- බංග්ලාදේශයට ශ්‍රී ලංකාවෙන් ප්‍රබල ප්‍රහාරයක්…
- පිටකොටුවේ ගින්නක්
- කෝටි ගානක මත්ද්‍රව්‍ය ගුවන් තොටුපොලේ වැසිකිළියකින් මතුවෙයි
- නීති විරෝධීව එකලස් කරමින් තිබූ ජීප් රථ දෙකක් පොලිස් භාරයට
- බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් පිරිසක් රෝහලට
- කාසියේ වාසිය බංග්ලාදේශයට
- ඊශ්‍රායලයේ අතුරුදන්ව සිටියදී සොයා ගත් තරුණයා දිවයිනට
- හදිසියේ ඇති වූ ගින්නෙන් ත්‍රීරෝද රථය අළුවෙයි
Author: VNews
අවිහිංසාවාදයේ මුලදර්ම මත රට තුළ යළි නීතිය හා සාමය ස්ථාපිත කිරීමට හැකිවු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ එකමුතුභාවය තුළින් රට මුහුණ දුන් අභියෝග ජය ගැනීමට හැකි වූ බවයි. රටක නීතිය හා සාමය ආරක්ෂා වීම ආර්ථික ගමන වේගවත් කරනු ඇති බවයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ.
පාලන මිලට අඩුවෙන් ඉදිරියේදී සහල් ලබා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වන විට තිබු සහල් මිල සහ මේ වන විට පවතින මිල අතර විශාල වෙනසක් පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව ප්‍රකාශ කළා. වී මිලදී ගැනීමට අවශ්‍ය මුදල් භාණ්ඩාගාරයෙන් ලබා දෙන බව ප්‍රකාශ කර ඇති බවත් යල කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීමට දැනටමත් සැලසුම් සකස් කර ඇති බවත් මහින්ද අමරවීර මහතා සඳහන් කළා.
එක්දින ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ ඊයේ පැවති තරග දෙකෙන් ජය වාර්තා කිරීමට ස්කොට්ලන්ත කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම සමත් වුණා. ඒ අයර්ලන්ත කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම පරාජයට පත් කරමින්. එහිදී පැවති පළමු තරගයෙන් අයර්ලන්ත කණ්ඩායම පරදා එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරීමට ස්කොට්ලන්ත කණ්ඩායම සමත් වුණා. එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 286ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්තය පන්දුවාර 50 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 289ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුණා. මේ අතර ඊයේ පැවති දෙවැනි තරගයෙන් එක්සත් අරාබි එමීර් කණ්ඩායම පරදා කඩුළු 05ක…
ප්‍රංශයේ පැරිස් නුවර ගොඩනැගිල්ලක සිදු වූ පිපිරීමකින් පුද්ගලයන් 24 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එහිදී තුවාල ලැබූ සිව් දෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන අතර, තවත් පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සඳහන් වන්නේ. මෙම ගොඩනැගිල්ලේ ගින්නක් හට ගෙන තිබූ අතර, පසුව මෙලෙස පිපිරීමක් සිදුව ඇති බවද අනාවරය වී තිබෙනවා. ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ රථ 70ක් සහ ගිනි නිවන භටයක් 230 දෙනෙකු යොදාගෙන ඇති අතර, මේ වන විට ගින්න මැඩ පැවැත්වීමටයි කටයුතු කර ඇත්තේ. ඒ අනුව සුන්බුන් අතර පුද්ගලයන් සිරවී ඇත්ද යන්න සෙවීමේ කටයුතු ආරම්භ කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර…
අද (22) දිනයේත් පෙරවරු 09.30 පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කිරීමටයි කටයුතු කර ඇත්තේ. අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා විපක්ෂය විසින් ගෙන එනු ලබන යෝජනාවකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ජාතිය අමතා සිදු කළ කතාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය පැවැතිවීමට කටයුතු යොදා තිබෙනවා.
විදුලිබල මණ්ඩලය විකිණීමට විරෝධය පළ කිරීම සඳහා සියලුම සේවකයින් අද කොළඹට කැඳවා ඇති බව ලංකා විදුලි සේවක සංගමය පවසනවා . එහි සභාපති රන්ජන් ජයලාල් මහතා සඳහන් කළේ, දහවල් 1.00 විහාර මහාදේවි උද්‍යානයේදී විශේෂ සමුළුවක් පවත්වා ඊට එරෙහිව ඉදිරියේදී ගනුලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණෙන බවයි .
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ජුනි 29 දක්වා පැවැත්වීමට නියමිත රැස්වීම් පිළිබඳ ප්‍රසිද්ධියට පත් කර ඇතැයි වාර්තා වනවා.එහෙත් එම ලැයිස්තුවට පකිස්තානය ඇතුළු කර නොමැති බවයි වාර්තා වන්නේ. මෙම තත්ත්වය වාර්තා වන්නේ ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා පකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කඩිනම් ණය සහනයක් අපේක්ෂාවෙන් පසුවන අවස්ථාවකදීයි. අර්බුදයෙන් ගොඩඒම සඳහා පකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති ණය සහනය අමෙරිකානු ඩොලර් බිලියන 6.5 ක්. එහෙත් ආර්ථික අර්බුදය උග්‍රවීම හමුවේ පකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන 1 ක කඩිනම් ණය සහනයක් ඉල්ලා තිබෙනවා. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සපුරාලීමට හෝ දෙපාර්ශවය අතර අවසන් එකගතාවකට එළඹීමට පකිස්තානය අපොහොසත් වීම හමුවේ IMF ණය සහනය තවදුරටත්…
රුහුණු කතරගම මහා දේවාලයේ ඇසල පෙරහැර තෙවන දිනටත් අද වීථි සංචාරය කිරීමට නියමිතයි. පෙරහැර පසුගිය 19 වනදා ආරම්භ වූනා . එය ජූලි මස 04 වනදා දක්වා පැවැත් වීමට නියමිතව තිබෙනවා. මේ අතර කතරගම පෙරහැරට සමඟාමීව විදෙස් බැතිමතුන් විශාල ප්‍රමාණයක් කතරගම, කිරින්ද සහ තංගල්ල ප්‍රදේශවලට පැමිණෙමින් සිටින බව පොලීසිය පවසනවා . විදේශිකයින් ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවලක් ක්‍රියාත්මක කර ඇති අතර මුහුදු තීරයේ සහ දියනෑම් සිදුකරන ස්ථාන සඳහා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් 40කට අධික පිරිසක් යොදවා ඇති බව පොලීසිය නිවේදනය කළා. පුජා නගරයට පැමිණෙන බැතිමතුන්ගේ සහ ඔවුන්ගේ වාහන හා දේපළවල ආරක්ෂාව තහවුරු කිරිම සඳහාඳ ආරක්ෂක වැඩපිළිවලක් ක්‍රියාත්මකයි .
පේරාදෙණිය රෝහලේ නිර්වින්දන එන්නත් විස වී දරුවන් රැසක් මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මෙම එන්නත් ඉවත් කරන ලෙස පැවසුවද තවමත් ඒවා භාවිතා කරන බවයි ඔහු අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ. විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ප්‍රශ්නයක් යොමු කරමින්.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය කෙරෙන ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ ඊයේ සිට රිය සහයකයෙකු නොමැතිව ධාවනය කිරීමට කටයුතු කර තිබුණා. මේ හේතුවෙන් බස්රථවල ආදායම ඊයේ දිනයේ පමණක් ලක්ෂ 10 කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා. මාකුඹුර බහු විධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් ගමන් ආරම්භ කෙරෙන බස්රථවල මෙලෙස රිය සහයකයන් නොමැතිව බස් ධාවනය ආරම්භ කර තිබෙනවා. එම බස්රථවල රිය සහයකයින් මගින්ට ටිකට්පත් ලබා නොදී මුදල් වංචා කිරීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වීමත් සමගයි මෙම තීරණය ගෙන ඇත්තේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222