- ආණ්ඩුව නිකන් පාන්ඩුව වගේ
- පොට්ට අමිල අල්ලයි
- තියුණු ආයුධයකින් පහරදී තරුණයෙක් ඝාතනය කරයි
- ගසක එල්ලෙමින් තිබූ කාන්තා මළ සිරුරක් සොයාගැනේ
- තලාව ප්‍රාදේශිය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරු පාර දෙපස ගස් කපයි
- කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
- ගල් කොරියකින් පහළට වැටී තුවාල වූ කඳුකර කොටියා මුදාගැනේ
- සතියක් තුල සහල් වැටලීම් 70 ක්
Author: VNews
බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද (12) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
නුවරඑළිය නානුඔය පොලිස් වසමට අයත් රැදැල්ල සහ ග්‍රේට් වෙස්ටන් දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය මාර්ගයේ දී ඊයේ (11) දින බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ විශේෂ දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව නානුඔය පොලිසිය පැවසුුුුුවා. පාසල් නිවාඩුවෙන් පසුව අධ්‍යාපන කටයුතු සඳහා පාසල විවෘත කිරීමට ප්‍රථම (11) දින පාසලේ ශ්‍රමදානයක් පවත්වා විදුහල්පතිවරයා ඔහු පදිංචි නානුඔය කල්කාන්ති වත්තට සුපුරුදු පරිදි දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී දුම්රියේ ගැටි ජිවිතක්ෂයට පත් ව ඇත. එදින පස්වරු 3.30 ට පමණ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නානුඔය දෙමළ විද්‍යාලයේ විදුහල්පති කතිර්වේලු සුබ්‍රමනියම් නැමැති 52 හැවිරිදි පුද්ගලයෙකි. අනතුර සිඳුවීමෙන් පසු දුම්රිය…
දෙමළ ජනතාවගේ ගැටලුවලට ස්ථීර විසඳුම් ලබාදීමට කඩිනමින් පියවර නොගන්නේ නම් යළිත් ආණ්ඩුව සමග සාකච්ඡා සඳහා සහභාගි නොවන බව දෙමළ ජාතික සන්ධානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබෙනවා. පසුගියදා ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී දෙමළ ජාතික සන්ධානය මේ පිළිබඳව දැනුම්දුන් බවයි වාර්තා වන්නේ. ජනවාර්ගික ගැටලුව සම්බන්ධයෙන් කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස එම සාකච්ඡාවේ දී දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා. මීට පෙර අවස්ථා කිහිපයකදී ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා වාර කිහිපයක් පැවැත්වීමටයි කටයුතු කර තිබුණේ. එහෙත් සිය ගැටලු සඳහා මෙතෙක් ස්ථීර පිළිගත හැකි විසඳුමක් ලැබී නොමැති බව දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් පෙන්වා…
සිම්බාබ්වේ බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පැය 3ක කාලයක් එරට හෝටල් පරිශ්‍රයේ රැඳී සිටීමට සිදුව තිබෙනවා. නේවාසික පහසුකම් පිළිබද ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් මෙලෙස රැඳී සිටීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මෙලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් අදාළ හෝටල් පරිශ්‍රයේ බිම හිදගෙන සිටින ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් ඊයේ දිනයේදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණීමට මොහොතකට පෙර තවත් ජාතික ක්‍රිකට් කණ්ඩායමක් එම හෝටලය වෙත පැමිණ තිබූ අතර, එම කණ්ඩායමේ ක්‍රීඩකයින් හෝටලයට ඇතුළත් කර ගැනීමේ ක්‍රියාවලිය ඒ වන විට සිදු වෙමින් පැවැති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ. මෙම තත්ත්වය ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයින්…
ඕස්ට්‍රේලියාවේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම අනතුරෙන් තවත් පුද්ගලයන් 25 දෙනෙකු රෝහල් ගත් කර ඇති අතර, ජීවිතක්ෂයට පත් පුද්ගලයන් සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් කර ඇත්තේ. මංගල උත්සවයකට සහභාගී වී එමින් සිටි පිරිසක් රැගත් මෙම බස් රථය ඕස්ට්‍රේලියාවේ වයින් කලාපයේදී මොටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුනා. සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කළ ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවය දිනා ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ ( 11) සමත් වුණා. ඒ, ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැති අවසන් මහා තරගයේ දී ඉන්දීය කණ්ඩායම පරදා ලකුණු 209 ක ජයක් වාර්තා කරමින්. තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 469 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දිීය කණ්ඩායමට සිය පළමු ඉනිම සදහා සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 296ක් පමණයි. අනතුරුව ඕස්ටේරලියාව සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 8ක් දැවී ලකුණු 270 ක් ලබා සිටියදීයි. අවසන් තරගයේ…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම අතර විශේෂ හමුවක් අද පැවැත්වුනා. අද පස්වරු 5.30ට ජනාධිපති කාර්යාලයේදී එම හමුව පැවැත්වූ බව සඳහන් . රටේ වත්මන් ආර්ථික සහ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අරමුණින් එම හමුව කැඳවා තිබෙනවා . ඊට අමතරව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට සහ අමාත්‍යවරුන්ට සිය කටයුතුවලදී පැන නගින ගැටලු පිළිබඳව එහිදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතයි. පවතින ගැටලු සමතයකට පත් කර 113ක බහුතර බලය ආරක්ෂා කරගනිමින් ආණ්ඩුවේ ඉදිරි කටයුතු ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම, සාකච්ජාවේ තවත් අරමුණක් බවයි ජ්‍යෙෂ්ඨ රාජ්‍ය අමාත්‍යවරයකු පැවසුවේ .
ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් සහ නැමීබියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය නෙටුම්බෝ නැන්ඩි දායිට්වා අතර ද්විපාර්ශවික සාකච්ඡා වටයක් පවත්වා තිබෙනවා. ඒ, ඉන්දියානු විදේශ අමාත්‍යවරයාගේ නැමීබියානු සංචාරයට සමගාමීවයි.එහිදී දෙපාර්ශවය අතර සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. එම සාකච්ඡාවලදී වැඩි අවධානයක් යොමුව තිබුණේ බලශක්ති, හරිත හයිඩ්රජන්, ප්‍රවාහන, ඩිජිටල්, ඖෂධ යන ක්ෂේත්‍ර සම්බන්ධවයි. ඊට අමතරව ආහාර සුරක්ෂිතතාව, විද්‍යාව, තාක්ෂණය සහ සංස්කෘතිය යන අංශ සම්බන්ධයෙන් ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහ නැමීබියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡා පැවැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ
කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අනුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනය මගින් නව පිළිකා ඖෂධයක් සොයාගෙන තිබෙනවා .මෙම පිළිකා ඖෂධය වසර 14ක් පුරා සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් බවයි මහාචාර්ය සමින්ද සමරකෝන් මහතා ප්‍රකාශ කළේ. එම ඖෂධය සඳහා යොදා ගන්නා සියලු ද්‍රව්‍ය දේශීයව ලබාගැනීමට හැකිවීම එහි සුවිශේෂත්වයක් බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. මේ වනවිටත් මෙම ඖෂධය කැප්සූලයක් ලෙස වෙළෙඳපොළට නිකුත් කර ඇති බව ඔහු පවසනවා.
වතු කම්කරුවන් මේ රටේ ආර්ථිකය නගා සිටුවිමට පැමිණ වසර 200 ක් ගත වි ඇති බවත්, එය ඇතැම් දේශපාලඥයින් සහ වතුකරයේ ඇතැම් සංවිධාන එක්ව සැමරුම් උත්සව පැවැත්වුවද එම උත්සව පැවැත්විමට තරම් වතුකරයේ ජනතාවට වසර 200 ක කාලය තුල කිසිදු දෙයක් ලැබි නොමැති බව මධ්‍යම පළාත් සිවිල් සංවිධාන එකමුතුව අද (10) දින හැටන් නගරයේදි මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුුුවා. මාධ්‍ය හමුවට එක් වු එම සංවිධානයේ සමාජික සහ හැටන් ශ්‍රි කුරුස දේවස්ථානයේ ප්‍රධාන පියතුමණ් වන නිව්මන් පිරිස් පියතුමණ් කියා සිටියේ වසර 200 ක කාලයක් තුල වතුකරයේ ජනතාවගේ ආර්ථික තත්ත්වය, අධ්‍යාපන තත්ත්වය ඉහල දැමිමට සහ යටිතල පහසුකම් නංවාලිමට මේ රටේ පාලකයින් කිසිදු පියවරක් ගෙන නොමැති…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222