Author: VNews

රටේ ඉදිරි සංවර්ධන කටයුතු ජාතික භෞතික සැලැස්මට අනුව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. මෙම ජාතික භෞතික සැලැස්මට අදාළ කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාරදී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ බව පැවසුවා. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත් වනු ඇතැයි ආණ්ඩුවේ බොහෝ පිරිසක් බලාපොරොත්තුවෙන් පසුවන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එහිදී ප්‍රකාශ කළා .

තව කියවන්​න

ඉන්දියාව සහ රුසියාව ද්විපාර්ශවික වෙළඳ සබඳතා ශක්තිමත් කර ගැනීමට සූදානම් වනවා. ඒ අනුව ඉන්දියාව සහ රුසියාව 2025 වන විට ඩොලර් බිලියන 30 ක ද්විපාර්ශ්වික වෙළඳාමක් වෙත ළඟා වීමට අපේක්ෂා කරන බවයි රුසියාවේ ඉන්දීය තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ප්‍රකාශ් සිං පවසා ඇත්තේ. ඖෂධ, රසායන ද්‍රව්‍ය සහ කෘෂිකර්මාන්තය වැනි ක්ෂේත්‍ර ඔස්සේ වෙළඳාම ශක්තිමත් කර ගැනීමට දෙරටට හැකියාව ඇති බව ද ඔහු පෙන්වා දී ඇතැයි සඳහන්. ඒ අනුව ඉන්දියාවෙන් රුසියාවට සිදුකරන අපනයන ඉහළ නැංවිය හැකි බවයි රුසියාවේ ඉන්දීය තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා පවසා ඇත්තේ. මේ අතර ඉන්දීය ව්‍යාපාරික සන්ධානයේ සභාපති සැමී කොට්වානි පැවසුවේ මෑතකාලීනව ඉන්දියාව සහ රුසියාව…

තව කියවන්​න

ලබන මස පළවනදා සහ දෙවනදා පාර්ලිමේන්තුව හදිසි කැඳවීමකට ඉඩ ඇති බව වර්තවනවා. ලබන 27 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී ඒ පිළිබද තීරණයක් ගනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් එකඟතාවය අනුව දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළ මූල්‍ය රෙගුලාසි කඩිනමින් අනුමත කර ගැනීම එහි අපේක්ෂාව බව සඳහන්. මේ අතර, ලබන සදුදා පැවැත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ද ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි වාර්තා වෙන්නේ

තව කියවන්​න

ටයිටන් සබ්මැරීනය සම්බන්ධයෙන් ආරක්ෂක කොන්දේසි උල්ලංඝනය කර ඇති බවට ගැඹුරු සාගර ගවේෂණන විශේෂඥයෙකු වන රොබ් මැකලම් චෝදනා කරනවා. ඔහු ප්‍රකාශ කරන්නේ මෙම සබ්මැරීනය නිෂ්පාදනය කිරීමේදී කාබන් ෆයිබර් යන ද්‍රව්‍ය යොදා ගෙන ඇති බවයි .කෙසේවෙතත් සබ්මැරීනයක් නිෂ්පාදනය කිරිමේදී එය අනුමත කළ හැකි ද්‍රව්‍යයක් නොවන බවයි රොබ් මැකලම් පවසන්නේ . එමෙන්ම ටයිටැනික් නෞකාව නැරඹීම සඳහා ගමන් කළ ටයිටන් සබ්මැරීනයට පිළිගත් ආයතනයකින් අනුමැතියක් ලබාගෙන නොමැති බවයි ඔහු චෝදනා කරනවා. මේ සම්බන්ධයෙන් තමන් හා සබ්මැරීනය අයත් ඕෂන් ගේට් ආයතනයේ ප්‍රධානියා අතර ඊ මේල් පණිවුඩ හුවමාරුවක් සිදුවූ බව ද සාගර ගවේෂණන විශේෂඥයෙකු වන රොබ් මැකලම් සදහන් කර තිබෙනවා.

තව කියවන්​න

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගවටයේ තරග ආරම්භ වුනා. හරාරේහිදී පැවැත්වෙන මෙම තරග දෙකම ඒ කාණ්ඩය යටතේයි පැවැත්වෙනවා. එක් තරගයක් සිම්බාබ්වේ කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන අතර අනෙක් තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ නේපාල කණ්ඩායම සහ නෙදර්ලන්තය අතරයි. මෙම තරග දෙකම මෙරට වෙලාවෙන් මධ්‍යහන 12 යි 30ට ආරම්භ වුුුනා.

තව කියවන්​න

වෙළෙඳපොළේ මේ දිනවල එළවළු මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා.ඒ ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවළු තොග ලැබීම අඩුවීම හේතුවෙන් . දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල සටහන් වූයේ, කැරට් කිලෝවක් රුපියල් 300ත් 310ත් අතර මිලකටයි. එමෙන්ම ලීක්ස් කිලෝවක් රුපියල්200ත් 280ත් අතර මිලකටත් අලෙවි වනවා . එමෙන්ම අමුමිරිස් කිලෝවක තොග මිල රුපියල් 600ත් 650ත් අතර මිලකට සහ වම්බටු කිලෝවක් රුපියල් 150ත් 200ත් අතර මිලකටත් අලෙවි වනවා

තව කියවන්​න

උද්දමනය පාලනයට රජයට නොහැකි වී ඇති බව ජාතික ජන බලවේගය පවසනවා. කොළඹ පැවති ජන හමුවකදී එම පක්ෂයේ ටිල්වින් සිල්වා මහතා පැවසුවේ උද්දමනය පහළ ගොස් ඇත්නම් රටතුළ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල ද පහළ යා යුතු බවයි. දේශිය සම්පත් පුද්ගලීකරණය පිළිබද රාජපක්ෂ කදවුරු සහ වික්‍රමසිංහ කදවුර එක් මතයක සිට කටයුතු කරන බව ද ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළා.

තව කියවන්​න

ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදී පොලිසිය වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. පහරදීමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමයට යාමේදීයි මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ. අදාළ සැකකරු තියුණු ආයුධයකින් පොලිසියට පහරදීමේදී වෙඩි තැබීම සිදුකළ බව පොලිසිය සදහන් කළා. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබු සැකකරු ඇල්පිටිය රෝහලට අතුලත් කර තිබෙනවා.

තව කියවන්​න

ගුවන් යානා අමතර කොටස් මතුපිට පිලියම් කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුව විසිනුයි මෙම මධ්‍යස්ථානය ආරම්භ කර ඇත්තේ. පලාලි ගුවන් හමුදා කදවුරේදී මෙම ගුවන් යානා අමතර කොටස් මතුපිට පිළියම් කිරීම ආරම්භ කෙරුණා. මේ සඳහා චීනයේ ගුවන් තාක්ෂණ ආනයක හා අපනයන ආයතනයේදී විශේෂඥ කණ්ඩායම් විසින් සහය ලබා දී තිබෙනවා.

තව කියවන්​න

ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන්ගේ විශේෂ රැස්වීමක් කැදවා තිබෙනවා. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ ලබන 28 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම රැස්වීම කැදවා ඇති බවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනුයි රැස්වීම පැවැත්වීමට නියමිතව ඇත්තේ. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන්ට ඉදිරි දින කිහිපයේ කොළඹින් පිටතට නොයන ලෙසත් , විදෙස් ගත වීමෙන් වළකින ලෙසත් දැනුම් දී තිබෙනවා. මේ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා.

තව කියවන්​න