යොමුකිරීම සදහා අවශ්‍ය පහසුකම් සළසා තිබුණා. එමෙන්ම මේ දක්වා සාමාන්‍ය පෙළ විභාගය කිසිදු ගැටලුවකින් තොරව සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

තව කියවන්​න