- බංග්ලාදේශයට ශ්‍රී ලංකාවෙන් ප්‍රබල ප්‍රහාරයක්…
- පිටකොටුවේ ගින්නක්
- කෝටි ගානක මත්ද්‍රව්‍ය ගුවන් තොටුපොලේ වැසිකිළියකින් මතුවෙයි
- නීති විරෝධීව එකලස් කරමින් තිබූ ජීප් රථ දෙකක් පොලිස් භාරයට
- බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් පිරිසක් රෝහලට
- කාසියේ වාසිය බංග්ලාදේශයට
- ඊශ්‍රායලයේ අතුරුදන්ව සිටියදී සොයා ගත් තරුණයා දිවයිනට
- හදිසියේ ඇති වූ ගින්නෙන් ත්‍රීරෝද රථය අළුවෙයි
Author: VNews
පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් ලබා දෙන ලෙස භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් මෙම සතියේදී යළි ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා පවසනවා. රටේ ආර්ථික තත්වය තරමක් දුරට යහපත් මට්ටමක පවතින බවට රජයේ පාර්ශ්වයෙන්ම ප්‍රකාශ නිකුත් කෙරෙන බැවින් මෙම ඉල්ලීම කරන බවයි ඔහු සඳහන් කළේ. පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර රජයෙන් ඉල්ලීම් ගණනාවක් කළා. කෙසේවෙතත් රටේ පවතින මූල්‍ය අර්බුදය හේතුවෙන් මුදල් ලබා දිය නොහැකි බව භාණ්ඩාගාර ලේකම්වරයා එම කොමිෂන් සභාවට දැනුම් දී තිබුණා. මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා බහුතරයක්ද මේ වනවිට මුද්‍රණය කර අවසන්ව පවතිනවා.…
රජ වීදිය ඔස්සේ ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයට ඇතුළු කිරීමට ගිය මහනුවර මහ නගර සභාවට අයත් කසළ ප්‍රවාහන ලොරි රථයක තිබී ටී.56 ගිනි අවි සඳහා යොදන හිස් පතරොම් කොපු 32ක් ඊයේ පස්වරුවේ සොයාගෙන තිබෙනවා. දළදා මාලිගාවට අයත් ආරක්ෂිත කලාපයේ පිහිටි රජ වීදිය පොලිස් මුරපොළේ නිලධාරීන් විසින් සිදු කළ පරීක්ෂාවකදී ලොරි රථයේ තිබු කුඩා පොහොර උරයක තිබී මෙම හිස් පතරොම් කොපු තොගය හමුවී ඇති බව සදහන් .ලොරි රථයේ රියැදුරු සහ රිය සහායකයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද දින අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඒ මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අදවරෙන්තු නිකුත් කලා . 2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ දී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කළේ යැයි ඔහු චෝදනා එල්ල වනවා අනතුරුව එම නඩුව සැප්තැම්බර් මස 11 වනදා දක්වා කල්තැබීමට නියම කළා .
විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ නව වැඩපිළිවෙල සඳහා ඇඟිලි සලකුණු ලබා ගැනීම අද සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසුවේ, දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51ක මෙම කටයුතු සිදු කරන බවයි. මෙහිදී සකස් කෙරෙන ගමන් බලපත්‍රය අයදුම්කරුගේ නිවස වෙත ලැබීමට සලස්වන බවයි ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා කියා සිටියේ. විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා ගෙවීම් කිරීමට පෙර අයැදුම් පත්‍රය පරීක්ෂාවකට ලක් කෙරෙන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. ආගමන විගමන පාලක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා දෛනිකව පුද්ගලයින් 765 කුගේ පමණ ඇඟිලි සලකුණු ලබා ගන්නා බවයි.
2023 ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලියේ තවත් තරග තුනක් පසුගිය දින වලදී පැවත්වුනා. ඒ අතරින් පළමු තරගය මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සහ විද්‍යා විද්‍යාලය අතරයි පැවත්වුනේ. සමස්ත තරගාවලියේ 2 වැනි තරගය වූ මෙම තරගය ජුනි 16 වනදා බෝගම්බර රග්බි ක්‍රීඩාංගණයේදී ආරම්භ වුනා. එහිදී විද්‍යාර්ථ විදුහල් පිල ලකුණු 26 ට 19ක් වශයෙන් විද්‍යා විදුහලට එරෙහිව තියුණු ජයක් වාර්තා කිරීමටයි සමත් වුනේ. එමෙන්ම මෙම පාසල් ලීග් රග්බි තරගාවලියේ පළමු කාණ්ඩයේ තවත් තරගයක් පසුගිය ජූලි 17 වනදා මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදීම පැවැත්වුණා . එහිදී ලකුණු 17 ට 15 ක් ලෙස ලබා ගනිමින් ඉතිහාසයේ ප්‍රථම වරට ත්‍රිත්ව විද්‍යාලය පරාජය කරමින් ධර්මරාජ විදුහල තියුනු ජයක් වාර්තා කිරීමටයි…
රජය නැවත ජාතිවාදී සහ ආගම්වාදී ගැටුමක් නිර්මාණය කරමින් සිටින බව ජාතික ජන බලවේගය චෝදනා කරනවා . එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අනුරාධපුර දිස්ත්‍රික් සමුළුව අමතමින් මේ බව අවධාරණය කළා .
ඩෙංගු රෝගය තවදුරටත් හිස ඔසවමින් පවතින බැවින් ඩෙංගු මර්දනයට දැඩි අවධානයක් යොමුකළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. මේ දක්වා මෙරටින් හමු වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 45,606ක් බවයි ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ. ඉන් වැඩිම පිරිස හමුවී ඇත්තේ බස්නාහිර පළාතෙන්. එම සංඛ්‍යාව 22,800ක්. ඩෙංගු අවධානම සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 67ක් හඳුනාගෙන ඇති අතර මෙම වර්ෂයේ මේ දක්වා ඩෙංගු මරණ 27ක් වාර්තා වී ඇති බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීම මෙන්ම මදුරු මර්දන සඳහා දැඩි අවධානයක් යොමු කිරීම සෑම පුද්ගලයෙකුගේම යුතුකම බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ.
රුහුණු මහ කතරගම දේවාලයේ ඇසළ පෙරහැර අද ආරම්භ වීමට නියමිතයි. එය ලබන මස 4 වනදා දක්වා පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. එමෙන්ම වගකීමෙන් යුතුව නිසි පරිදි කසළ බැහැර කරන ලෙස රුහුණු මහ කතරගම දේවාලයේ ඇසළ උත්සවයට සහභාගිවීම සඳහා පැමිණෙන බැතිමතුන්ගෙන් මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලීමක් කරනවා. මෙම කාලසීමාව තුළ බැතිමතුන් ලක්ෂ 15 කට ආසන්න පිරිසක් කතරගමට පැමිණෙන බව සඳහන්. අක්‍රමවත් කසළ බැහැරකිරීම හේතුවෙන් කතරගම නගරය, පූජා භූමිය සහ මැණික් ගඟ ආදී ප්‍රදේශවල ඝන අපද්‍රව්‍ය ටොන් 1,700 ක් පමණ එක්රැස්වන බවයි මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙන්නේ. මෙම තත්වය පාලනයට කතරගම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ පෙරහැර කමිටුව සමඟ ඒකාබද්ධව මධ්‍යම පරිසර අධිකාරිය විවිධ වැඩසටහන්…
ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ සංගීත උළෙලකදී සමූහ වෙඩි තැබීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එහිදී පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සඳහන් වන්නේ. මෙහිදී වෙඩි තැබීම සිදු කළ පුද්ගලයෙකුද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය එක්සත් අරාබී එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව අද පැවැත්වෙනවා. සිම්බාබ්වේ බුලවායෝහීදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 12.30ට ආරම්භ වීමට නියමිතයි. මේ අතර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ පළමු තරග දෙකෙන් ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩාම ඊයේ සමත් වුණා. ඒ නේපාල කණ්ඩායම සහ ඇමරිකා කණ්ඩායම පරාජයට පත් කරමින්. එහිදී නේපාලයට එරෙහිව පැවති තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුළු 08ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා. එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නේපාල කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 290ක්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222