- සතියක් තුල සහල් වැටලීම් 70 ක්
- ත්‍රීරෝද රියක් අඩි 25ක ප්‍රපාතයකට පෙරළෙයි
- ශ්‍රී ලංකා 19 පහළ කාන්තා කණ්ඩායම ලකුණු 138ක් ලබාගනී
- කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති මහීල් රංගජීව අභාවප්‍රාප්ත වෙයි.
- ඉරාන ජනාධිපතිගෙන් ප්‍රකාශයක්
- නාවලපිටියේ දී ත්‍රීරෝද රථයක් ගිනි ගනී
- පොලිස් විශේෂ මෙහෙයුම් අඛණ්ඩව
- අපරාධකරුවන් 30කට රතු නිවේදන
Author: VNews
නවක වෛද්‍යවරුන් 406 දෙනෙකු ඉදිරි සති දෙක තුළ මෙරට සෞඛ්‍ය සේවයට බඳවා ගැනීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, හෙද සේවාව සඳහා ද ඉදිරි මාසයේදී 2,200 ක පිරිසක් බඳවා ගැනීමට නියමිත බවයි. නව වෛද්‍යවරුන් 406 දෙනෙක් 27 වන දා වන විට සෞඛ්‍ය අංශයේ රෝහල්වලට ලබා දෙන බවත් පසුගිය සති කිහිපය තුළ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් 222 කට අලුතින් පත්වීම් ලබා දුන් බවත් ඔහු සඳහන් කර සිටියා. එමෙන්ම ඔහු ප්‍රකාශ කර සිටියේ කැඩී ඇති මැෂින් සකස් කිරීමට බිලියන 4ක් වෙන්කර ඇති අතර ඉදිරියේදී සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ යම් සුබවාදි බලාපොරොත්තු තබාගන්න පුළුවන් තත්ත්වයකට…
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා විසින් ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙලෙස ධුරයෙන් ඉල්ලා අස්වන්නේ පසුගිය දා ජනපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පසුබිමකයි. කෙසේ වෙතත් තමන් ඉදිරියේදී කැළණිය විශ්විද්‍යාලයේ පුරාවිද්‍යා පිළිබද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තනතුරේ කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.
ඊසානදිග කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ අභ්‍යන්තර අවතැන් කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මිලීෂියා කණ්ඩායම්වල සන්ධානයකට අයත් සටන්කරුවන් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ. මෙම ප්‍රහාරය ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංඝණය කීරමක් වන අතර, සිවිල් ජනතාවට එරෙහිව හිතාමතා සිදු කරන ප්‍රහාර යුධ අපරාධ විය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කර තිබෙනවා.
සංචාරක දකුණු අප්‍රිකා ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි. පළමු දිනය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 325ක් රැස් කරගෙන සිටියා. එහිදී ලසිත් කෲස්පුල්ලේ ලකුණු 98ක් සහ රමේෂ් මෙන්ඩිස් ලකුණු 78ක් රැස් කළා. පන්දු යැවීමේදී සෙනුරන් මුතුස්වාමී ලකුණු 122ට කඩුළු 07ක් බිඳ හෙළීමට සමත් වුණා.
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහැර මංගල්‍යය නිමිත්තෙන් කතරගම ඇති සියලු පාසල් මෙම මස 19 දින සිට වසා දැමීමට තීරණය කර ඇති බව තණමල්විල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක බුද්ධික කරුණාදාස මහතා පවසනවා. මෙවර ඇසළ පෙරහර මංගල්‍යය මෙම මස 19 වැනි දින ආරම්භවී ජූලි මස 03 දින මහ පෙරහර පවත්වා පසු දින මැණික් ගගේ දිය කැපීමෙන් පසු නිමාවට පත් වනු ඇති. මෙම පෙරහර මංගල්‍යය නිමිත්තෙන් විශේෂ රාජකාරි සඳහා පැමිණීමට නියමිත පොලිස් නිලධාරීන්ට නවාතැන් ලබා දීම සඳහා පාසල් තුනක ගොඩනැගිලි පොලිස් දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා තිබෙනවා. මේ අනුව කතරගම ජාතික පාසල, සෙල්ල කතරගම මහා විදුහල හා දෙටගමුව විදුහල පොලීසිය වෙත…
කොළඹදී හෙට පැවැත්වීමට නියමිත ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා දෙස් විදෙස් ක්‍රීඩකයින් 358 දෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඉතිහාසයේ පළමු වරට පැවැත්වෙන එල්.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියේදී කණ්ඩායම් පහක හිමිකරුවන් විසින් ක්‍රීඩකයින් මිලදී ගැනීමට නියමිතයි. ලොව සුපිරි ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම මෙම වෙන්දේසියේදී අලෙවි වීමට නියමිතව තිබෙනවා. ඒ අතරට ඉන්දියාවේ සුරේෂ් රයිනා, ඔස්ට්‍රේලියාවේ ක්‍රිස් ලීන්, බෙන් කටින්, දකුණු අප්‍රිකාවේ රේසි වැන්ඩ ඩූසන්, නවසීලන්තයේ කොලින් ඩී ග්‍රන්ඩ්හෝම්, බංග්ලාදේශයේ තමීම් ඉක්බාල්, මුෂ්ෆිකර් රහීම්, කොදෙව් ක්‍රීඩකයින් වන ඒවින් ලුවීස්, කාලෝස් බ්‍රාත්වෙට්, ඇෆ්ගනිස්ථානයේ නූර් අහමඩ් සහ මොහොමඩ් නබී ඇතුළත්.
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (13) පැය 20ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව අද උදෑසන 10.00 සිට හෙට උදෑසන 6.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සදහන් කළේ. මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ, ගොරකපිටිය, සිද්ධමුල්ල, ඇරැව්වල, රත්මල්දෙණිය, මහරගම – පිළියන්දල මාර්ගය, එදිරිසිංහ මාවත, මොරකැටිය පාර, බෝකුන්දර පාර සහ ඊට යාබද සියලු අතුරු මාර්ගවලටයි.
2023 අවසාන කාර්තුව වන විට ධන ආර්ථිකයක් කරා රට ගමන් කරනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. උද්ධමනය කඩිනමින් පහළ යනු ඇති බවට ජාත්‍යන්තරව කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ බවයි අමාත්‍යවරයා පැවසුවේ. එමෙන්ම 2024 වසරේ සිට රට ධන ආර්ථිකයක් කරා ගමන් කරන බවට ශ්‍රී ලංකා මහ බැංකුව, ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද ප්‍රකාශ කර ඇති බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළා. මේ අතර භාණ්ඩ රැසක් මත පනවා තිබූ බදු අඩු කිරීමේ වාසිය ජනතාවට ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව අවධාරණය කළා.
ප්‍රදේශ කිහිපයකට හෙට (13) පෙරවරු 10 සිට අනිද්දා පෙරවරු 6 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට තීරණය කළ බවයි එම මණ්ඩලය පැවසුවේ. ඒ අනුව ගොරකපිටිය, සිද්ධමුල්ල, ඇරැව්වල, රත්මල්දෙණිය, මහරගම – පිළියන්ද මාර්ගය, එදිරිසිංහ මාවත, මොරකැටිය පාර සහ බෝකුන්දර පාර සහ ඊට යාබද සියලු අතුරුමාර්ගවල ජලසැපයුම අත්හිටුවනු ඇති.
ඖෂධ මිල සියයට 50 කින් අඩු විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ ඩොලරයේ අගය අඩු වීමේ වාසිය ජනතාවට ලබා දිය යුතු බවයි. එමෙන්ම ඖෂධ ආනයනකරුවන් ඔවුන්ට අවශ්‍ය පරිදි ඖෂධවල මිල ඉහළ දමන බවද ඔහු පැවසුවා. මේ අතර ඇතැම් රෝහල්වල තිබෙන රෝග පරීක්ෂණ යන්ත්‍ර අක්‍රීය වීම සම්බන්ධයෙන්ද අද පැවති මාධ්‍ය හමුවේදී වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අදහස් පළ කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222