- සතියක් තුල සහල් වැටලීම් 70 ක්
- ත්‍රීරෝද රියක් අඩි 25ක ප්‍රපාතයකට පෙරළෙයි
- ශ්‍රී ලංකා 19 පහළ කාන්තා කණ්ඩායම ලකුණු 138ක් ලබාගනී
- කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති මහීල් රංගජීව අභාවප්‍රාප්ත වෙයි.
- ඉරාන ජනාධිපතිගෙන් ප්‍රකාශයක්
- නාවලපිටියේ දී ත්‍රීරෝද රථයක් ගිනි ගනී
- පොලිස් විශේෂ මෙහෙයුම් අඛණ්ඩව
- අපරාධකරුවන් 30කට රතු නිවේදන
Author: VNews
තුර්කි ගුවන් සේවය , තුර්කියේ ඉස්තාන්බුල් සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර එළඹෙන ඔක්තෝබර් මාසයේ සිට ඍජු ගුවන් ගමන් සම්බන්ධතා ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා. මේ මගින් කෙටි ගුවන් ගමන් සම්බන්ධතා කාලයක් තුළින් තුර්කියේ ඉස්තාන්බුල් සිට ලෝකයේ රටවල් 129 කරා ඉතා පහසුවෙන් ගමන් කිරීමට ගුවන් මගීන්ට අවස්ථාව හිමිව තිබෙනවා. දැනට වසර 10 ක කාලයක සිට තුර්කි ගුවන් සේවය මාලදිවයින ඔස්සේ සිය ගුවන් ගමන් සම්බන්ධතා පවත්වා ගෙන යනු ලබන අතර , එම සම්බන්ධතා එළඹෙන ඔක්තෝබර් මාසයේ සිට අත්හිහිටුවා , ශ්‍රී ලංකාව සමග ඍජු ගුවන් ගමන් සම්බන්ධතා ආරම්භ කිරීමට නියමිතයි. එමෙන්ම එළඹෙන නොවැම්බර් සහ දෙසැම්බර් මාස වල යුරෝපයට ශීත ඍතුව බැවින්…
මධ්‍යම පලාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින මස්කෙළිය විවිධ සේවා සමූපකාර සමිතියේ ගිණුම් 2016.09.01 දින සිට මේ දක්වා සමූපකාර දෙපාර්තමේන්තුවෙන් ව්‍යවස්ථාපිත විගණනයක් සිදු කර නොමැති බව නුවරඑළිිය සමූපකාර සංවර්ධන කොමසාරිස්වරිය පවසනවා. මධ්‍යම පලාත් සමූපකාර දෙපාර්තමේන්තුව යටතේ ඇති නුවරඑළිය නියෝජ්‍ය සමූපකාර සංවර්ධන කොමසාරිස් කාර්යාලය මගින් වසරක් පාසා අනිවාර්යෙන් ව්‍යවස්ථාපිත විගණනයක් කළයුතු වුවද, වසර 07 ක දීර්ඝ කාලයක් තිස්සේ මස්කෙළිය විවිධ සේවා සමූපකාර සමිතියේ ගිණුම් මෙසේ විගණනය නොකිරීම සම්බන්ධව මෙම සමිතියේ ග්‍රාමීය බැංකු ශාඛාවල ගිණුම් පවත්වාගෙන යන ගණුදෙනු කරුවන් විමතිය පළ කර සිටිනවා. තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මස්කෙළිය විවිධ සේවා සමූපකාර සමිතිය මගින් පාලනය කෙරෙණ ග්‍රාමීය බැංකු ශාඛාවන් පිළිබඳව කරන ලද…
නැගෙනහිර පළාතේ අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කයන්හි රෝගී රෝහල්හි පවතින ගැටලු, අඩුපාඩු පිළිබඳව සොයා බැලීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණර්ධන මහතා ඇතුළු එම අමාත්‍යංශය පසුගිය දිනවල විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වුුුණා. සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් මත සිදු කෙරුණු මෙම විශේෂ නිරීක්ෂණ චාරිකාවේ දී පොතුවිල් මුළික රෝහල, පානම ප්‍රාදේශීය රෝහල, දීඝවාපිය ප්‍රාදේශීය රෝහල, අක්කරෙයිපත්තුව මුළික රෝහල හා මඩකලපුව ශික්ෂණ රෝහල යන රෝහල් පිළිබඳව සොයා බැලීම් සිදුකළා. මෙහිදී පොතුවිල් මුලික රෝහලේ බාහිර රෝගී අංශයට පැමිණෙන රෝගීන්‌ගේ විස්තර පරිගණක ගත කිරීමේ ක්‍රමවේදය ආරම්භ කිරීමත්, මඩකලපුව ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශය ඩිජිටල් ගත කිරීමත්, සුවදිවි සායන මධ්‍යස්ථානය හා ප්‍රතිසංස්කරණය කරන ලද මෞත්‍ර ලිංගික ශල්‍ය වාට්ටුව ද රෝගී ප්‍රතිකාර සේවාවට එක් කිරීමද …
පාසලේ දරුවන්ට මුදල් අයකර අමතර පන්ති පවත්වන ගුරුවරුන්ට වැඩ වරදී. පළාත් ආණ්ඩුකාරවරයා අසාධරණ අමතර පන්ති වලක්වමින් ප්‍රතිමත්තිමය තීරණයට අත්සන් තබයි. ගුරුභවතුන් තම පාසලේ තමන් උගන්වන පන්තියේ දරුවන්ට පාසල් වේලාවෙන් බැහැරව මුදල් අයකරමින් අමතර පන්ති පැවැත්වීම වලක්වාලමින් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් යු.බී හේරත් මහතා විසින් අංක PDE/2023/01 හා 2023.06.08 දිනැතිව නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අදාල ලේඛනයේ සදහන් පරිදි යහපත් චේතනාවෙන් මුදල් අයකිරීමකින් තොරව අමතර දැනුම දරුවන්ට ලබාදෙන ගුරු භවතුන්ට කිසිදු බාධාවක් ඇති නොවන අතර, මෙම යෝජනාව දරුවන්ට වන අසාධාරණය වළක්වාලමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඤ ලලිත් යු ගමගේ මහතා ලබාගත් තීරණයකට අනුව ක්‍රියාත්මක වන අතර, වඩා සාධාරණ පාසල්…
ඉන්දියාව සභාපතිත්වය දරණ ජි 20 සමුළුවේ සංවර්ධන අමාත්‍යවරුන්ගේ රැස්වීම මේදිනවල පැවැත්වෙනවා. ඒ, ඉන්දියාවේ වරණාසි හිදීයි. ඒ සඳහා රටවල් රැසක් නියෝජනය කරමින් අමාත්‍යවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් වරණාසි වෙත පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. පසුගිය ඉරිදා ආරම්භ වූ සමුළුව අදින් අවසන් වනු ඇති.එම රැස්වීමට සමගාමීව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ප්‍රංශ, බංග්ලාදේශ, සහ බ්‍රිතාන්‍යයේ නියෝජිතයින් පිරිසක් ද හමුවී තිබෙනවා. ඉන්දීය මාධ්‍ය පැවසුවේ ඉන්දීය විදේශ අමාත්‍යවරයා එහිදී බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා , බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ රාජ්‍ය සංවර්ධන අමාත්‍යවරුන් හමුවී සාකච්ඡා කළ බවයි. එහිදී රටවල් අතර පවතින සහයෝගිතා සහ සංවර්ධන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා සබරගමු පළාත් ආණ්ඩුකාර ලෙස පත් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇති බව සදහන් . සබරගමුව පළාත් හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ආණ්ඩුකාර ධුරයෙන් 10 වැනිදා ඉල්ලා අස් වුනා .
පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන්, අනුබල දුන් පුද්ගලයන් වැඩිකල් යාමට මත්තෙන් ඔවුනොවුන් පාවා දී මෙම ප්‍රහාරයේ සත්‍ය හෙළි වන බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ ඊයේ පැවති 189 වන වාර්ෂික මංගල්‍යයට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා. මේ එහිදි වැඩිදුරටත් අදහස් පළ කළ කාදිනල් හිමිපාණන්.
මැතිවරණ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අද කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මේ අතර මැතිවරණය සදහා වන වියදම් පාලනය කිරීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට ද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව එහිදි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළා.
පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතාගේ ඉල්ලා අස්වීම භාර ගත් බවට විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අවුරුදු දෙකක කොන්ත්‍රාත් පදනම මත ඒ මහතා අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ කටයුතු කර ඇති අතර පසුව තවත් අවුරුද්දක සේවා දිගුවක් ලබා දීමට කටයුතු කර ඇති බව අද කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළා.
දැනට කැඳවා ඇති නාම යෝජනා අවලංගු කර පළාත් පාලන ඡන්ද විමසීම අවලංගු කරන ලෙසට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවැති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේදී මේ පිළිබද සංවාදයට ලක් ව ඇති බව සදහන්. උපදේශක කාරක සභාවට සහභාගි වූ පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් එහිදී පෙන්වා දී ඇත්තේ නාමයෝජනා අවලංගු කර ඡන්ද විමසීම යලි කැදවූ පසු නැවත නාමයෝජනා කැඳවීම වඩාත් සුදුසු බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222