Author: VNews

පානදුර – නුගේගොඩ මාර්ගයේ ගමන්ගන්නා බස් රථයක් මොරටුව පොලීසිය අසල ඇති බස්නැවතුම්පොළක සහ ට්‍රාන්ස්පෝමරයක් සහිත විදුලි කණුවක ගැටී තිබෙනවා. බස් රථය රියදුරුගේ පාලනයෙන් ගිලිහීම අනතුරට හේතු වී තිබෙනවා. අද (19) දහවල් 2.30ට පමණ එම අනතුර සිදුව තිබෙනවා. එම අනතුරින් ට්‍රාන්ස්ෆෝමරයට සහ බස් නැවතුම්පොළට දැඩි හානි සිදුවී ඇති අතර බස් රථයේ කොන්දොස්තර සහ බස් නැවතුම්පොළේ සිටි කාන්තාවක් සුළු තුවාල සහිතව රෝහල් ගත කර තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මොරටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතිනවා.

තව කියවන්​න

ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා වරම් ලැබූ ශ්‍රි ලාංකිකයින් දොලොස් දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.06.16 දින කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී සිදුකරනු ලැබුවා. එම කණ්ඩායම ඊශ්‍රායලයේ රැකියා හිමිවූ 61 වන ශ්‍රමික කණ්ඩායම වන අතර එම පිරිස 2023.06.20 දින ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණ අධිකාරිය අතර 2020 වසරේ ඇතිකර ගත් ගිවිසුම ප්‍රකාරව ශ්‍රි ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවන අතර 2022 අප්‍රේල් 28 දින සිට මේ දක්වා ශ්‍රී ලාංකික 384 ක් සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා වරම්…

තව කියවන්​න

මහජනතාව මිථ්‍යාවෙන් මුදවා ගැනීමේ අරමුණින් මිථ්‍යාවේ මිත්‍යාව යන විද්‍යාත්මක පර්යේෂණ  යේළිදරව් කිරීමේ වැඩසටහනක් ඊයේ  (18) රාත්‍රියේ දී  පොළොන්නරුව බැඳිවැව මාඔය ක්‍රීඩාංගණයේදී පැවැත්වුුුණා. මෙය සංවිධානය කර තිබුණේ  youth for change  කණ්ඩායම විසින් වන අතර මේ  අරමුණ මෙරට ජනතාව විශ්වාස කර මිල මුදල් වියදම් කර තමන් නොදන්නා මිත්‍යා පසුපස හඹා යන කරුණු මෙහිදී ජනතාවට දෑසින්ම දැක බලා ගත හැකි වන අයුරින් විද්‍යාත්මකව පහදා දීමයි. ඒ අතර ගිනි ඇවිලෙන තෙල් තාච්චියට අත දැමීම. ඇණ මත ඇවිදීම ගිනිපෑගීම යන කරුණු කාරණා මෙහිදී විද්‍යාත්මකව ඔප්පු කර දුන් අතර  මහජනතාවද එය අත් විඳ ගැනීමට හැකිවුණා.

තව කියවන්​න

මුරුතවෙල වැවේ ජල මට්ටම පහළ යාම හේතුවෙන්  මුරුතවෙල ව්‍යාපාරයේ ගොවි පවුල් රැසකට තම වගාවන් සඳහා ජලය ලබා ගැනීම ඉදිරියේදි ගැටළුවක් වෙන බව එහි ගොවි ජනතාව පවසනවා. මුරුතවෙල ව්‍යාපාරයට හා ඌරුබොකු ඔය ව්‍යාපාරයට අයත් කුඹුරු අක්කර 9,000 ට පමණ ජලය සැපයීම ඉදිරියේදී ගැටළුවක් විය හැකි බවයි වීර කැටිය ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු ගයාන් මාදලුවාගොඩ මහතා ද සඳහන් කළා. මුරුතවෙල වැව වසර ගණනාවකින් වාන් දැමීමේ මට්ටමට පැමිණ නැති බව පවසන ඔහු වැඩි දුරටත් කියා  සිටියේ  මේ වන විට වැවේ ජල ධාරිතාවය අක්කර අඩි 13,000 සීමාවට පැමිණ ඇති බවයි.ව්‍යාපාරය යටතේ වගා කොට ඇති කුඹුරු වලට ප්‍රමාණවත් පරිදි ජලය ලබා දීමට  මෙම ජල ධාරිතාවය ප්‍රමාණවත්…

තව කියවන්​න

ශාන්ති කර්මයක් සිදු කරන අතරතුර මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ දඹුල්ල රෝහලේ වීශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මරණය සම්බන්ධයෙන් 19 දින විවෘත තීන්දුවක් නිකුත් කළා. මළ සිරුර පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කොට ශරීරයේ කොටස් රස පරීක්ෂකවරයා වෙත යවා එහි වාර්තාවක් කැඳවා මරණයට හේතුව ප්‍රකාශයට පත්ක කරන බව පොලීසිය පවසනවා. මෙසේ මියගොස් ඇත්තේ  කැකිරාව කිතුල්හිටියාව ප්‍රදේශ්යේ පදිංචි ඒකනායක මුදියන්සෙද්ලාගේ චාන්දනි කුමාරි ඒකනායක (48)   හැවිරිදි තිදරු මවකි. අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවේ ලග්ගල පොලිසියේ පොලිස් සැරයන් 2519  ඒ .එම් .කරුණාරත්න මහතා දන්වා සිටියේ මෙම කාන්තාව අනියම් සබඳතාවයක් නිසා පවුල්  ආරවුලක් පැවැති බවයි. ඒ අනුව ඇයගේ අනියම් සබඳතාවය ඉවත් කර ගැනීමට නොහැකි…

තව කියවන්​න

මස්කෙළිය විවිධ සේවා සමූපකාර සමිතිය වසර 07 ක පමණ කාලයකින් එම සමිතියේ ගිණුම් සමූපකාර දෙපාර්තමේන්තුවේ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලයට ඉදිරිපත් නොකිරීම නිසා ව්‍යවස්ථාපිත විගණනයක් සිදුකිරීමට නොහැකිව තිබෙන බවත්, එසේ ගිණුම් ඉදිරිපත් නොකිරීමට එරෙහිව  නීති මගින් කටයුතු කිරීමට පියවර ගෙන ඇති බවත් මධ්‍යම පලාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ, නුවරඑළිය කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්  එස්.එස්.ප්‍රේමසිංහ මහත්මිය පැවසුවා. මධ්‍යම පලාත් සමූපකාර දෙපාර්තමේන්තුව මගින් පාලනය කෙරෙන මස්කෙළිය විවිධ සේවා සමූපකාර සමිතියේ ග්‍රාමීය බැංකු ශාඛාවල ගිණුම් සම්බන්ධව විමසා 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත යටතේ මධ්‍යම පලාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා වෙත අප විසින් අයදුම්පත්‍රයක් යොමු කර තිබුණ.එම අයදුම් පත්‍රයට ප්‍රථිචාර දක්වමින්, 2016.09.01 දින සිට මධ්‍යම පලාත්…

තව කියවන්​න

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එක්සත් අරාබි එමිර් රාජ්‍ය සමත් වූවා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට අවස්ථාව ඔවුන් ශ්‍රී ලංකාවට ලබාදුන්නා. කාසියේ වාසිය තමා ලබාගත්තේ නම් පළමුවෙන් පන්දු යැවීමට තෝරා ගැනීමට අවස්ථාව තිබූ බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක කියා සිටියේ. එසේම දුෂ්මන්ත චමීර සුළු ආබාධ තත්ත්වයක් හේතුවෙන් අද තරගයට ක්‍රීඩා නොකරන බවද දසුන් කියා සිටියා. තරගය පස්වරු 12.30ට සිම්බාබ්බේ බුලවායෝහිදී ආරම්භ වනවා. අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේය. පැතුම් නිශ්ශංක, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය…

තව කියවන්​න

ඩුබායි හි රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තානාපති කාර්යාලය මගින් නිකුත් කරන වීසා බලපත්‍ර ව්‍යාජ ලෙස සකස්කකර දී පුද්ගලයින් රැසක් රවටා ලක්ෂ ගණනින් මුදල් වංචා කළ බව කියන පුද්ගලයෙකු මහනුවර පොලීසියේ වංචා විමර්ශන අංශය මගින් ඊයේ  (18) දා සැකපිට අත්අඩංගුවට ගනු ලැබුුුවා. සැකකරු  සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  එම්.එච්.ඒ හලීම් මහතාගේ  සොහොයුරෙකු බව පොලීසිය පවසයි. සැකකරු  ඩුබායි දේශයේ රැකියා ලබා දෙන බව පවසමින්  මුදල් වංචා කළ බවට ලැබුණු පැමිණිලි තුනක් සම්බන්ධයෙන් විමර්ශන කිරීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. මහනුවර මූලස්ථාන පොලිසියේ වංචා විමර්ශන අංශය මගින් එම වීසා බලපත්‍ර  එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ…

තව කියවන්​න

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරට අයත් දෙමහල් නිවසට කිසියම් පිරිසක් විසින් පහර දී තිබෙනවා. අමාත්‍යවරයාගේ ගෝනවිල පමුණුවිල සරච්චන්ද්‍ර ඩයස් මාවතේ පිහිටි නිවසටයි මෙලෙස පහර එල්ල වී ඇත්තේ. මෙම පහරදීමෙන් නිවසේ ජනෙල් අටකට ද හානි සිදුවී ඇති බවයි වාර්තා වෙන්නේ. මෙම පහරදීම සිදු වන අවස්ථාවේ නිවසේ කිසිවකුත් සිට නොමැති බව සඳහන්.

තව කියවන්​න

පියා සහ මවගේ අමානුෂික පහරදිම් හමුවේ නිවසින් පලාවිත් හැටන් දුම්රිය ස්ථානයේ රැදි සිටි 15 හැවිරිදි පාසල් සිසුවෙක් අද (19) දින අලුයම හැටන් පොලිසිය භාරයට ගත් බව හැටන් මුලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා පැවසුුුවා. අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් අම්බර් නැමති මෙම පාසල් සිසුවා කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු රාත්‍රි තැපැල් දුම්රියේ ගමන් කරමින් පාසල් සිසුවා හැටන් දුම්රිය ස්ථානයෙන් (19) දින අලුයම බැස දුම්රිය ස්ථානයේ රැදි සිටියදි හැටන් පොලිසියේ හදිසි ඇමතුම් ඒකකයට ලද දුරකථන පණිවිඩයක් මත අතරමංව සිටි පාසල් සිසුවා පොලිස් භාරගත බවයි පොලිසිය කියා සිටියේ. අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි තම නිවසේ සහ පානදුර ප්‍රදේශයේ පිහිටි මිත්තණියගේ නිවසේ…

තව කියවන්​න