- කොළඹ දිස්ත්‍රික්කයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මෙම මස 09 වැනිදා
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බැතිමතෙකු මියයයි
- දුම්රිය කිහිපයක ආසන වෙන් කිරීමේ පහසුකම ඉවතට
- වෛද්‍යවරුන් රට හැර යාමේ අවධානමක්
- මහින්ද රාජපක්ශ සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
- ජනාධිපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් අතර හමුවක්
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
- කොළඹ ලෝටස් පාර වැසෙයි
Author: VNews
2024 පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන අවසන් තරගය අද පැවැත්වෙනවා. නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 3:30 ට සාජාහී දී ආරම්භ වීමට නියමිතයි. මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරග තුනම ඔවුන් පරාජයට පත් වූ අතර, ඉන්දියාවට එරෙහිව ලැබූ දරුණු පරාජයත් සමග ශ්‍රී ලංකාවට තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ සියලු බලාපොරොත්තු අත්හැරීමට සිදු වුණා. ඒ අනුව සැනසුම්දායක ජයක් වාර්තා කරමින් තරගාවලිය අවසන් කිරීමේ අරමුණ ඇති ශ්‍රී ලංකාව අද තරගයට පිවිසෙනවා.
මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 40,494 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තාවන අතර, එම සංඛ්‍යාව 17,159 ක්. එහිදි කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ඩෙංගු රෝගීන් 10,150 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචාවලට සම්බන්ධ යැයි සැකකෙරෙන චීන ජාතිකයින් 120 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහනුවර, කුණ්ඩසාලේ ප්‍රදේශයේ කාමර 47කින් යුත් සුඛෝපභෝගී බංගලාවක සිටියදීයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් සන්තකයේ තිබූ පරිගණක 15ක් හා ජංගම දුරකථන 300ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර සාකච්ඡාවක් අද (11) මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදු විය. අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා සහ සමන්තා පවර් මහත්මිය අදහස් හුවමාරු කර ගත් අතර ඉදිරියේ දී ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීමේ අවස්ථා පිළිබඳවද සාකච්ඡා කළහ. රජය විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශය සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ප්‍රතිපත්ති අතර පවතින සමානතාව ද මෙහිදී පෙන්වා දුන් සමන්තා පවර් මහත්මිය ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක කාර්යයන් සඳහා එක්සත් ජනපද නියෝජිතායතනයේ…
මූලික අනුගතවීමේ පාඨමාලාව (වෛද්‍ය) 02/2024, සාර්ථකව සම්පූර්ණ කල නිලධාරීන් දහතුන් දෙනෙකු (13) විසිරයාමේ උත්සවය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු රොහාන් ජෝෂප් ගේ ප්‍රධානත්වයෙන් අද දින (2024 ඔක්තෝබර් 11) ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි. ඒ අනුව, සාර්ථකව පුහුණුව අවසන් කළ ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යලයේ 35 වන බඳවා ගැනීමට අයත් වෛද්‍ය අංශයේ නිලධාරීන් දහතුන් දෙනෙකු (13) නාවික හා සාගරික විද්‍යා පීඨයේ සරඹ පිටියේදී, සිය දෙමව්පියන්, උපදේශකයින් සහ පුහුණුවන නිලධාරීන් ඉදිරියේ මෙලෙස අභිමානවත් අයුරින් විසිර යෑම සිදු කෙරිණි. එහිදී මූලික අනුගතවීමේ පාඨමාලාව (වෛද්‍ය) 02/2024, පාඨමාලවේ දක්‍ෂතම නිලධාරියාට හිමි කුසලානය වැඩ බලන උප ලුතිනන් (වෛද්‍ය) ඩීබී ජයතිලක විසින්, මෙම විසිරයාමේ පෙළපාලිය සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් පැමිණි නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු රොහාන් ජෝෂප්…
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයකින් තොරව වංචනික විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් යුරෝපානු රටවල රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින්ගෙන් මුදල් වංචාකල කාන්තාවක් ඊයේ දින (2024.10.10) අත්අඩංගුවට ගන්නා ලදී. රාගම ප්‍රදේශයේ ඔරකල් විනර්ස් පුද්ගලික සමාගම නමින් ආයතනයක් පවත්වාගෙන යමින්, ඉතාලියේ, ජර්මනියේ හා පෝලන්තයේ රැකියා ලබාදෙන බව පවසමින් රාගම ප්‍රදේශයේ කාන්තාවක් තමන්ගෙන් රු.1,250,000.00 ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණිලි 4ක් ලැබී තිබිණි. ඒ අනුව කාර්යාංශ නිළධාරින් විසින් රාගම මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කර තිබූ අතරතුර රාගම පොලිසියට ලද පැමිණිලි අනුව පොලිසිය විසින් අදාල කාන්තාව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන…
දෙදහස් විසිහතර 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නාම යෝජනා භාර ගැනීම අද (11)දහවල් දොළහෙන් අවසන් වූ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග වැදීම සඳහා නාම යෝජනා පත්‍ර දාසයක් ලැබුණු බවත් ඉන් පිළිගත් දේශපාලන පක්ෂ දාහතරක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් වන අතර එක් දේශපාලන පක්ෂයක් ප්‍රතික්ෂේප වූ බව පොළොන්නරුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහතා පැවසීය. මේ අනුව පක්ෂයේ ලේකම්වරයාගේ අත්සන නොමැති වීම හේතුවෙන් පිළිගත් දේශපාලන පක්ෂයක් වන (ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ) නාම යෝජනාව පත්‍රය ප්‍රතික්ෂේප වූ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා සඳහන් කළේය. මේ අනුව 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ දහතුනක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් සුදුසුකම් ලබා…
සියදිවි හානිකර ගැනීම පිළිබද මාධ්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් අද දින (11) ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවනාගාරයේ (SLMA) දී පැවැත්විණි. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, මානසික විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව, ඔක්තෝබර් මස 10 දිනට යෙදුන ලෝක මානසික සෞඛ්‍ය දිනට සමගාමීව මෙම මාධ්‍ය හමුව පවත්වන ලදි. මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ද එක්ව සිටියහ. මානසික සෞඛ්‍ය පිළිබදව විශේෂ අවධානයක් යොමු කරමින් මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සදහා සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුහුණු කිරීමේ වැඩසටහන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබෙන බවත්, විධිමත් හා කාලෝචිත ප්‍රතිපත්ති සකස් කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බවත්, ඒ තුළින් වඩා…
සෞදි අරාබියේ රියාද් නුවර බලා 10/10 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වීම නිසා යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට , එම යානයේ ගුවන් නියමුවා විසින් පියවර ගෙන ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය නිකුත් කළ නිවේදනයක සදහන් වේ. ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 265 දරන ගුවන් යානය ගුවන් මගීන් 215 දෙනෙකු රැගෙන 10/10 දින රාත්‍රී 06.15 ට කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබේ . මෙම ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වීම නිසා යළිත් මෙම ගුවන් යානය…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222