Author: VNews

2023 ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙවර තරගාවලියේදී එක් කණ්ඩායමක් මූලික වටයේ තරග 8 ක් ක්‍රීඩා කළ යුතුයි. අනතුරුව ආරම්භ වන අවසන් පූර්ව වටයේදී තරග 3 ක් පැවැත්වීමට නියමිතයි. ඒ සදහා ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන හතරේ රැඳී සිටින කණ්ඩායම් 4 සුදුසුකම් ලබනවා. මෙවර තරගාවලිය ජූලි 30 වන දා සිට අගෝස්තු 20 වන දා දක්වා පැවැත්වීමට නියමිතයි. තරගාවලියට ඇතුලත්ව ඇති සමස්ත තරග සංඛ්‍යාව 24 ක්.

තව කියවන්​න

පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය  විසින් බණ්ඩාරගම ගුන්ගමුව පාළු කාමරයක දී  පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ  පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරු සමඟ ඩෙටනේටර් කැෆ් 6 ක්, ඇමෝනියා නයිට්‍රේට් කිලෝ 6 ගෑම් 800 ක් වෝටර් ජෙල් 6 ක් හා  සේවා නූල් මිටර් 3 කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු සතුව එම පුපුරණ ද්‍රව්‍ය වලට කිසිදු බලපත්‍රයක් නොතිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු අවස්ථා තුනකදී කාමරේ තුළට ගොස්  සැකකටයුතු ලෙස පිටතට පැමිණ හැසිරෙන අයුරු නිරීක්ෂණය කළ නිලධාරීන් එම ස්ථානය වටලා සිදුකළ සෝදිසි  මෙහෙයුමේදී කාමරය තුළ ඉතා සුක්ෂම ලෙස සඟවා තිබූ පුපුරන ද්‍රව්‍ය…

තව කියවන්​න

තාවකාලික රියදුරු බලපත්‍රවල වලංගු කාලය වසර 2 ක් තෙක් දීර්ඝ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. ලබන සදුදා සිට නිකුත් කරන තාවකාලික රියදුරු බලපත්‍ර සදහා මෙය වලංගු බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට සකස් කරමින් පවතින බව සදහන්. මීට පෙර පැවති කාඩ් හිඟය හේතුවෙන් දැනට ගොඩගැසී ඇති තාවකාලික රියදුරු බලපත්‍ර තොගය අවසන් කිරීම සදහා මෙම පියවර ගත් බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසුවේ.

තව කියවන්​න

බිලියන ගණනින් රටට මුදල් අහිමි කර ඇති බලගතු සමාගම් වලට නීතිය ක්‍රියාත්මක නොකර මුදල් අමාත්‍යංශය සාමාන්‍ය මිනිසුන්ට බදු ගැසීමට කටයුතු කිරීම නිසා මුදල් අමාත්‍යංශයේ විශ්වාසනීයත්වය බිඳවැටෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ඔහු මේ බව පවසා සිටියේ පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් රැස්වූ මුදල් කාරක සභාවේදී අනුමැතිය හිමිවූ ‘පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පත’ පිළිබඳ හා දුෂණ විරෝධී පනත පිළිබඳ අද (20) දින පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයේ අදහස් දක්වමිනි. “ආණ්ඩුවට දැන් සිද්ධ වෙලා තියෙනවා බලගතු ආර්ථික ප්‍රතිසංස්කරණයක් කරගෙන යන්න. ඒ ප්‍රතිසන්ස්කරණයේදී මුදල් අමාත්‍යංශය පිළිබඳව තියෙන විශ්වාසනීයත්වය ඉතාම අවශ්‍යයි. විශේෂයෙන්ම…

තව කියවන්​න

මේ මස අවසන්  සතියේදී ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රිවරු කොළඹ ආසන්නයේ රැඳී සිටිය යුතු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය විසින් අද ඔවුන්ට දැනුම් දී තිබෙන අතර ඊට හේතුවී ඇත්තේ මේ  මස 28 වැනි බදාදා පස්වරු 5 ට ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රිවරුන්ගේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙන නිසාවෙනි. මෙම සාකච්ඡාව ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රිවරුන්ට විදෙස්ගත වීමද තහනම් කර ඇති අතර, තවත් සාකච්ඡා වට කීපයක් පැවැත්වීමට නියමිතයි. ජනපති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් අතර පසුගියදා සාකච්ඡාවක් පැවැති අතර, ඊට එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ද සහභාගි වූවේය. එහිදී මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වීම පිළිබඳව තීරණය කර…

තව කියවන්​න

අඹු සැමියන් ලෙස ජීවත් වූ යුවල 11 ක් නීත්‍යානුකූල විවාහ ගිවිස ගැන්වීම අද (20) දින වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකර තිබෙනවා. මේ අවස්ථාව සඳහා කෑගල්ල දිස්ත්‍රික් අතිරේක රෙජිස්ටාර් චම්පිකා රත්නායක මහත්මිය ඇතුළු ප්‍රදේශයේ රෙජිස්ටාර් වරුන් පැමිණ සිටියා‍. මෙහි විශේෂත්වය වූයේ වයෝවෘද්ධ යුවල කිහිපයක් හා දරුවන්ද සමගින් යුවල කිහිපයක් සිටීමයි. වයසින් වැඩිම යුවල අවුරුදු 79 හා 71 ක් වන අතර වයසින් අඩුම යුවල අවුරුදු 20 හා 20 වේ.

තව කියවන්​න

ඇමරිකාව පුරා සිටින සියලුම හින්දු භක්තිකයන් සමඟ එකට එකතු වීමේ අවශ්‍යතාවයක් පවතින බව අමෙරිකානු කොන්ග්‍රස් සභික ෂීලා ජැක්සන් ලී පවසනවා. ඇය මේ බව සඳහන් කර ඇත්තේ ඉකුත්දා පැවැති හින්දු – අමෙරිකානු සමුළුව අමතමින්.අමෙරිකාවේ සිටින හින්දු භක්තිකයන්ගේ බලය ශක්තිමත් බවයි ඇය එහිදී පවසා ඇත්තේ. එබැවින් අමෙරිකාව පුරා සිටින සියලුම හින්දු භක්තිකයන් සමඟ එකට එකතු විය යුතු බවත්, එමගින් යහපත් දේ කිරීමට හැකියාව තිබෙන බවත් ඇය පවසා තිබෙනවා. මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අමෙරිකානු රාජ්‍ය සංචාරය හෙටින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ ආරාධනයකට අනුවයි. එම සංචාරය අතරතුර ඔහු අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය නියෝජනය කරන මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනට්…

තව කියවන්​න

ඩෙංගු මදුරු මර්දනය සඳහා විශාල දායකත්වයක් ලබාදෙන පළාත් පාලන ආයතනවල සේවයේ නියුතු සේවකයන් ස්ථීර කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා රජයෙන් ඉල්ලා සිටීනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඩෙංගු මදුරු මර්ධනය සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය මගින් හා ආණ්ඩුකාරවරුන්ගේ ප්‍රධානත්වයෙන් පළාත් මට්ටමින්ද රජය විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි. විපක්ෂනායක, සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

තව කියවන්​න

මහනුවර අපජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ජනතාව අපහසුතාවයට පත් නොකරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසා සිටියා. මහනුවර අප ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ජනතාව පීඩාවට පත්කරමින් ඉකුත් දා මහජනතාවට විධිමත් අයුරින් සන්නිවේදනය නොකර මහනුවර සංඝරාජ මාවත වසා දැමීම සම්බන්ධයෙන් මෙහිදි සිය අප්‍රසාදය පළ කළ ආණ්ඩුකාරවරයා වගකීමක් සහිතව ව්‍යාපෘතියේ කටයුතු කඩිනමින් සිදු කරන ලෙස ද මෙහිදී දැනුම් දීම සිදුවිය. පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොලල මහනුවර අප ජල ව්‍යාපෘතියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩබ්ගඑන්ග මතීන් යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක් විය.

තව කියවන්​න

අභිනව අධිශීල සංඛ්‍යාත උපසම්පදාශීලය ලැබූ පුජ්‍ය පල්ලේතලවින්නේ ඉන්දසුමන ස්වාමීන්වහන්සේගේ පිළිගැනීමේ උත්සවයක් සංඝරත්නයේ අනුශාසනා මධ්‍යයේ පිටියේගෙදර විහාරස්ථානයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (19) පැවැත්වුණා. එහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කර සිටියේ, ශ්‍රී ලාංකීය දේශයේ පෞඩ ඉතිහාසය සම්බන්ධයෙන් වර්තමාන පරපුරට කිසිඳු අවබෝධයක් නොමැති බවත් විදේශිකයන්ගේ ග්‍රන්ථ වල පවා ශ්‍රී ලාංකීකයන් සම්බන්ධයෙන් සටහන් ව පවතින බවයි. අභිනව උපසම්පදාශීලය ලැබූ පුජ්‍ය පල්ලේතලවින්නේ ඉන්දසුමන ස්වාමීන්වහන්සේගේ ශාසනික මෙහෙවර ඉතා සුවිශේෂි බවත්ල උන්වහන්සේගේ සමාජල ආගමික මෙහෙවර වඩ වඩාත් ත්‍රීවුරව ඉටු කිරීමට ශක්තිය සැලසේවායැයි ද එම මහතා මෙහිදී සදහන් කර සිටියේය. මෙම අවස්ථාව සදහා හිටපු…

තව කියවන්​න