Author: VNews

භාණ්ඩ කිහිපයක ආනයන සීමා ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්. ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය, සනීපාරක්ෂක උපකරණ, ආහාර ද්‍රව්‍ය, ගොඩනැගිලි ඉදි කිරිම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු 300 කට ආසන්න භාණ්ඩ සංඛ්‍යාවක ආනයන සීමා ඉවත්කර ඇති බව එහි සඳහන් . ඊයේ සිට අදාළ ආනයන සීමා ඉවත් කර ඇති බව එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා. මේ අතර පසුගිය 07 වනදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ ආනයන සීමා කර ඇති භාණ්ඩ ලැයිස්තුව 1,216ක් දක්වා අඩු වී ඇති බවයි .

තව කියවන්​න

මාලඹේ හල්බරාව ප්‍රදේශයේදී පස් හැවිරි දරුවෙකු කැපුම් තුවාල සහිතව මියයාමේ සිද්ධියට අදාළව පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේ සැකකරු විසින් පාපොච්චාරනයක් ද සිදුකර ඇති බවයි. තමන් තණකොළ කපමින් සිටි අවස්ථාවේ ඒ අසල සිටි අදාළ දරුවා තණකොළ කපන මැෂිමේ තලය වැදී මියගිය පුබවයි ඔහු පවසා ඇත්තේ. මේ අදළ සිද්ධිය පිළිබද කරුණු පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා.

තව කියවන්​න

මැතිවරණ කොමිෂන් සභාව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ මැතිවරණ කොට්ඨාශ වෙනුවෙන් තෝරා පත් කිරීමට හිමිකම් ඇති මන්ත්‍රීිවරුන් සංඛ්‍යාව සම්බන්ධයෙනුයි. ඒ අනුව එක් එක් දිස්ත්‍රික්කය සදහා තෝරා ගතහැකි මන්ත්‍රීිවරුන සංඛ්‍යාව පිළිබද නිවේදනය මැතිවරණ කොමිසම විසින් නිවේදනය කර තිබුණා. මේ අතර ඕනෑම මැතිවරණයට තම කණ්ඩායම සුදානම් බව හිටපු අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කොළඹ පැවති වැඩසටහනකින් පසුව මාධ්‍යවේදින් යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළා.

තව කියවන්​න

ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා. කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී මෙම හමුව සිදුව ඇත්තේ. එහිදී ශ්‍රී ලංකාව මුහුණ දී සිටින තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කර තිබෙනවා. මෙරට ගොඩ නැගීම සදහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම නියෝජිත පිරිසෙන් ඉල්ලා ඇත්තේ. මෙරට ආර්ථිකය තුළ බිදවැටී ඇති ක්ෂේත්‍ර පිළිබඳ විපක්ෂ නායකවරයා එකින් එක පැහැදිලි කළ බවයි විපක්ෂ නායක කාර්යාලය නිවේදනය කළේ.

තව කියවන්​න

පාසල් ළමුන් සඳහා දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබා ගතහැකි කාල සීමාව දීර්ඝ කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ එම කාල සීමාව ජුනි මස 16 වනදා දක්වා දීර්ඝ කළ බවයි. ඒ සම්බන්ධයෙන් සියලුම දුම්රිය ස්ථාන දැනුවත් කර ඇති බව ද දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

තව කියවන්​න

ශ්‍රී ලංකාව සහ ස්විස්ටර්ලන්තය අතර හමුදා සහයෝගිතාව වැඩි දියුණු කර ගැනීම පිළිබඳ අවධානය යොමුව තිබෙනවා. ස්විස්ටර්ලන්ත ආරක්ෂක උපදේශකවරයා සහ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා අතර පැවති හමුවකදීයි මේ පිළිබද අවධානය යොමුව ඇත්තේ. දෙරට අතර පවතින හමුදා සහයෝගිතාව සහ ශ්‍රී ලංකා හමුදාවන්ට ලබා දිය හැකි පුහුණු අවස්ථා පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. නිතී විරෝධි මත්ද්‍රව්‍ය දිවයිනට ගලා ඒම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව තුළ නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ මෙහිදී ආරක්ෂක ලේකම්වරයා පැහැදිලි කළ බවයි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ.

තව කියවන්​න

පාසල් වාරය ආරම්භයට පෙර විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් අද ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඊට අදාළ සාකච්ඡාවක් නාරාහෙන්පිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ පවතින වැසි තත්ත්වය සමග ඩෙංගු ව්‍යාප්තිය වැඩි විය හැකි බවයි. ඒ අනුව අද සහ හෙට කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 144ක් ආවරණය වන පරිදි ආදර්ශ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ.

තව කියවන්​න

අයි.සී.සී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. අප ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් සිම්බාබ්වේ ලවා පිටත්ව ගිය බවයි. ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේහිදී නෙදර්ලන්තය සහ අමෙරිකා එක්සත් ජනපදය සමග පුහුණු තරග දෙකකට ද සහභාගී වීමට නියමිතව තිබෙනවා. මේ අතර මෙම තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ නම් කෙරුණා. දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු එම සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ද මෙවර එක්දින සංචිතයට කැඳවා තිබෙනවා. එමෙන්ම නිමාවට පත්වු ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලියේ දී එක්දින වරම් දිනාගත් මතීෂ පතිරණ සහ…

තව කියවන්​න

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ළිං කුහරයක් තුළ සිරවී සිටි දැරියක් මුදා ගැනීමට හැකිව තිබෙනවා. ඒ පැය 52ක් පුරා පැවති මෙහෙයුමකින් පසුවයි. අදාළ දැරිය මුන්ගාවලි ප්‍රදේශයේ අඩි 300ක් පමණ ගැඹුරින් පිහිටි ළිං කුහරයකට ඇදවැටී තිබෙනවා. කෙසේවෙතත් දැරිය රෝහල් ගත කිරීමේදී මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

තව කියවන්​න

රජය ව්‍යාපාර කිරීමෙන් බැහැරව එම අවස්ථාව පුද්ගලික අංශයට ලබා දිය යුතුය යන්න රජයේ ප්‍රතිපත්තිය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධානය කරනවා. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සම්බන්ධයෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තා පිළිබඳ අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. ටෙලිකොම් ආයතනය පුද්ගලිකකරණය කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ආදළ කාරක සභා වාර්තා මගින් පෙන්වා දී තිබෙනවා. කෙසේවෙතත් ආදළ වාර්තාව කරුණු රැසකින් සමන්විත වුවද එමගින් අවධානය කර ඇති විෂය ක්ෂේත්‍රය සම්බන්ධව තාර්කික හෝ විද්‍යාත්මක දත්ත විශ්ලේෂණයක් මත පදනම් නොවුවක් බවයි රජය පෙන්වා දෙන්නේ. එමෙන්ම රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීන්දුව හේතුවෙන් අදාළ වාර්තාව මගින් පෙන්වා දෙන ආකාරයේ බලපෑමක් ජාතික…

තව කියවන්​න