Author: VNews

එක්දින ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. ඕමාන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 12.30ට ආරම්භ වීමට නියමිතයි. මේ අතර එක්දින ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ ඊයේ පැවති තරග දෙකෙන් ජය වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ නේපාල කණ්ඩායම සහ ඇමරිකා කණ්ඩායම පරාජයට පත් කරමින්. එහිදී පැවති පළමු තරගයෙන් නේපාල කණ්ඩායම පරදා ලකුණු 101ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 07ක් දැවී රැස් කළ ලකුණු…

තව කියවන්​න

කොළඹ ආශ්‍රීත ප්‍රදේශ කිහිපයකට හෙට පැය 16ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොළඹ 11, 12, 13 ,14, 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති. හෙට පෙරවරු 08 සිට පැය 16ක් මෙලෙස අදාළ ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළේ.

තව කියවන්​න

නාවලපිටිය පැණිතුඩුමුල්ල උත්පලවර්ණ ශ්‍රි විෂ්ණු කතරගම දේවාලයේ වාර්ෂික මහ පෙරහැර 21 දින නාවලපිටිය නගරයේ වීීීදි සංචාරය කෙරුණා. පැණිතුඩුමුල්ල  උත්පලවර්ණ ශ්‍රි විෂ්ණු  කතරගම දේවාලය  ආරම්භ කර වසර  50 ක් සපිරිම නිමිති කරගෙන මෙවර  45 වෙනි වරටමෙවර  උත්පලවර්ණ ශ්‍රි විෂ්ණු  කතරගම දේවාලය් බස්නායක  නිලමේ සුපුන් අතුකෝරල  මහතාගේ  ප්‍රධාානත්වයෙන් වාර්ෂික පෙරහැර පැවැත්වීණි. ‌මෙ‌ම  වාර්ෂික පෙරහැරට උඩරට , පහතරට , වබරගමු නර්තතනාංග  රැසක් එක් කර තිබු අතර පෙරහැර නැරඹීමට විශාල පිරිසක් නාවලපිටිය නගරයට පැමිණ සිටියා.

තව කියවන්​න

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2023 ඡුනි මස 21 වන දින රාත්‍රි කාලයේ යාපනය, ඩෙල්ෆ්ට් දුපතට වයඹ දෙසින් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා හතරක් (04) සමඟ ඉන්දීය ධීවරයින් විසි දෙදෙනෙකු (22) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණා. උතුරු නාවික විධානය මඟින්, 2023 ජුනි මස 21 වන දින රාත්‍රි කාලයේ මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් නිරීක්‍ෂණය කර, එම ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන්…

තව කියවන්​න

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා අත්අඩංගුවට ගැනීමක් නොකරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දුන්නා. තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා ගොනු කළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේදීයි නීතිපතිවරයා මෙම දැනුම් දීම සිදුකරනු ලැබුවා.

තව කියවන්​න

විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීන් බව පවසමින් මුදල් වංචා කිරීමේ ජාවරම් පිළිබද විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. අමාත්‍යවරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ බව පවසමින් විදේශ රැකියා ලබා දීම මුදල් ලබා ගැනීමේ ජාවාරම් ක්‍රියාත්මක බවයි අනාවරණ වී ඇත්තේ. තමන්ගේ පුද්ගලික කාර්යය මණ්ඩලයේ කිසිවකු මෙවැනි ගණුදෙනුවකට සම්බන්ධ නොමැති බවයි අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අවධාරණය කළේ. විදේශ රැකියා සදහා ශ්‍රමිකයින් යොමු කිරීම සිදුවන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ නීත්‍යාණුකුල විදේශ රැකියා ආයතන මගින් පමණක් බව ද ඔහු සදහන් කළා. ඊට පරිබාහිර වෙනත් කිසිදු පාර්ශවයකට විදේශ රැකියා සදහා ශ්‍රමිකයින් යොමු කළ නොහැකි බවත් එලෙෂ මුදල් ලබා ගැනීම නීති…

තව කියවන්​න

ප්‍රමිතියෙන් තොර ඖෂධ රටට ගෙන්වා ඇති බවට පළවන චෝදනා පිළිබඳ අද පිළිතුරු ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඔහු පැවසුවේ අදාළ සෞඛ්‍ය කේෂ්ත්‍රයේ විශේෂඥයින් විසින් ඒ පිළිබද මාධ්‍ය හමුවක් කැදවා කරුණු පැහැදිලි කරනු ඇති බවයි. මහනුවරදී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව ප්‍රකාශ කළා.

තව කියවන්​න

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති සන්ධානය විසින් යෝජනා තුනක් සම්මත කරගෙන තිබෙනවා. ඒ කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේ පැවති එම සන්ධානයේ සමුළුවේදියි. විදුලිබල මණ්ඩලය නියෝජනය කරන සියලු වෘත්තිය සමිති මෙම සමුළුවට එක්ව සිටියා. පෞද්ගලිකරණය හෝ විකුණා දැමීමට හෝ විකුණා දැමීමට අවකාශ සලසමින් ඉදිරිපත් කර ඇති පනත ඉවත්කරගත යුතු බව ඔවුන් සම්මත කරගත් යෝජනාවක් වනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකන් ගුවන්යානයක ප්‍රමාදය හේතුවෙන් දකුණු කොරියාවට පිටත්ව යාමට සිටි මෙරට ශ්‍රමිකයින් පිරිසකට එම අවස්ථාව අහිමිවූ බවට වන චෝදනා වලට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත්කර තිබෙනවා. 2023 ජුනි 20 දින රාත්‍රී 08.20 ට සියෝල් නගරය බලා පිටත්ව යාමට නියමිතව තිබූ යූ.එල් 470 දරන ගුවන්යානය නොවැළැක්විය හැකි හේතුවක් නිසා ප්‍රමාද වූ බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසන්නේ. ගුවන්යානය ගුවන්ගත කිරීමට නියමිතව සිටි නියමුවන් දෙදෙනාගෙන් එක් අයෙකු එදින රාත්‍රියේදී හදිසියේ අසනීපවූ අතර ගුවන් නියමුවන්ගේ විවේකය හා ආරක්ෂාව සම්බන්ධ විවිධාකාරවූ රෙගුලාසි හේතුවෙන් ඊයේ දිනය වනතුරු ඒ වෙනුවට වෙනත් ගුවන් නියමුවෙකු යෙදවීමට නොහැකිවූ බවද එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා. ඒ අනුව…

තව කියවන්​න

විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පෙර දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය සුදානමින් සිටින බවට සමගි ජන බලවේගය චෝදනා කරනවා. පක්ෂ මුලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි මහතා කියා සිටියේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සුදානමින් සිටින බවයි. රටේ ජනතාවගේ ආර්ථික තත්ත්වයට හානි වන ආකාරයේ කිසිදු වැඩපිළිවෙලකට තම පක්ෂය සහය නොදෙන බවයි හෙක්ටර් අප්පුහාමි මහතා සඳහන් කළේ.

තව කියවන්​න