- ආණ්ඩුව නිකන් පාන්ඩුව වගේ
- පොට්ට අමිල අල්ලයි
- තියුණු ආයුධයකින් පහරදී තරුණයෙක් ඝාතනය කරයි
- ගසක එල්ලෙමින් තිබූ කාන්තා මළ සිරුරක් සොයාගැනේ
- තලාව ප්‍රාදේශිය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරු පාර දෙපස ගස් කපයි
- කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
- ගල් කොරියකින් පහළට වැටී තුවාල වූ කඳුකර කොටියා මුදාගැනේ
- සතියක් තුල සහල් වැටලීම් 70 ක්
Author: VNews
පසුගිය සතියට සාපෙක්ෂව කුකුල් මස් කිලෝවක් රු 150 කින් පමණ පහල බැස ඇතත්, කුකුල් මස් අලෙවිය සිඝ්‍රයෙන් පහල බැස ඇති බව හැටන් ප්‍රදේශයේ කුකුල් මස් අලෙවිකරුවන් පවසනවා. ඉකුත් සතියේ රු 1700 ක මිලකට අලෙවි කල කුකුල් මස් කිලෝවක් (10) දින වන විට රු 1450 පමණ වුවත් පාරිභෝගිකයන් කුකුල් මස් මිල දි නොගන්නා බවයි අලෙවිකරුවන් කියා සිටියේ. මිට අමතරව හැටන් ප්‍රදේශයේ බිත්තර තොග සහ සිල්ලරට අලෙවි කරන වෙලඳසැල් රැසකම බිත්තර පාලන මිලට අලෙවි කිරිමට නොහැකි නිසා බිත්තර අලෙවිය සිදු නොකරන අතර, ඇතැම් ව්‍යාපාරිකයන් පාලන මිලට වඩා බිත්තර වැඩි මිලට අලෙවි කරනු ලබනවා.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණෙන සහ එයින් පිටත්ව යන ගුවන් මගීන් හට කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම ස්වයංක්‍රීය ආගමන විගමන පාලන පද්ධතියක් (Automated Border Control Unit – A.B.C. ) ස්ථාපිත කිරීම සඳහා සිංගප්පූරු සමාගම සමග ඊයේ ( 06/08) දින ගිවිසුමකට අත්සන් තබා තිබේ . මේ සදහා අවශ්‍ය මූලික පහසුකම් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන අතර , සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම මේ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සම්පාදනය කරනු ලබන අතර දැනට කටුනායක ගුවන් තොටුපොළ තුළ දිනකට ගුවන් මගීන් 19,000 ක් පමණ සංසරණය වන අතර , එය කොරෝනා වසංගතයට…
කතරගම ඇසළ පෙරහැරට වාර්ෂිකව පාගමනින් ගොස් සහභාගි වන වතුකරයේ පළමු කණ්ඩායම අද (10) දින හැටන් ගමන් ආරම්භ කෙරුණා. හැටන් , නුවරඑලිය , වැලිමඩ , බණ්ඩාරවෙල , වැල්ලවාය , ලුණුගම්වෙහෙර හරහා කිලෝමිටර් 240 ක් පාගමනින් ගමන් කරන මෙම කණ්ඩායම මේ මස (18) දින කතරගම පුජා භුමියට ළගා වන බවයි එම පාගමනට සහභාගි විී සිටින බැතිමතෙකු කියා සිටියේ. මේ මස (19) දින කතරගම ඇසළ පෙරහැර ආරම්භ කිරිමට නියමිත බවත්,ඒ සදහා සහභාගි වන වතුකරයේ පළමු කණ්ඩායම මෙසේ ගමන් ආරම්භ කල බවයි එම පාගමනට එක් වි සිටින වතුකරයේ බැතිමතුන් කියා සිටියේ. දිනකට කිලෝමිටර් 20 – 25 අතර දුර ප්‍රමාණයක් පාගමනින් ගමන් කර එම ප්‍රදේශ…
මෙරට සංවර්ධන අරමුණු ළඟා කර ගැනීම සඳහා සංචාරක ව්‍යාපාරයේ දායකත්වය උපරිමයෙන් ලබා ගැනීම රජයේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, මෙරටට ආවේණික ඉවුම් පිහුම් කලාව ලොව පුරා සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්ව ඇති බවයි. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ඊයේ ආරම්භ කෙරුණු “2023 සූප ශාස්ත්‍ර හා ආහාර ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් . සූප ශාස්ත්‍ර පිළිබඳ පාසලක් ඇති කිරීම, සූපවේදීන් ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීම ඇතුළු ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් නව වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවන බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා
බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා . පසුගිය කොවිඩ් සමයේදී ඩවුනින් විදීයේ පිහිටි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලයේ සහ නිල නිවසේදී කොවිඩ් නීති උල්ලංඝණය කරමින් සාද පැවැත් වූ බවට හිටපු අග්‍රාමාත්‍යවරයාට චෝදනා එල්ල වුනා . ඔහු විසින්ම හඳුන්වා දුන් නීති කඩ කිරීමත් සමග ඔහුට එල්ල වූ විරෝධය හමුවේ පසුගිය වසරේ ජූලි මාසයේදී හිටපු බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වුනා
කාර්යාලයේ තිබෙන සීල සමාධි වැඩසටහනට යන බව පවසා වෙනත් කාන්තාවක් සමග ගොස් දන්සලක ආහාර ලබාගන්නා අයුරු රූපවාහිනි ප්‍රවෘත්තිවලින් දුටු බිරිඳ සැමියාට ලබාදුන් අපූරු දඩුවමක් පිළිබඳ කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය නගරයකින් වාර්තා වනවා. එම සැමියා කාර්යාලයේ ඇති සීලසමාධි වැඩසටහනට යාමට සූදානම් වෙමින් සිටියේ පොසොන් පොහොයට සතියක පමණ කාලයක සිටය. ඔහුගේ බිරිඳ ඒ සඳහා අවශ්‍ය කළමනා සියල්ල අඩුවක් නැතිව සකසා දීමට වගබලා ගත් අතර දහවල් දානය කාර්යාලයෙන්ම සපයන අතර බිරිඳට සහ දරුවන්ට නිවසේ සිටින ලෙස සැමියා පවසා උදේම පෙහෙවස් සමාදන් වීම සදහා පිටව ගියා. එම බිරිඳ සහ සැමියා යන දෙදෙනාම රජයේ සේවකයන් වන අතර ඔවුහු ප්‍රදේශ දෙකක කාර්යාල දෙකක සේවය කළ අතර…
ඉන්දීය නාවික හමුදාවේ කිමිදුම්කරුවන් සහ මැරීන් කමාන්ඩෝ භටයින් මාලදිවයිනේ ජාතික ආරක්ෂක බලකාය සමඟ හමුදා අභ්‍යාසයක නිරත වනවා. එය ජූනි මස 4 සිට ජූලි 3 දක්වා පැවැත්වෙන බවයි වන්නේ. වාර්ෂිකව පැවැත්වෙන එම ඒකාබද්ධ හමුදා අභ්‍යාසයේ 06 වන අදියර මෙය වනවා. එහි 05 වන අදියර ඉකුත් ඔක්තෝබර් මාසයේදී පැවැත්වුණා. කිමිදුම් සහ විශේෂ මෙහෙයුම් වලදී අන්තර් ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීම මෙම හමුදා අභ්‍යාස මාලාවේ අරමුණයි.
උතුරු නැගෙනහිර අධි ආරක්ෂිත කලාප වල ඇති පාරම්පරික ඉඩම් යළි ජනතාවට ලබාදීමේ කටයුතු විධිමත් කිරීම සඳහා ස්ථිර කාර්යාලයක් පිහිටුවා තිබෙනවා. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ නියෝග පරිදි මේ කාර්යාලය පිහිටුවා තිබෙනවා. යුද හමුදා බි්‍රගේඩියර්වරයකුගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති මෙම කාර්යාලය මගින් මාස හයක කාලසීමාවක් ඇතුලත අදාල ගැටලුව විසඳිය යුතු බවට ද සාගල රත්නායක මහතා උපදෙස් දී ඇති බව සදහන්. ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ලෙසත් පාරම්පරික ඉඩම් හිමි ජනතාවට අසාධාරණයක් නොවන ලෙසත් අදාල කාර්යාලය පිහිටුවීමට නියමිතයි.
ජුලි 01 වැනි දා සිට සිකුරාදා හා ඉරිදා දිනවල පෞද්ගලික පන්ති නොපවැත්වීමට තීරණය කළ බව යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ . සිවබාලසුන්දරන් පවසනවා. ඔහු ප්‍රකාශකර සිටියේ, 9 ශ්‍රේණියෙන් පහළ පන්ති සඳහා සිකුරාදා පස්වරුවේ හා ඉරිදා දිනයේ පෞද්ගලික පන්ති නොපවැත්වීමට තීරණය කළ බවයි. ළමුන්ගේ මානසික සුවතාවය වෙනුවෙන් එම තීරණය ගත් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශකර සිටින්නේ. යාපනය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය, පොලිස්, පෞද්ගලික පන්ති හිමිකරුවන්, ගුරුවරුන් හා ළමා සංවර්ධන නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවේදී එම තීරණය ගෙන තිබෙනවා.
යූරියා මෙට්‍රික් ටොන් විසිදාහක් රැගත් නෞකාවක් අද (10) දිවයිනට ළගා වන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසුවේ තවත් යුරියා මෙට්‍රික් ටොන් 11 250ක් රැගත් නෞකාවක් ඉදිරි දින කිහිපයේදී මෙරටට ළගා වනු ඇති බවයි. ඒ අනුව යළ කන්නයට අවශ්‍ය පොහොර අවශ්‍යතාව සම්පුර්ණ වන බව ද ඔහු සදහන් කළා. ලේකම්වරයා කියා සිටියේ යල කන්නයට අවශ්‍ය බණ්ඩි පොහොර තොග මෙරට තුළ පවතින බවයි. කිසිදු හිගයකින් තොරව යල කන්නයට අවශ්‍ය පොහොර බෙදා හැරීම සිදුකරන බවද කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා සදහන් කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222