Author: VNews

ලොව ජීවත්වීමට වඩාත් සුදුසු නගරය ලෙස ඔස්ටේ්‍රලියාවේ වියානා නුවර නම් කර තිබෙනවා. ඒ, ලොව නගර 173 ක් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඉකොනෙමිස්ට් සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද අලුත්ම වාර්තාවට අනුවයි. සෞඛ්‍යය, අධ්‍යාපනය, ස්ථායිතාවය, යටිතල පහසුකම් සහ පරිසරය යන කරුණු මෙම වාර්තාව සකස් කිරීමට පදනම් කරගෙන ඇති බව සඳහන්. වසර පහක් තුළ වියානා නුවර එම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට පත් වූ තුන්වන අවස්ථාව මෙයයි. දෙවන ස්ථානයට ඩෙන්මාර්කයේ කොපන්හේන් නගරය, තුන්වන ස්ථානයට ඕස්ටේ්‍රලියාවේ මෙල්බර්න් නගරයත් නම් කර තිබෙනවා. ප්‍රථම ස්ථානයේ පසුවන නගර දහය අතරට නම් කර ඇති අනෙකුත් නගර වන්නේ සිඩ්නි, කැනඩාවේ වන්කුවර්, ස්විට්සර්ලන්තයේ සූරිච්, කැනඩාවේ කැල්ගරි, ජිනීවා, ටොරොන්ටෝ, ඔසාකා සහ ඕක්ලන්ඩ්…

තව කියවන්​න

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ දකුණු ආසියානු කොමිසමේ උප සභාපති ලෙස සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත්කර තිබෙනවා. ඒ අනුව 2023 සිට 2025 දක්වා කාලය සදහා හරීන් ප්‍රනාන්දු මහතා එම ධුරයේ කටයුතු කරනු ඇති. කාම්බෝජයේ නොම් පෙන් හි පැවති දකුණු ආසියාව සදහා වන කොමිසමේ 59 වන රැස්වීමේ දීයි මේ බව හරින් ප්‍රනාන්දු මහතාට දැනුම් දී ඇතතේ. මේ සම්බන්ධයෙන් සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද අදහස් පලකර තිබුණා. අමාත්‍යවරයා පැවසුවේ එක්සත් ජාතීන්ගේ සංචාරක සංවිධානයේ උප සභාපති ධුරය ශ්‍රී ලංකාවට ලැබීම සංචාරක කර්මාන්තයේ සුවිශේෂි උත්සහයන් සහ දායකත්වය පිළිබද සාක්ෂියක් වන බවයි.

තව කියවන්​න

භූමිතෙල් මිල අඩු වුවද මාළු මිලෙහි වෙනසක් සිදු කළ නොහැකි බව ධීවර සංගම් පවසනවා. ගෘහස්ථව භාවිතයට ගන්නා භූමිතෙල් මිල රුපියල් 50 කින් අඩු කළ අතර කාර්මික භූමිතෙල් මිල රුපියල් 134 කින් අඩු කිරීමටයි මේ මස පළමුවැනිදා සිට පියවර ගැනුණේ. කෙසේ වෙතත් ඔවුන් පවසන්නේ මාළු මිල ගණන් අඩු කිරීමට එම මිල සංශෝධනය ප්‍රමාණවත් නොවන බවයි. මෙම දිනවල වෙළදපොළේ මත්ස්‍ය තොග මිල ගණන් සැලකීමේ දී බලයා කිලෝවක් රුපියල් 1,200 ත් 1,300 ත් අතර අගයකත්, කෙළවල්ලා කිලෝවක් රුපියල් 1700ත් 1800 ත් අතර අගයකත් පවතිනවා. කෙසේ වෙතත් මේ දිනවල මසුන් අල්ලා ගන්නා ප්‍රමාණයේ අඩුවක් දක්නට ලැබෙන බවයි ධීවර සංගම් ප්‍රකාශ කළේ.

තව කියවන්​න

පවතින ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙල පිළිබඳ සතුටු වන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා. එහි කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීයේවා මහත්මිය කියා සිටියේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණවලදී සහය ලබා දෙන බවයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇය මේ බව සදහන් කළා. පැරිස් සමුළුවට සමගාමිව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය මුණගැසී තිබුණා.

තව කියවන්​න

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ දකුණු අප්‍රිකා ඒ කණ්ඩායම අතර පැවති දෙවන නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ ජය පරාජයකින් තොරව අවසන් වුණා. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සදහා සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 290 ක්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 294 ක් රැස් කළා. අනතුරුව සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව කඩුලු 3 ක් දැවී ලකුණු 327 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා. ඒ අනුව ලකුණු 324 ක ජයග්‍රාහි ඉලක්කයක් හිමි වූ අතර සිව් වන දිනය අවසන් වන විට දකුණු අප්‍රිකා කණ්ඩායමට ලබා…

තව කියවන්​න

මෙරට නිෂ්පාදිත ගිනි අවි 2 ක් සමග හම්බේගමුව, කුඩාකිවුල ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බුත්තල විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26 සහ 37 යන වයස්වල පසුවන හම්බේගමුව හා බලංගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තව කියවන්​න

එක්දින ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා. පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතරයි පැවැත්වීමට නියමිතව ඇත්තේ. දෙවැනි තරගය ස්කොට්ලන්ත කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම අතර පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. සිම්බාබ්වේ බුලවායෝ හීදී පැවැත්වෙන මෙම තරග දෙකම පස්වරු 12.30ට ආරම්භ කිරීමටයි නියමිතයි.

තව කියවන්​න

බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් ගවයන් 05 දෙනෙකු ලොරි රථයකින් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලුණුගම්වෙහෙර පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරු 25 හැවිරිදිවියෙ පසුවන තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු අද තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තව කියවන්​න

ටයිටැනික් නැවේ සුන්බුන් නැරඹීම ගොස් අතුරුදන් වූ ටයිටන් සබ්මැරීනය පුපුරා එහි සිටි පුද්ගලයන් 05 දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. පුපුරාගිය මෙම ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් කොටස් ටයිටැනික් නැවට අඩි 1,600ක් පමණ දුරින් සොයාගෙන ඇති බවයි එම මාධ්‍ය වාර්තා සදහන් කර ඇත්තේ. මෙම සබ්මැරීනය පිපිරීමට හේතුව මෙතෙක් සොයාගෙන නොමැති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

තව කියවන්​න

පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. අභාවප්‍රාප්ත මන්ත්‍රීවරුන් සදහා ශෝක යෝජනා පළ කිරීම සදහා අද සම්පූර්ණ දිනය වෙන්ක කිරීමටයි කටයුතු කර ඇත්තේ. මේ අතර ඊයේ පැවති සභාව කල් තැබීමේ විවාදයේදී දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදා සමතා ආණ්ඩුවට යෝජනාවක් ඉදිරිපත් කළා. එහිදී ඔහු සදහන් කළේ දේශීය ණය ප්‍රතිව්‍යූහගත නොකරන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රකාශ කරන්නේ නම් ඊට සහයෝගය ලබා දෙන බවයි. විපක්ෂය විසින් දිගින් දිගටම දේශීය ණය ප්‍රතිව්‍යූහකිරීම ගැන සදහන් කරමින් සමාජය තුළ භීතිකාවක් ඇති කරන බව ඊට ප්‍රතිචාර දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළා.

තව කියවන්​න