- බංග්ලාදේශයට ශ්‍රී ලංකාවෙන් ප්‍රබල ප්‍රහාරයක්…
- පිටකොටුවේ ගින්නක්
- කෝටි ගානක මත්ද්‍රව්‍ය ගුවන් තොටුපොලේ වැසිකිළියකින් මතුවෙයි
- නීති විරෝධීව එකලස් කරමින් තිබූ ජීප් රථ දෙකක් පොලිස් භාරයට
- බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් පිරිසක් රෝහලට
- කාසියේ වාසිය බංග්ලාදේශයට
- ඊශ්‍රායලයේ අතුරුදන්ව සිටියදී සොයා ගත් තරුණයා දිවයිනට
- හදිසියේ ඇති වූ ගින්නෙන් ත්‍රීරෝද රථය අළුවෙයි
Author: VNews
මෙම මස 30 වන දා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කරනු ලැබුවා. හජ්ජි උත්සවය නිමිත්තෙන් මෙම මස 29 වන දා විශේෂ බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් 100 දෙනෙකුගේ පමණ හිඟයක් පවතින අතර මෙම තත්ත්වය හේතුවෙන් රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යාමේදී ගැටලු රැසක් ඇති වී තිබෙන බව වර්තා වනවා . කරාපිටිය ශික්ෂණ රෝහල සඳහා වෛද්‍යවරුන් 556 දෙනෙකු අවශ්‍ය වුවත් දැනට සිටින්නේ වෛද්‍යවරුන් 460 දෙනෙකු වන අතර මෙම වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් රෝහල තුළ අලුතෙන් ඉදිකළ ශල්‍යාගාරයක් හා දැඩි සත්කාර ඒකකය භාවිතයට ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව සඳහන්. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ප්‍රමාණවත් තරම් වෛද්‍යවරුන් ලබා නොදීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ . මේ අතර මහරගම පිළිකා රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍රයේ පරීක්ෂණ කටයුතු මාසයකට ආසන්න කාලයක…
ශ්‍රී ලංකාවේ ණයහිමියන්, නියමිත කාලය තුළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැදගත්කම අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය අවධාරණය කර තිබෙනවා . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවකදී ඇය සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අනුමත කිරීම සහ ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයේ ශක්තිමත් දේශීය හිමිකාරීත්වය පිළිබඳ සතුටු වන බවයි . නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැරීසියට ගොස් සිටින අතර එහිදී මෙම හමුව සිදුවී තිබෙනවා .
කොළඹ ප්‍රසිද්ධ කාන්තා පාසලක ඉගෙනුම ලබන දස හැවිරිදි සිසුවියක් අවස්ථා 8 කදී බරපතල ලෙස දූෂණය කර ඇති බව කියන සිද්ධියක් වාර්තා වී තිබෙනවා. අදාළ දැරියගේ සිරුරේ ඇතැම් ස්ථානවල දුම්වැටිවලින් පුළුස්සා ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා විමර්ශන පවත්වන බව පොලිසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා. සිද්ධියට මුහුණ දී ඇත්තේ මෙවර ශිෂ්‍යත්ව විභාගය සදහා පෙනී සිටීමට නියමිත දැරියක් බවටයි වාර්තා වන්නේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අදාළ දැරිය ඇතුළත් කොට ප්‍රතිකාර ලබා දෙන ලෙසටයි. වැල්ලම්පිටිය පොලිසිය මඟින් මෙම දස හැවිරිදි දැරිය සම්බන්ධයෙන් ලබා ගත් අධිකරණ වෛද්‍ය වාර්තා අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබෙනවා. එම වෛද්‍ය වාර්තා…
නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුව අද දෙවන දිනටත් ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වීමට නියමිතයි. එහි තේමාව වී ඇත්තේ “වත්මන් ලෝකය මුහුණ දී ඇති දැවෙන අභියෝගවලට විසදුම් සෙවීම” යන්නයි. දේශගුණික විපර්්‍යාසය සහ ජෛව විවිධත්වය අහිමි වීමේ සිට කොරෝනා වසංගතයේ බලපෑම, යුධ ගැටුම් ඇතුළු වර්තමානයේ ගෝලීය ප්‍රජාව මුහුණ දෙමින් සිටින අභයෝග සදහා නව මූල්‍ය ගිවිසුමක අවශ්‍යතාවය හදුනාගත් ප්‍රංශ ජනාධිපතිවරයා, ලෝක නායකයින්ට ඊට සහභාගි වන ලෙස ආරාධනා කරනු ලැබුවා. ඒ අනුවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම සමුළුවට සහභාගි වීම සදහා පැරිස් නුවර බලා ගියේ.
ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශය ඇතුළු අවට ගම්මාන රැසක ගොවිබිම් සඳහා යොදන කෘමි රසායනික ද්‍රව්‍ය හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව දිනෙන් දින වකුගඩු රෝගයට ගොදුරු වන බවට ජනතාව චෝදනා කරනවා. මේ වන විට මහියංගනය, ගිරාඳුරුකෝට්ටේ තරුණ ජනපදය, බතලයාය, තිස්සපුර, කෙසෙල්පොත, රිදීමාලියද්ද, රොටලවෙල, බෙලගන්වැව, වැලිමඩයාය ඇතුළු ගම්මාන රැසක ජනතාව වකුගඩු රෝගයට ගොදුරු වී සිටින බවයි වාර්තා වන්නේ. මෙම ප්‍රදේශවල ප්‍රධානතම ජීවනෝපාය මාර්ගය වන, ගොවිතැන සඳහා යොදන කෘෂි රසායනික ද්‍රව්‍ය, ප්‍රදේශයේ ජල උල්පත්, ඇළ මාර්ග සහ ගංඟාවලට එකතුවීමෙන් වකුගඩු රෝගයට ගොදුරු වන බවට ජනතාව පවසනවා.
දේශීය කර්මාන්ත නිෂ්පාදනවල මිල ගණන් ඉදිරියේදී අඩු කිරීමට පියවර ගන්නා බව රජය පවසනවා. පාලන මිලක් පනවා හෝ ගැසට් මගින් අදාළ නිෂ්පාදනවල මිල ඉදිරි සති කිහිපය තුළ අඩු කිරීමට පියවර ගන්නා බවයි වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සදහන් කළේ. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මේ අතර පාලන මිල ගණන් පැනවීමේදී පුද්ගලික අංශය සමග එක්ව නියාමනය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා පවසනවා. ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කුමාර වෙල්ගම මහතා මේ බව ප්‍රකාශ කළා.
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර අද (23) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූවා. ඒ අනුව පළමුවෙන් පන්දු රැකීමටයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පියවර ගත්තේ. ඒ අනුව ඕමාන් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට නියමිතයි. අද තරගයට සහභාගි වන කණ්ඩායම දෙක පහත පරිදි වේ. Oman Playing XI: 1 Kashyap Prajapati, 2 Jatinder Singh, 3 Shoaib Khan, 4 Zeeshan Maqsood (capt), 5 Mohammad Nadeem, 6 Ayaan Khan, 7 Naseem Khushi (wk), 8 Bilal Khan, 9 Jay Odedra, 10 Fayyaz Butt, 11 Aqib Ilyas Sri Lanka XI: 1…
පවතින රජය විසින් නීති විරෝධී ලෙස මෙන්ම ජනතාවට දරාගත නොහැකි ලෙස සිදු කරන විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධව සොයා බැලීම සඳහා විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස විපක්ෂය විසින් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් මෙම ඉල්ලීම කිරීමටයි කටයුතු ර ඇත්තේ. අන්තනෝමතික ලෙස විදුලි බිල ඉහළ දැමීම හේතුකොටගෙන ජන ජීවිත බරපතළ ව්‍යසනයකට ලක්ව ඇති බවත්, සිදුව ඇති අසාධාරණය පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදුකළ යුතු බවත් ඒ හරහා අවධාරණය කර තිබෙනවා.
අනවසරයෙන් ළග තබාගෙන සිටින ගිනි අවි භාරදීම සඳහා සහන කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව බලපත්‍ර නොමැතිව ළග තබාගෙන සිටින ගිනි අවි ලබන ජුලි 31 වනදාට පෙර ළගම පිහිටි පොලිස් ස්ථානයට භාර දිය හැකිවනවා. අදාළ කාලයෙන් පසුව දිවයිනම ආවනරණය වන පරිදි අනවසර ගිනිඅවි ලග තබාගෙන සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් දියත් කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍යංශය සදහන් කළේ. දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ පසුගිය සති කිහිපය තුළ සිදුවු වෙඩි තැබීමේ සිද්ධීම් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙම තීරණය ගෙන තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222