- ත්‍රීරෝද රියක් අඩි 25ක ප්‍රපාතයකට පෙරළෙයි
- ශ්‍රී ලංකා 19 පහළ කාන්තා කණ්ඩායම ලකුණු 138ක් ලබාගනී
- කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති මහීල් රංගජීව අභාවප්‍රාප්ත වෙයි.
- ඉරාන ජනාධිපතිගෙන් ප්‍රකාශයක්
- නාවලපිටියේ දී ත්‍රීරෝද රථයක් ගිනි ගනී
- පොලිස් විශේෂ මෙහෙයුම් අඛණ්ඩව
- අපරාධකරුවන් 30කට රතු නිවේදන
- මාරක අනතුරු කිහිපයකින් 05ක් ජීවිතක්ෂයට
Author: VNews
සීනිගම ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු අද දහවල් මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බවයි මීටියාගොඩ පොලීසිය සඳහන් කලේ. හිටපු මන්ත්‍රීවරයාගේ උර හිසට වෙඩි වැදී ඇති බවත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කලා.
සිව්වන වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්දයෙන් මාතර අකුරැස්ස ප්‍රදේශයේ කණිෂ්ඨ විද්‍යාලයක විදුහල්පතිවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය සිකුරාදා විදුහල්පතිවරයා විසින් මෙම පහර දීම සිදුකර ඇති අතර අදාළ සිසුවා නිවසට ගිය පසු එකවරම වමනය කිරීම හේතුවෙන් දෙමාපියන් දරුවාගෙන් ඒ පිලිබඳ ප්‍රශ්න කර තිබුනා. එහිදී සිසුවා තමන්ට විදුහල්පතිවරයා කළ පහරදීම සම්බන්ධයෙන් දෙමාපියන්ට පවසා ඇති අතර පසුව ඔහු රෝහල් ගත කිරීමටයි මවුපියන් කටයුතු කර තිබුනේ. අනතුරුව දෙමාපියන් විසින් මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර ඇති අතර ඒ අනුව අදාළ සැකකාර විදුහල්පතිවරයා ඊයේ සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන්දියාව සහ අමෙරිකාව අතර හවුල්කාරිත්වය නොවරදින බව හා එය පොරොන්දු වලින් පිරී ඇති බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසනවා. ඔහු ඒ බව සඳහන් කළේ අමෙරිකානු – ඉන්දීය ව්‍යාපාරික කවුන්සිලයේ සමුළුව අමතමින්.එය ඉකුත්දා වොෂිංටනයේ දී පැවැත්වුණා. එම සමුළුව මෙවර පැවැත්වුණේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අමෙරිකානු සංචාරය සඳහා දෙරට සූදානම් වෙමින් සිටින පසුබිමක් තුළයි. කෙසේවෙතත් සමුළුව අමතමින් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේ ඉන්දියාව සහ අමෙරිකාව යනු විශාල සහ සංකීර්ණ රටවල් ද්විත්වයක් බවයි. දෙරට අතර විනිවිදභාවය ඉදිරියට ගෙන යාමට, වෙළඳපල ප්‍රවේශය ප්‍රවර්ධනය කිරීමට හා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට දෙපාර්ශවයටම විශාල කාර්යය භාරයක් ඇති බව ද අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා අවධාරණය කර තිබෙනවා.
ගත වූ මාස 5 ක කාලසීමාව තුළ ලාදුරු රෝගීන් 600 ක් පමණ වාර්තා වී ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසනවා. ඉන් වැඩිම රෝගීන් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි ලාදුරු මර්දන ව්‍යාපාරයේ වැඩබලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා සඳහන් කලේ කොළඹ දිස්ත්‍රික්කයෙන් මේ වනවිට ලාදුරු රෝගීන් 100 ක් වාර්තා වී ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 66 ක්, මඩකලපුවෙන් 56 ක් සහ කලුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 47 දෙනෙක් වාර්තා වී ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කලේ.
සුරාබදු නිලධාරින්ගේ ආරක්ෂාව සඳහා ඉදිරියේදී පිස්තෝල ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නාවික හමුදාවේ සහය ඇතිව මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල 118 ක් මිලදී ගැනීමට කටයුතු කරන බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සහ අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා සඳහන් කලේ. ඒ මහතා කියා සිටියේ නිලධාරින්ගේ ආරක්ෂාව සනාථ කර ගැනීමට කාලනුරූපීව ගිනි අවි භාවිත කිරීම අවශ්‍ය බවයි.
ශ්‍රී ලංකා යුධ හමුදා ආබාධිත විශ්‍රාමික රණවිරුවන් හට මෙතෙක් ගෙවූ සලාක මුදල කපා හැරීමට විරෝධය පා රණවිරු අපි වෙනුවෙන් අපි එකමුතුව 17 දින මහනුවර දළදා මාලිගාව ඉදිරිපිට අධිෂ්ඨාන පූජාවක නිරත වුනා. රණවිරු අපි වෙනුවෙන් අපි එකමුතුවේ කැඳවුම්කරු විශ්‍රාමික යුධ හමුදා බලලත් නිලධාරි එන්.ඒ.ජේ. නිශ්ශංක කියා සිටියේ රටේ ඒකීයභාවය වෙනුවෙන් දිවි නොතකා සටන් වැද මියගිය, අතුරුදහන්වූ හා ආබාධිත යුධ හමුදා රණවිරුවන් තිස් දහසකට අධික රණවිරුවන් හා ඔවුන්ගේ පවුල් වෙනුවෙන් ගෙවන ලද සලාක මුදල මාස දෙකක සිට අත්හිටුවීම විශාල අසාධාරණයක් බවයි. ‘වසර 30 ක කුරිරු යුද්ධය දිවි පුදා නිමා කළ ත්‍රිවිධ හමුදාවටම ලබාදුන් මෙම සලාක මුදල මේ වන විට යුද හමුදාවෙන් පමණක්…
රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ සහාය ගුවන් නියමුවකු , ඔහු නැවතී සිටි හෝටලයේ ඇද වැටී මිය ගොස් තිබූ අතර , ඔහුගේ ඥාතීන් රුසියාවේ සිට පැමිණෙන තෙක් මරණ පරීක්ෂණය අත්හිහිටුවා ඇති බව කටුනායක පොලිසියේ උසස් නිලධාරීවරයෙකු පැවසුුුවා. 63 හැවිරිදි Dovgaienko Valerii නැමැති රුසියානු ජාතික සහාය ගුවන් නියමුවා ඉකුත් 06/15 දින රාත්‍රී 10.00 ට පමණ , ඔවුන් නැවතී සිටි ” ටැමරින් ට්‍රී ” නැමැති හෝටලයේ කානුවකට ඇද වැටීමෙන් මිය ගොස් තිබුණා. ඔහු 06/16 දින දහවල් 12.30 ට කටුනායක සිට රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබූ රුසියානු එරොෆ්ලොට් ගුවන් යානයේ සහාය නියමුවා ලෙස කටයුතු කිරීමට නියමිතව සිටියා. මෙසේ මිය ගොස් සිටින…
තම කුඩා දියණියන් දෙදෙනාත් පුතාත් ජීවත්කරවන ආදර්ශමත් ආදරණීය පියෙකු දඹුල්ල වෑවලවැව ප්‍රදේශයේ අලකොලවැව නම් වූ අති දුෂ්කර වනයක් ආසන්නයේ ජිවත් වන පවුලක් පියවරුන්ගේ දිනයදා අපට හමු වුුුනා. දඹුල්ල වෑවලවැව අලකොල වැව ප්‍රදේශයේ පදිංචිව සිටින ජි .ජි .රුවන් කුමාර නමැති 41 හැවිරිදි මෙම තාත්තා දරුවන් තිදෙනෙකුගේ පියෙකි. කුඩාවට තනාගත් පුංචි කාමර දෙකක ඔවුහු ජීවත් වන අතර,ඔහුගේ ආදරණීය බිරිඳ චමිලා ජයතිලක 38 වියේ පසුවෙද්දී කිසිදු ලෙඩක් රෝගයක් පෙන්නුම් නොකොට එක වැරම වැලළඳුණු හිසේ කැක්කුම්ක් දරා ගැනීමට නොහැකිව හදිසියේම මියගිය බව රුවන් කුමාර දෑස් වලින් කඳුළු වගුරුවමින් සිහිපත් කරන්නට විය. හදිසි රෝගාතුර වීමකින් තම පණ මෙන් ආදරය කළ බිරිද මිය යෑමත් සමග දියණියන්…
දුර්ලභ ගණයේ කලල පිහිටීමක් සැත්කමකින් පසු සාර්ථක දරු උපතක් සිදුකිරීමට කොළඹ ද සොයිසා රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් සමත් වී තිබෙනවා. මෙය ගැබිනි මව්වරුන්ගෙන් තිස් දහසකින් එක් අයෙකුට මුහුණ දීමට සිදුවන දුර්ලභ ගණයේ කලල පිහිටිමක් බවයි වෛද්‍යවරුන් සදහන් කළේ. ඉතා දුර්ලභ ගණයේ දරු උපතක් ශල්‍යකර්මයකින් සාර්ථකව සිදුකිරීමට මෙලෙස සිසේරියන් සැත්කමකට මුහුණ දුන්නේ කින්නියා ප්‍රදේශයේ පදිංචි මවක්ය අදාළ සැත්කම සිදුකළ වෛද්‍ය කණ්ඩායාමේ වෛද්‍ය මොහොමඩ් රිෂාඩ් මහතා මෙලෙස අදහස් පලකළා.
අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ව්‍යාපාරික කටයුතු නියාමනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා. ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සදහා වන කාරක සභාවේදීයි මේ පිළිබද අවධානය යොමුව ඇත්තේ. අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ව්‍යාපාර සහ ඊට සම්බන්ධ සාමාගම් බදු ගෙවීම් පිළිබද නියාමනය සඳහා විධිමත් යාන්ත්‍රණයක් නොමැති බව එම කාරක සභාවේ දී අනාවරණ වී තිබෙනවා. ඒ අනුව මේ පිළිබද කඩිනමින් අවධානය යොමුකර අවශ්‍ය පියවර ගතයුතු බවයි කාරක සභාවේදී සාකච්ඡා වී ඇත්තේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222