- ත්‍රීරෝද රියක් අඩි 25ක ප්‍රපාතයකට පෙරළෙයි
- ශ්‍රී ලංකා 19 පහළ කාන්තා කණ්ඩායම ලකුණු 138ක් ලබාගනී
- කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති මහීල් රංගජීව අභාවප්‍රාප්ත වෙයි.
- ඉරාන ජනාධිපතිගෙන් ප්‍රකාශයක්
- නාවලපිටියේ දී ත්‍රීරෝද රථයක් ගිනි ගනී
- පොලිස් විශේෂ මෙහෙයුම් අඛණ්ඩව
- අපරාධකරුවන් 30කට රතු නිවේදන
- මාරක අනතුරු කිහිපයකින් 05ක් ජීවිතක්ෂයට
Author: VNews
පරිඝණක අපරාධ සිදුවීම් පිළිබඳ ලැබෙන පැමිණිලිවල ඉහළ යාමක් දක්නට ලැබෙන බව පොලිසිය පවසනවා. පරිඝණක අපරාධ විමර්ශන කොට්ඨාශය පැවසුවේ මේ වසර තුළදී ඊට අදාළව පුද්ගලයින් 75ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවයි. අද කෙළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්.පී ජයනෙත්සිරි මහතා මේ බව අනාවරණ කළා. ඔහු කියා සිටියේ සමාජ මාධ්‍ය ඔස්සේ මුල්‍ය වංචා කිරීමේ සිදුවීම් 108ක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවයි. අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වෙළද දැන්වීම් මගින් සිදුකරන මුල්‍ය වංචා පිළිබදව ද සහකාර පොලිසි අධිකාරි ජයනෙත්ති මහතා අදහස් පලකළා.
05 වන ජාතික තරුණ පාර්ලිමේන්තුවේ තුන් වන සැසිවාරය අද ආරම්භවනවා. ඒ කොළඹ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ පිහිටි පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදීයි. අද සහ හෙට යන දෙදින පුරා තරුණ පාර්ලිමේන්තු සැසිය පැවැත්වෙන බවයි ජාතික තරුණ සේවා සභාව නිවේදනය කළේ. යෝජිත තරුණ පාර්ලිමේන්තු පනත් කෙටුම්පත පිළිබද විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.
දූෂණ විරෝධි පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය ලබන 21 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව විසිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ. පාර්ලිමේන්තුව ලබන 20 වනදා සිට 23 වනදා දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා. අයවැය කාර්යාලය පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය 20 වනදා පැවැත්වෙනු ඇති. එමෙන්ම පසුගියදා ජාතික අමතා ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදය ලබන 22 වනදා පැවැත්වීමට නියමිතයි. පාර්ලිමේන්තුවේ විපක්ෂය විසින් ගෙනආ යෝජනාවකට අනුවයි මේ සම්බන්ධයෙන් විවාදය පැවැත්වීමට තීරණය වී ඇත්තේ.
පස් කන්දක් කඩාවැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නුවරඑළිය වෙඩමන් පාර ප්‍රදේශයේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ. ඉඳිකරන ලද ගොඩනැගිල්ලක් අසල පැති බැම්මක් සකස් කරමින් සිටි කම්කරුවන් දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔවුන් බංගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් බවයි පොලිසිය සදහන් කළේ.
ඉංග්‍රිසි භාෂාව ඉගැන්වීමට අවශ්‍ය ගුරුවරුන් හා යටිතල පහසුකම් ලබා දී ඉංග්‍රිසි භාෂාව ජාතික භාෂාවක් ලෙස ඉදිරියට ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අරලිය ගහ මන්දිරයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. ඉංග්‍රිසි භාෂාවට පමණක් සීමා නොවී චීන, ජපන්, හින්දි සහ අරාබි වැනි භාෂාවන්ද ඉගෙන ගැනීමට අවශ්‍ය පහසුකම් සලසන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ.
රුසියාව මෙරට න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයේ ලොව ප්‍රධාන ආයතනයක් වන රුසියානු රාජ්‍ය පරමානුක බලශක්ති සංස්ථාව විසිනුයි මෙය සැලසුම් කර ඇත්තේ. පසුගියදා පැවති සාන්ත පීටර්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සමුළුවේදීයි මේ බව අනාවරණ කර තිබෙනවා. අදාළ ආයතනය ශ්‍රී ලංකාව හවුල්කරගනිමින් මෙගාවොට් 300ක ධාරිතාවයකින් යුතු න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.
අමෙරිකාවේ ටෙක්සාස්හි ප්‍රදේශ කිහිපයකට ටොනේඩෝ සුළි කුණාටු තත්ත්වයක් ඇතිවී තිබෙනවා. මේ හේතුවෙන් පුද්ලයින් තුන් දෙනෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ටොනේඩෝවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇත්තේ අමෙරිකාවේ ටෙක්සාස් නුවර උතුරු දිග ප්‍රදේශයටයි. ටෙක්සාස්හිදී නිවාස ඇතුළු දේපොළ රැසකට දැඩි හානි සිදුව තිබෙනවා. ටොනේඩෝවෙන් පුද්ගලයින් 100ක් පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවන දිනය (17) අදයි. ඊයේ දිනට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඔස්ටේ්‍රලියානු කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 14ක් ලබා සිටියා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම කඩුලු 08ක් දැවී ලකුණු 393ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවනු ලැබුවා. ජෝයි රූට් නොදැවී ලකුණු 118ක් රැස් කළා. පන්දු යැවීමේදී නේදන් ලයන් කඩුළු 4ක් දවා ගැනීමට සමත් වුණා. තරගය පැවැත්වෙන්නේ එංගලන්තයේ බ්‍රමින්හැම් ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදීයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශයේ සහ බ්‍රිතාන්‍යයේ සංචාරයක් සදහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. අප ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේ ජනාධිපතිවරයා සමග රජයේ දුත පිරිසක් ද මෙම සංචාරයට එක්ව සිටි බවයි. ඔවුන් අද අළුයම 03.30ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් පිටවත්ව ගොස් තිබෙනවා. ගෝලීය නායකයින් සමුළුවේ දේශනයක් සදහා ප්‍රංශ ජනාධිපතිවරයා පසුගියදා රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා කර තිබුණා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි සිසුවෙකු අභිරහස් ලෙස මියගොස් සිටියදී පොලීසිය විසින් සොයාගෙන තිබුණා. මහරගම කටුවාවල ප්‍රදේශයේ එම විශ්වවිද්‍යාලය මගින් කුළී පදනම මත පවත්වාගෙන යන ශිෂ්‍ය නේවාසිකාගාරයක බිම් මහලේ එල්ලෙමින් තිබියදී ඔහුගේ සිරුර සොයාගෙන ඇති අතර අනෙක් සිසුන් ලණුව කපා දමා ඔහුව පරීක්ෂා කිරීමේදී මියගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා. මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ යාපනය කයිට්ස් ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි වියේ පසුවූ සිසුවෙකි. මියගොස් ඇති සිසුවාගේ ඥාතීන් අදාළ මරණය සැක සහිත බව පැවසීමත් සමඟ මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුකිරීමට තීරණය කර තිබෙන අතර මහරගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා. එම නේවාසිකාගාරයේ තවත් සිසුන් 64කට ආසන්න ප්‍රමාණයක්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222