Author: VNews

මෙරට නිල සංචිත වත්කම් සියයට 26.2කින් ඉහළගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව මෙරට නිල සංචිත ප්‍රමාණය මැයි මාසයේ දී අමෙරිකානු ඩොලර් බිලියන 03.2ක් බව වාර්තා වන්නේ. පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට නිල සංචිත ප්‍රමාණය දැක්වුණේ ඩොලර් බිලියන 02.7ක් ලෙසයි. චීනය විසින් සපයා ඇති ඩොලර් බිලියන 01.4ක මුල්‍ය පහසුකමද ඊට ඇතුළත් වෙයි.

තව කියවන්​න

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා මාල‌ඹේ පොලිස් ස්ථානය වෙත පැමිණියා. තමා සමගි ජනබලවේගයේ උපලේකම් ධුරයෙන් ඉල්ලා අස්වූ බවට කූඨ ලේඛණයක් සකසා ඇති බවට ලැබී ඇති තොරතුර සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල සිදු කරන බවටයි රාජ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ.

තව කියවන්​න

අමෙරිකාව සහ ඉන්දියාව අතර හවුල්කාරිත්වය දෙරටට පමණක් නොව සමස්ත ලෝකයටම වැදගත් වන බව ඇමෙරිකානු කොංග්‍රස් සභික රාජා ක්‍රිෂ්ණමූර්ති පවසනවා.ඔහු ඒ බව පවසා ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අමෙරිකානු සංචාරයක් සඳහා සූදානමින් සිටින පසුබිමක් තුළ වීම විශේෂත්වයක්. ඉන්දු-ඇමරිකා හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට ද දෙරට අපේක්ෂා කරන බවයි ඔහු පවසන්නේ. මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය අමෙරිකානු සංචාරය අතරතුර එරට කොංග්‍රස් මණ්ඩලය ඇමතීමට ද නියමිතව තිබෙනවා. ජූනි 22 වනදාට යෙදී ඇති එය ඓතිහාසික අවස්ථාවක් වනු ඇති බවයි පැවසෙන්නේ

තව කියවන්​න

සූරියවැව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා රුපියල් 50,000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගන්නා අවස්ථවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා . සූරියවැව සතිපොළ පවත්වා ගෙන පුද්ගලයාට ගෙවීමට ඇති රුපියල් ලක්ෂ 24ක මුදලකට අදාළ චෙක්පත නිකුත් කිරීම සඳහා එම නිලධාරියා රුපියල් 50,000ක අල්ලස් මුදලක් ඉල්ලා තිබුණා .ඒ අනුව එම කොන්ත්‍රාත්කරු මේ පිළිබඳව අල්ලස් කොමිසම දැනුවත් කිරීමෙන් පසු අදාළ අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේ දී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා .

තව කියවන්​න

මීට දින 06 කට පෙර අතුරුදන් වූ පුද්ගලයකුගේ නරක් වූ  මළ සිරුරක් එප්පාවල පොලිස් වසමේ, යෝධ ඇළගම ගම්මාන‌යේ පෞද්ගලික ඉඩමක කපා තිබූ බොරලු වලක  තිබී අද (06) පෙරවරුවේ එප්පාවල පොලීසිය සොයා ගෙන තිබුණා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එප්පාවල, යෝධ ඇළගම පදිංචිව සිටි මූනා අලගන් (79) එක් දරු පියෙකි. මෙම පුද්ගලයා පසුගිය 01 වැනි දින පස්වරුවේ සිට ආගිය අතක් නොමැති බවට ඔහුගේ පුතු විසින් එප්පාවල පොලිස් ස්ථානයට පසුගිය 03 වැනි දින පැමිණිල්ලක්ද සිදු කර ඇති අතර, ඔහු සම්බන්ධයෙන් සොයා බැලූවද පසුගිය දින කීපය පුරාවට, කිසිදු තොරතුරක් නොමැතිව සිටියදී අද (06) පස්වරුවේ පොස්පේට් රක්ෂිතයට දර කැඩීමට යමින් සිටි පුද්ගලයකුට  දුගඳක් ආග්‍රහණය වීම…

තව කියවන්​න

පළාත් පාලන මැතිවරණයක් ආණ්ඩුව හැකි ඉක්මණින් පැවැත්විය යුතු යැයි එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. පසුගිය කාලය පුරා ආණ්ඩුව සිදුකරන ලද ප්‍රදර්ශනාත්මක අධික මුදල් වියදම් කිරීම් දෙස බැලීමේදී තවදුරටත් මැතිවරණය සඳහා මුදල් නොමැති බව පැවසිය නොහැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළා. පාඨලී චම්පික රණවක මහතා මේ බව පවසා සිටියේ ජනගත කරනු ලැබූ නව එක්සත් ජනරජ පෙරමුණේ ව්‍යවස්ථාව හා නිලධාරී මණ්ඩලය පිළිබඳ නිල ලේඛණ මැතිවරණ කොමිසම වෙත අද (06) දින භාරදීමට පැමිණි අවස්ථාවට එක්වෙමින්. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා; “අද දිනයේ අපි පසුගිය 22 දා පවත්වනු ලැබූ එක්සත්…

තව කියවන්​න

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති ජාතික යොවුන් සේනාංකයේ නව සභාපති ලෙස නිලන්ත කුමාර ඒකනායක මහතා අමාත්‍යවරයා අතින් නිළ වශයෙන් ජුනි 05 වන දින පත්වීම භාර ගැනීමෙන් අනතුරුව ජාතික යොවුන් සේනාංක මූලස්ථානයේ දී සිය තනතුරෙහි වැඩ භාර ගත්ත. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳව විශේෂ උපාධියක් හිමි ඒ මහතා ඉන්දීය විශ්ව විද්‍යාලයේ මහත්මා ගාන්ධි කෘෂි විද්‍යාපීඨයේ ආර්ථික විද්‍යාව පිළිබදව පශ්චාත් උපාධිධාරියෙකු වන අතර නිලන්ත කුමාර මහතා උතුරු මැද පළාත් සභාවේ පූර්ව ළමාවිය සංවර්ධන අධිකාරියේ කළමණාකාර අධ්‍යක්ෂවරයා ලෙස මේ දක්වා සේවය කළ අයෙකි. ඔහු උතුරුමැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා ලෙසද, උතුරුමැද පළාත් කාර්මික සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරයෙකු ලෙසද,…

තව කියවන්​න

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ඇතිවීී ඇති ජල ගැලීම් තත්වය හමුවේ පීඩාවට පත්  ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් පහක්  කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, බඳුරලිය, ලත්පඳුර හා වළල්ලාවිට යන ප්‍රදේශ වෙතත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රදේශය වෙතත් අනුයුක්ත කිරීමට නාවික හමුදාව කටයුතු කල අතර, අද දින උදෑසන (2023 ජුනි 06) එම ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරෙන් පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව කටයුතු කෙරුණා.  අවශ්‍යතාවය මත ස්ථානගත කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් මත බටහිර නාවික විධානයේ අමතර සහන කණ්ඩායම් විසි තුනක්  සහ දකුණු නාවික විධානයේ අමතර සහන කණ්ඩායම් දහයක් ද  සූදානමින් සිටී. ඒ අනුව, කළුතර දිස්ත්‍රික්කයේ බඳුරලිය…

තව කියවන්​න

1989 ජුනි මස 04 වෙනිදා ටියනන්මෙන් චතුරශ්‍රයේ සිදුවූ ජන සංහාරය සිහි කරමින් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර පිහිටි චීන තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා රැසක් පැවැති බව වාර්තා වනවා. මෙම විරෝධතාවයේ දී ගෝලීය උයිගර් සංසදයේ බ්‍රිතාන්‍ය අධ්‍යක්ෂ රහීමා මහමුත් 34 වන ටීයන්මන් සංහාරය සිහිකරමින් ප්‍රබල අදහස් දැක්වීමක් සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. චීන තානාපති කාර්යාලය දෙසට ගමන් කිරීම ඇරඹි පාගමනට හොංකොං සහ ටිබෙට් ඇතුළු චීන රජයට එරෙහි රටවල් කිහිපයක වැසියන් විශාල පිරිසක ගේ දායකත්වය ලැබී තිබුණා. උයිගර් ජන සංහාරය වහා නවත්වනු යනුවෙන් එම විරෝධතාවයට එක්වූ පිරිස් ප්‍රකාශ කර සිටි අතර, ඒ සඳහා සහය වන ලෙස බ්‍රිතාන්‍ය රජය ඇතුළු ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා…

තව කියවන්​න

ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට ඊයේ රාත්‍රී සිට ඇද හැළෙන අධික වර්ෂාවත් සමග නිල්වලා ගඟ ප්‍රදේශ කිහිපයකින් පිටාර මට්ටමට පැමිණ තිබෙනවා. ඒ හේතුවෙන් පහත්බිම් රැසක් ජලයෙන් යටව ඇති බව වාර්තා වනවා. මේ අතර, අධික වර්ෂාවත් සමග පීඩාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් 4ක් යොදවා ඇතැයි නාවික හමුදාව පවසනවා. නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා සඳහන් කළේ, පසුගිය 04 වැනි දා සිට අදාළ ප්‍රදේශවලට සහන කණ්ඩායම් යොදවා ඇති බවයි. මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ මතුගම සහ පාලින්දරනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට නායයෑම් පිළිබඳ අවධානය යොමු කළ යුතු කහ නිවේදන නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ, බදුල්ල දිස්ත්‍රික්කයේ…

තව කියවන්​න