Author: VNews

පෑලියගොඩ, දිප්පිටිගොඩ ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙම සිද්ධිය වන අවස්ථාවේ පැනයාමට උත්සහ කළ තවත් පුද්ගලයෙකු ද තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ බවයි පොලීසිය සඳහන් කළේ. මෙහිදී තුවාල ලැබූ පුද්ගලයන් වයස අවුරුදු 24,34 සහ 44 යන වයස්වල පසුවන වැල්ලම්පිටිය, අංගොඩ, පෑලියගොඩ සහ දොම්පේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන බවද අනාවරණය වී තිබෙනවා. වෙඩිතැබීම සඳහා ටී 56 වර්ගයේ ගිණිඅවියන් භාවිතා කර ඇති අතර, පළාගිය සැකකරුවන් සොයා පෑලියගොඩ පොලීසිය වැඩිදුරය විමර්ශන කරන බවයි පොලීසිය සඳහන් කළේ.

තව කියවන්​න

සුඩානයේ යුදහමුදාව සහ ආර්.එස්.එෆ් කණ්ඩායම අතර පැවැත්වෙන ගැටුම් 11වැනි සතියටත් අඛණ්ඩව පැවැත්වෙනවා. මෙම සටන් හේතුවෙන් මිලියන 2.5ක සුඩාන වැසියන් අවතැන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ. මේ අතර 11වැනි සතිය සදහා ගැටුම් ආරම්භ කරමින් සුඩානයේ අගනුවර වන කාර්ටූම් වල පිහිටි සන්නද්ධ පොලිස් මූලස්තානය ආර්.එස්.එෆ් කණ්ඩායම අත්පත් කරගෙන තිබෙනවා. කෙසේ වෙතත් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සදහා සූඩාන හමුදාවට සහය වීමට තවත් හමුදා කණ්ඩායමක් අගරනුවරට යවා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

තව කියවන්​න

එක්දින ලෝක කුසලාන තරඟාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 133ක ජයක් වාර්තා කිරීමට ඊයේ සමත් වුණා. ඒ අයර්ලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු රැස් කළ ලකුණු සංඛ්‍යාව 325ක්. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්න ලකුණු 103ක් සහ සදීර සමරවික්‍රම ලකුණ 82ක් රැස් කිරීමට සමත් වුණා. අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 31ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 192ක් පමණයි. එහිදී වනිදු හසරංග ලකුණු 79ට කඩුළු 5ක් බිද හෙළිමට සමත් වුණා. මෙම තරග ජයග්‍රහණයත්…

තව කියවන්​න

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කාලය ලබාගැනීම මුල් කර ගනිමින් එළඹෙන ජුනි 30 වනදා ද ඇතුළුව ජුනි 29 වනදා සිට ජුලි 03 වනදා දක්වා දීර්ඝ බැංකු නිවාඩුව ප්‍රකාශයට පත් කළ බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. ඊයේ පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළා. එහිදී මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය තුළ දී මෙරට කිසිදු බැංකුවක කිසිදු තැන්පතුවකට හානියක් නොවන බවයි. මේ අතර ණය ප්‍රතිවූහගත කිරීමේදී ණය කපා හැරීමට යෝජනාවක් ගෙන එන්නේ නම් ඊට එකඟ නොවන බව ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ…

තව කියවන්​න

ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ රොහ්ටක් දිස්ත්‍රික්කයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා. එරට භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානයටසඳහන් කළේ මෙම භූ කම්පනය රික්ටර් පරිමාණයේ 3.2 ක ප්‍රබලතවයකින් සටහන්ව ඇති බවයි. ඉන්දියාවේ වේලාවෙන් අද අලුයම 3.57ට පමණ මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ .

තව කියවන්​න

ලෝක කුසාලන පාපන්දු සමාජ තරගාවලියේ සත්කාරකත්වය ඇමරිකාවට හිමිව තිබෙනවා. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් සත්කාරක රට තෝරා ගෙන ඇත්තේ ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ පැවති සාකච්ඡාවකදීයි. ඒ අනුව 2025 වසරේ ජුනි මස සිට ජුලි මාසය දක්වා කණ්ඩායම් 32ක සහභාගිත්වයෙන් මෙම පාපන්දු තරගාවලිය පැවැත්වෙනු ඇති. එමෙන්ම එළඹෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය හිමිව ඇත්තේ ද උතුරු ඇමරිකාවටයි. ලෝක පාපන්දු ලෝක කුසාලනය 2026 වසරේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

තව කියවන්​න

දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා ව්‍යාප්තිය ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා. රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ, දරුවන් අතර ඩෙංගු රෝගය මෙන්ම ඉන්ෆ්ලුවෙන්සා ඒ හා බී වෛරසයද ව්‍යාප්තවෙමින් පවතින බවයි. දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් දෙමව්පියන් විශේෂ අවධානයක් යොමු කළ යුතුව ඇතැයි ඔහු පැවසුවා. මේ අතර පසෙන් සහ ජලයෙන් ගොවීන්ට මාරාන්තික රෝගයක් වැළදීමේ අවධානමක් පවතින් බව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ බි ගුණරත්න මහතා පවසනවා . මේ හේතුවෙන් ගොවි ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවද ඔහු අවදාරණය කළා . මේ පිළිබඳව පසුගිය දා පවතී මාධ්‍ය හමුවකදී කරාපිටිය ශික්ෂණ රෝහලේ ක්ෂුද්‍ර ජීව විශේෂඥ වෛද්‍ය භාග්‍යා පියසිරි මහත්මියද අදහස් පල කළා.…

තව කියවන්​න

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් බව පවසා වැලිපැන්නේ පදිංචි පොලිස් නිලධාරියෙකුගේ නිවසට ඇතුළු වී දේපොළ කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ, සැකකරු සන්තකයේ තිබී හෙරොයින් සහ මෙරට නිෂ්පාදිත බොර 12 උණ්ඩ යෙදිය හැකි ගිනි අවියක්ද සොයා ගත් බවයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, පොල්වත්ත හේනගොඩ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක් . අදාල සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය වසරේ දෙසැම්බර් මස 03 වැනිදා සැකකරුවන් එම නිවසට ඇතුළු වී ගිනි අවි පෙන්වා නිවැසියන් බියකර දේපොළ කොල්ලකා පලා ගොස් තිබුනා. මේ අතර පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු ගෙල වැලලාගෙන මියගොස් තිබේනවා . මිරිජ්ජවිල වරාය පොලීසිය තුළ…

තව කියවන්​න

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ දිනයේ ඩොලර් 73 දක්වා පහත වැටී තිබෙනවා. බ්‍රෙන්ට් තෙල් මිල ඩොලර් 72 ශත 99 දක්වා පහළ ගිය අතර, ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් මිල සටහන් වුයේ ඩොලර් 68 ශත 24 ලෙසයි. එමෙන්ම පසුගිය 21 වනදා බොරතෙල් මිල ඩොලර් 77 ඉක්මවා ගියා. කෙසේ වෙතත් සැපයුම් බාධක සහ ගෝලීය වශයෙන් ඉන්ධන ඉල්ලුම පිළිබඳ පවතින මන්දගාමීත්වය මත බොරතෙල් මිල මාසයකට වැඩි කාලයක් ඩොලර් 70-80 අතර පැවැත්වුණා.

තව කියවන්​න

රජය යෝජනා කර ඇති ‘අස්වැසුම‘ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට එරෙහිව දිවයිනේ ප්‍රදේශ රැසක පදිංචි සමෘද්ධිලාභීන් විරෝධතාවයේ නිරත වුනා. විරෝධතාකරුවන් පවසන්නේ, දිළිඳු ජනතාව වෙනුවට සිය ප්‍රදේශවල පදිංචි නුසුදුස්සන් ‘අස්වැසුම‘ ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලැබීම ඉතා අසාධාරණ බවයි. මේ යටතේ, අවදානමට ලක් වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන කාණ්ඩ 4ක් ඔස්සේ මුල්‍යධාර ලබාදීමට නියමිතයි. ආබාධිත තැනැත්තන්, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා ලබාදීමට සැලසුම් කර තිබෙනවා. පවතින ආර්ථික අර්බුදයෙන් ජනතාව මුදා ගැනීම සඳහා ජනාධිපතිව රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක සමාජ ආරක්ෂක දැලෙහි එක් පියවරක් ලෙස ‘අස්වැසුම‘ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන රජය විසින් ආරම්භ කරනු ලැබුවා .

තව කියවන්​න