Author: VNews

රුසියානු යුද්ධයේදී ළමුන් මරා දමා ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය චෝදනා කර තිබෙනවා. රාජ්‍ය නොවන සංවිධානවල වාර්තා අනුව යුක්රේන යුද්ධය හේතුවෙන් ළමුන් 477ක් මියගොස් ඇති බවයි අනාවරණ වී ඇත්තේ. ඒ අතරින් ළමුන් 136 දෙනෙකුම රුසියා හමුදා සහ වෙනත් කණ්ඩායම් විසින් සිදුකළ බවටයි චෝදනා එල්ල වන්නේ. යුක්රේනයට එරෙහි යුද්ධයේදී ළමුන් සිය ගණනක් මරාදැමීම සහ ආබාධිත කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධාන රුසියානු හමුදාව ෂේම් ලිස්ට් හෙවත් ලැජ්ජා ලැයිස්තුවට ද ඇතුලත් කර තිබෙනවා.

තව කියවන්​න

ලෝක කුසලාන එක්දිනක ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගවටයේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා. හරාරේහිදී පැවැත්වෙන මෙම තරග දෙකම ඒ කාණ්ඩය යටතේයි පැවැත්වීමට නියමිතව ඇත්තේ. එක් තරගයක් සිම්බාබ්වේ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි. අනෙක් තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ නේපාල කණ්ඩායම සහ නෙදර්ලන්තය අතරයි. මෙම තරග දෙකම මෙරට වෙලාවෙන් මධ්‍යහන 12 යි 30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මේ අතර ඊයේ ඕමානය සමග පැවති තරගය ජය ගැනීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම බී කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පරමුණ ගැනීමට සමත්වුණා. ශ්‍රී ලංකාව සහභාගි වන මීළග තරගය හෙට අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

තව කියවන්​න

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 16ක ජල කප්පාදුවක් සිදුකරන බව ජල සම්පාදන මණ්ඩාලය පවසනවා. ඒ අනුව අද පෙරවරු 08 සිට මධ්‍යම රාත්‍රි 12 දක්වා පැය 16ක් ජල සැපයුම අත්හිටුවනු ඇති. අත්‍යාවශය නඩත්තු කටයුත්තක් මෙම ජල කප්පාදුවට හේතු වී තිබෙනවා. කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළේ.

තව කියවන්​න

කුකුළු මස් සහ බිත්තර සඳහා අය කරනු ලබන බදු මුදල සඳහා සහනයක් ලබා දෙන ලෙස සමස්ථ ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය ඉල්ලා සිටිනවා. එලෙස සහනයක් ලැබුනහොත් කුකුළු මස් සහ බිත්තර මිල අඩු කළ හැකි බවයි ඔවුන් පවසන්නේ. මේ වන විට කුකුළු මස් කිලෝග්‍රෑමයක් වෙනුවෙන් රු. 240 ක් සහ බිත්තරයක් සඳහා රු.6 ක බදු මුදලක් අය කරනු ලබනවා. එමෙන්ම ආනයනය කරන බිත්තර සඳහා අය කරන බද්ද රුපියලක් වන බව ද එම සංගමය සඳහන් කළා.

තව කියවන්​න

අත්ලාන්තික් සාගරයේදී යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් සංක්‍රමණිකයින් 30 දෙනෙකු පමණ මියගොස් තිබෙනවා. ස්පාඤ්ඤයට අයත් , කැනරි දුපත්වලට ඔබ්බෙන් වු අත්ලාන්තික් සාගරයේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ. දරුවන් සහ කාන්තාවන් ඇතුළු පුද්ගලයින් 60 දෙනෙකු පමණ අනතුර සිදුවන අවස්ථාවේ යාත්‍රාවේ සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තව කියවන්​න

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කෙරේ මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබු භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබුණා. අද පෙරවරු 08.30ට පමණ තලවකැලේ සහ වටගොඩ දුම්රි ස්ථාන අතරදී දුම්රිය පීලි පැනීමට ලක්ව තිබු බවයි අප වාර්තාකරු සදහන් කලේ. අදාළ දුම්රිය නානුඹය දුම්රිය ස්ථානයේ ආපදා අංශයේ සහ දුම්රිය මාර්ග නඩත්තු අංශයේ සේවකයින් එක්ව යළි පීලිගත කර තිබෙනවා.

තව කියවන්​න

රත්තරන් කැබලි මුඛය තුල සඟවාගෙන ඉන්දියාවට යාමට තැත් කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සතුව තිබි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට ගත් රත්රන් කැබලිවල වටිනාකම ලක්ෂ හතළිහකට අධික බවයි වාර්තා වන්නේ. සැකකරුවන් මීගමුව සහ අකුරණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

කුඩා දැරියකට පහර දුන් කාන්තාවක් අත්අඩංගුවට සිවු හැවිරිදි කුඩා දැරියකට පහර දී කෲරත්වයට පත් කළ බව කියන කාන්තාවක් අඟුරුවාතොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පහර කෑමට ලක්වූ දැරියගේ පියාගේ දෙවන බිරිඳයි.

තව කියවන්​න

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් සමාජ ආර්ථික බලපෑමක් සිදුවිය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසනවා . ඔහු පෙන්වා දෙන්නේ, මේ හේතුවෙන් මෙරට ආර්ථිකය හැකිළීමකට ලක්වන බවයි .

තව කියවන්​න

හෝමාගම පිටිපන සුව පුබුදුගම ප්‍රදේශයේදී බස් රථයක් පෙරළී සිදු වූ අනතුරකින් එහි ගමන් ගත් මගියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් මගීන් 13 දෙනෙකු තුවාල ලබා ඇති බවටයි පොලිසිය පැවසුවේ. තුවාල ලැබූ පුද්ගලයින් හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා. හෝමාගම පොලිසිය පවසන්නේ රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙලෙස බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වී ඇති බවයි.

තව කියවන්​න