Author: VNews

පාන් මිලෙහි කිසිඳු සංශෝධනයක් සිදු නොකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති එන්. කේ ජයවර්ධන මහතා පවසන්නේ බලපත්‍රලාභින්ට පමණක් තිරිඟු පිටි ආනයනය කිරීමට අවස්ථාව ලබාදීමට ගෙන ඇති තීරණය හේතුවෙන් මෙම පියවර ගත් බවයි. අද දිනයේදි පාන් මිල සංශෝධනය කිරීමට නියමිතව තිබුනා.

තව කියවන්​න

බලපත්‍රයේ අනුමත ප්‍රමාණයට වඩා ගාන්ඩිස් දැව කදන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් රියදුරු සමග අද (15) දින හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. හැටන් වන අඩවි කාර්යාලය මගින් මස්කෙලිය සාමිමලේ සිට මොරටුව දක්වා දැව කදන් 20 ක් අද (15) දින ප්‍රවාහනය කිරීමට බලපත්‍රයක් නිකුත් කර ඇති අතර ලොරි රථය අත්අඩංගුවට ගත් අවස්තාවේ ලොරි රථයේ දැව කදන් 40 ක් තිබු බවයි ලොරි රථය පොලිස් භාරයට ගත් රථ වාහන අංශයේ නිලධාරින් කියා සිටියේ. ලොරි රථයේ ප්‍රවාහනය කරමින් තිබු දැව කදන් 40 සදහා වන අඩවි කාර්යාලය මගින් දැව කදන් වල මුද්‍රාව සදහන් කර තිබුණද බලපත්‍රයේ ප්‍රවාහනය කිරීමට අනුමැතිය…

තව කියවන්​න

ජනවාර්ගික, ආගමික වැනි විවිධ බෙදීම් නොකර සියලු දූ දරුවන් එක සේ සළකා කටයුතු කළ යුතු බවත් පාසල් භූමි රජයේ ඉඩම් බැවින් ඒවා පාසල් අතර ගැටුම් දක්වා වර්ධනය නොවීය යුතු බවත් , මෙපමණ කාලයක් මෙවන් ගැටළු තිබීම අනුමත කළ නොහැකි බව හා කෙසේ හෝ මෙම භූමි රජය සතු බැවින් හා දරුවන් වෙත වෙන් කළ ඒවා බැවින් අනවශ්‍ය ලෙස ආරවුල් නිර්මාණය කර ගැනීම  අනවශ්‍ය බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පවසනවා. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ, මාතලේ අධ්‍යාපන කොට්ඨාශයේ උකුවෙල කුරීවෙල මහින්ද රාජපක්ෂ නවෝද්‍යා මහා විද්‍යාලයේ සහ කුරීවෙල හමීඩියා විද්‍යාලය යන විද්‍යාලයන්හී අතර පවතින පාසල් භූමිය සම්බන්ධයෙන්…

තව කියවන්​න

යාපනය,මන්දිකෙයි ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් ඊයේ(14) හදිසියේ ගිනිගෙන ඇති බව ප්‍රදේශවාසීන් පැවසුවා. ප්‍රදේශවාසීන් පැවසුවේ හදිසියේම විදුලි ට්‍රාන්ෆෝමරයට සම්බන්ධ කොටස් කිහිපයක් ගිනිගත් අතර, ඒ සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ සේවකයින් දැනුවත් කළ බවයි. යාපනය විදුලිබල මණ්ඩල සේවකයින් පැමිණ ගින්න නිවා දමා සිදුවෙන්නට ගිය විනාශය වළක්වා ගත් බවත් ප්‍රදේශවාසීන් පැවසුවා. විදුලිබල මණ්ඩල සේවකයින් පවසන්නේ විදුලි කාන්දුවක් ගින්නට හේතුවන්නට ඇති බවයි.

තව කියවන්​න

උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා නිශ්චිත මාසයක් නෛතිකව ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමේ අමාත්‍ය කමිටුවට සහාය වීම සදහා පත් කරන ලද විශේෂඥ කමිටුවේ පළමු සාකච්ඡාවට ජනාධිපති කාර්යාලයේදී එක්වෙමින්. ඉදිරිය්දී ඒ පිළිබදව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා කියා සිටියා. මේ අතර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය එළඹෙන ඔක්තෝම්බර් මස 15 වන දින පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිට ජූලි මස 06 වන දා දක්වා අයදුම්පත් කැඳවනු ලබන බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ.

තව කියවන්​න

ජාත්‍යන්තර පොලිස් සංගමයේ සමුළුවකට සහභාගි වීම සඳහා එක්සත් රාජධානියට පිටත්ව ගිය ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරින් සිව් දෙනෙකුට එරෙහිව සේවය අතහැරයාමේ නියෝග නිකුත් කර තිබෙනවා. මෙම සමුළුවට සහභාගි වීම සඳහා පොලිස් නිලධාරින් 06 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගිය මාසයේදී මෙරටින් පිටත්ව ගොස් තිබෙන බවයි පොලිසිය පවසන්නේ. කෙසේ වෙතත් පසුගිය 04 වන දා ඔවුන් නැවත රාජකාරියට වාර්තා කළ යුතුව තිබුණ ද මෙතෙක් මෙරටට පැමිණ ඇත්තේ ඉන් දෙදෙනෙකු පමණක් බවටයි වාර්තා වන්නේ. මෙලෙස මේ වන තෙක් මෙරටට නොපැමිණ ඇත්තේ පොලිස් ක්‍රීඩා කොට්ඨාශයට අනුයුක්තව සේවයේ නිරතව සිටින පොලිස් සැරයන් 4 දෙනෙකු බවටයි වාර්තා වන්නේ. මේ වන තෙක් ශ්‍රී ලංකාවට පැමිණ නැති නිලධාරින් සිව් දෙනා පොලිස්…

තව කියවන්​න

අධ්‍යනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විද්‍යා විෂයධාරාව ඇතුළු විෂයන් 40ක පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනපුරා ඇඟයීම් මධ්‍යස්ථාන 39කදී ඇඟයීම් මණ්ඩල 519කදී පිළිතුරු පත්‍ර ඇඟයීමේ කටයුතු සිදුකරන බවයි. ජූලි මස 04 වනදා දක්වා නගර 18ක් ක්‍රේන්ද්‍ර කරමින් එම ඇගයිම් කටයුතු සිදු කිරීම සඳහා පාසල් අර්ධ වශයෙන් යොදා ගැනීමට සැලසුම් කර තිබෙන බවද වාර්තා වෙනවා. එම ඇගයීම් කටයුතු අවසන් වීමත් සමඟ උසස් පෙළ ඉංග්‍රීසි මාධ්‍ය පිළිතුරු පත්‍රවල ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

තව කියවන්​න

කළුතර බන්ධනාගාරයේ රැඳවියෙකු වන තම පුත්‍රයා හට මත්කුඩු ලබා දීම සඳහා රැගෙන පැමිණි මවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර විලේගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක බවටයි කළුතර උතුර පොලිසිය කියා සිටියේ. බන්ධනාගාරයේ රඳවා සිටින තම පුත්‍රයා බැලීම සඳහා අදාළ සැකකාරිය බන්ධනාගාරය වෙත පැමිණි අවස්ථාවේදී ඇය සතුව තිබූ පාර්සලය බන්ධනාගාර නිලධාරින් විසින් පරීක්ෂා කර තිබෙනවා. ඉන් අනතුරුව ඇය රැගෙන ආ පාර්සලයේ ඇඳුමක බහා සඟවා තිබූ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 5 කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති බවටයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා අද සබරගමු පළාත් ආණ්ඩුකාර ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතව තිබෙනවා. නව ආණ්ඩුකාරවරයා රත්නපුර එෛතිහාසික සුමන සමන් දේවාලය වැඳ පුදා ගැනීමෙන් පසුවයි නව ආණ්ඩුකාර ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතව ඇත්තේ. සබරගමු පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසුරිය මහතා පැවසුවේ රත්නපුර නව නගරයේ පිහිටි පළාත් සභා සංකීර්ණයේ ඇති ආණ්ඩුකාර නිල කාර්යාලයේදී නවීන් දිසානායක මහතා වැඩ භාර ගැනීමට නියමිත බවයි.

තව කියවන්​න

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ මේ වනවිට සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායකවරයෙකු ලෙස කටයුතු කරන පී. ඩී අබේරත්න මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. හොරණ ප්‍රදේශයේදී අහසට වෙඩිතබා පිරිසක් බියවැද්දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොහුව අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ. හිටපු මන්ත්‍රීවරයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න