Author: VNews

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. අනතුරුව ජනාධිපතිවරයා, මහානායක හිමි ප්‍රමුඛ සංඝරත්නය සමඟ වත්මන් ආර්ථික, සමාජයීය හා දේශපාලන තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් කෙටි පිළිසඳරකට ද එක් වෙමින් .

තව කියවන්​න

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු, ලිපිකරුවෙකු සහ තැරැව්කරුවෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බස් රථ 03ක අයිතිය පැවරීමට රුපියල් ලක්ෂ 03ක අල්ලස් මුදලක් ඉල්ලා සිටි අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

තව කියවන්​න

ස්වයං ආරක්ෂාව සඳහා පුරවැසියන්ට නිකුත් කර ඇති සියලූම ගිනිඅවි සහ පතරොම් නැවත ලබාගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව එම ගිනිඅවි සහ පතරොම් නොවැම්බර් 7 වන දාට පෙර නැවත භාරදිය යුතු වේ. ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ, එම පුද්ගලයින්ට ගිනිඅවි සමාලෝචනයකින් සහ අවශ්‍යතාවය කුමක්දැයි සොයා බැලීමෙන් අනතුරුව නැවත ලබාදීමට නියමිත බවය.

තව කියවන්​න

කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අද පැවැති තරගයකදී කොදෙව් පන්දු යවන්නියන් හමුවේ චිත්තාකර්ශනීය පිතිහරඹයක නිරත වූ නායිකා ලෝරා වූල්වාර්ත් (නොදැවී 59) සහ ටැස්මින් බි්‍රට්ස් (නොදැවී 57) එක්ව දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 10 ක ජයක් කරා කැඳවාගෙන ගියහ. ලකුණු 118 ක ඉලක්කයක් කරා ගිය දකුණු අප්‍රිකානු කාන්තාවෝ පන්දු 13 ක් ඉතිරිව තිබියදී, කිසිවකු නොදැවීම තමන්ගේ ඉලක්කය පසුකර ගියහ.  පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් පිල වෙනුවෙන් ස්ටෙෆනි ටේලර් පන්දු 41 කදී නොදැවී ලකුණු 44 ක් ලබාගත්තාය. එහෙත් වමතින් දඟ පන්දු යවන්නී, නොන්කුලුලේකෝ ම්ලාබා (29/4) හමුවේ සෙසු කොදෙව් පිතිකාරිණියෝ අන්ද මන්දව ගියහ. 16 වැනි ඕවරයේදී ආලියා ඇලේන් දැවී යාමත් සමගින් කොදෙව් පිලේ 6 වැනි…

තව කියවන්​න

වෙනදා අපිට සහනාධාර හම්බුනේ බංඩි පොහොර ගහන කාළයේදී වෙනුවට මේ සැරේ මූලික පොහොර ටික ගහගෙන ස්ථීර සාර වගා බිමකට යන්න, ගොවිතැනකට යන්න අපිට අවස්ථාව හදලා දෙන්න .බඩඉරඟු හදන ගොවියෝ, එළවලු හදන ගොවියෝ, ගස්ලබු හදන ගොවියෝ, පළතුරු වගා කරන ගොවියෝ, දැන් මේ ගොල්ලන්ට කවුද පොහොර දෙන්නේ.ඇයි මේ ගොල්ලන්ට සහනාධාරය දෙන්නේ නැත්තේ, ඇයි මේ ගොල්ල ගොවියෝ නෙමෙයිද ඒ අය මහන්සි‌ වෙලා නෙමෙයිද ඒ ආදායම හොයන්නේ.විශේෂයෙන්ම ගොවිතැනට අවශ්‍යය බඩඉරඟුද, කෙසෙල්ද, පේරද, රඹුටන්ද කියන්නේ නැතිව මේ මිනිස්සුන්ගේ දහඩියට වටිනාකමක් දෙන්න,යැයි මහවැලි එච් කළාපයේ ගොවි සංවිධාන නියෝජිතයින් පිරිසක් මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසීය. එහිදී අදහස් දැක්වූ මහවැලි එච් කළාපයේ,  403-D 1 ‌ගොවි සංවිධානයේ හිටපු සභාපති, ව්‍යාපාර…

තව කියවන්​න

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (04) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සහයෝගීතාව තවදුරටත් පවත්වා ගැනීම පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමු ඇත. අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ආසියා ශාන්තිකර කලාපීය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෛද්‍ය ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් සහ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බ්‍රෙයර්, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජානක එදිරිසිංහ, අග්නිදිග ආසියා සහ මධ්‍යම ආර්ථික කටයුතු (ද්විපාර්ශ්වික) ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ජනරාල් දර්ශන එම් පෙරේරා යන මහත්වරුන් මෙම සාකච්ඡාවට සහභාගී වී තිබේ.

තව කියවන්​න

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීන් අද (04) ජනාධිපති කාර්යාලයේ දී සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්වරුන් ජනාධිපතිවරයා හමු වී සුහද කථා බහක නිරත විය. එම අවස්ථාවන් සනිටුහන් කරමින් සමරු සිහිවටන පිරිනැමීම ද සිදු කෙරිණි.

තව කියවන්​න

එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නව ධූර කාලය ආරම්භ වීමත් සමඟම මෙරට සංචාරයකට එක්වීමට ලැබීම පිළිබඳ සතුට පළ කළ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපතිවරයා වෙත සිය උණුසුම් සුබ පැතුම් පිළිගැන්වීය. එසේම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සුබපැතුම් ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වූ ජයශංකර් මහතා ඉන්දු – ශ්‍රී ලංකා සහයෝගිතාව විවිධ ක්ෂේත්‍ර ඔස්සේ තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළේය. ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ මෙන්ම ආයෝජනය, විදුලිබල හා…

තව කියවන්​න

2023 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2024 සැප්තැම්බර් මාසයේදී ශ්‍රි ලාංකිකයින් විදේශ රැකියා සඳහා පිටත්වීම සියයට 10න් ඉහළ ගොස් ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. 2024 සැප්තැම්බර් මාසයේදී ශ්‍රි ලාංකිකයින් 28,344 දෙනෙකු විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති අතර, 2023 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය ප්‍රමාණය 25,716 කි. 2024 මුල් මාස 9 තුළ විදේශ රැකියා සඳහා යොමු වී ඇති ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය 240,109 ක් වන අතර, එයට කාන්තා ශ්‍රමිකයින් ප්‍රමාණය 99,939 ක් හා  පිරිමි ශ්‍රමිකයින් ප්‍රමාණය 142,170 ක් ඇතුලත් වේ. මෙම කාලය තුළ පුහුණු ශ්‍රමිකයින් 70,396 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතවී ඇති අතර, ඒ අතරට පිරිමි…

තව කියවන්​න

2024 ජනවාරි සිට මේ දක්වා ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 868 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ රැකියා අවස්ථා හිමිවී තිබේ. ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවූ කාන්තාවන් 21 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම අද දින (10/4) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුවිය. මෙම පිරිස ඊශ්‍රායල් සාත්තු සේවා රැකියා හිමිවූ 135 වන කණ්ඩායම වන අතර, ඔවුන් ඔක්තොම්බර් මස 07 දින ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතයි. ශ්‍රි ලංකා රජය හා ඊශ්‍රායල් රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රි ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවන අතර, එම අවබෝධතා ගිවිසුම අනුව මේ වන විට ලාංකිකයින් 1696 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ රැකියා…

තව කියවන්​න