Author: VNews

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පස්වන හා අවසන් අලුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. පළමු දිනය සදහා තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉදිම සදහා පන්දුවාර 25ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 61ක් රැස් කරගෙන සිටියා. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 283ක්. එහිදී එංගලන්ත ඉනිම ස්ථාවර කිරීම සඳහා අගනා ඉනිමක් ක්‍රීඩා කළ හැරී බෘක් පන්දු 91දී ලකුණු 85ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී මිචෙල් ස්ටාර්ක් ලකුණු 82ට කඩුළු 4ක් බිඳ හෙළීමටයි සමත් වුණේ. ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම මේ වන විට…

තව කියවන්​න

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් මහතා අද නිල සංචාරයක් සඳහා දිවයිනට පැමණිමට නියමිතව තිබෙනවා. මෙය ඉතිහාසයට එක්වන්නේ ප්‍රංශ ජනාධිපතිවරයෙකු මෙරට සංචාරයක නිරතවන පළමු අවස්ථාව ලෙසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයකට අනුවයි ප්‍රංශ ජනාධිපතිවරයා මෙරට නිල සංචාරයකට එක්වන්නේ. මෙහිදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. මෙම සාකච්ඡාවේදී කලාපීය සහ ගෝලිය අභියෝග පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශ්‍ය සඳහන් කළේ. මේ අතර ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමසා දෙදින නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ ඔහු සමග 22 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් පැමිණෙන බවයි. එම…

තව කියවන්​න

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තහනම් කර තිබු සංවිධාන 05 ක තහනම ඉවත් කර තිබෙනවා. අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය මේ බව සදහන් කළා. ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනුයි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අන්තවාදී සංවිධාන තහනම් කිරීමේ නියෝග යටතේ සංවිධාන 11 ක් තහනම් කර තිබුණා. නව ගැසට් නිවේදනය මගින් එක්සත් තවුහිද් ජමාත් , සිලෝන් තවුහිද් ජමාත්, ශ්‍රී ලංකා තවුහිද් ජමාත් , සමස්ත ලංකා තවුහිද් ජමාත් සහ ජමියතුල් අන්සාරි සන්නතුල් මොහොමදියා යන සංවිධාන වලට එරෙහි තහනම මෙලෙස ඉවත් කර තිබෙනවා.

තව කියවන්​න

සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ පෙළේ නිලධාරීන්ට සේවයට වාර්තා කිරීමේදී ඇගිලි සලකුණු සටහන් කිරීම අනිවාර්ය කර තිබෙනවා. ඒ අනුව අගෝස්තු මස පළමුවනදා සිට සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය පරිපාලන සේවයේ නිලධාරීන් ඇතුළු සෙසු විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට සිය දෛනික පැමීණිම සහ පිටව යාම සටහන් කිරීම අනිවාර්ය වෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය ලිපියක් නිකුත් කරමින් මේ බව අදාළ පාර්ශව වෙත දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් මෙම තීරණය වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාවට පටහැනි බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළා. ඔහු පවසන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් රාජකාරී සදහා වාර්තා කිරීමේදි මෙතෙක් එවැනි ක්‍රමවේදයක් නොතිබු බවයි. සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ගෙන ඇති මෙම තීරණය ප්‍රායෝගික නොවන බවයි රජයේ…

තව කියවන්​න

සත්‍ය සෙවීමේ කොමිසම පිළිබදව වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන දැනුවත් කර තිබෙනවා. ඊට අදාළ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යලයේදී පැවැත්වුණා. ඒ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන්. ජනවාර්ගික ප්‍රශ්නයෙන් පීඩාවට පත්වු සෑම ජන කොටසකටම සත්‍ය සෙවීමේ කොමිසම ස්ථාපිත කිරීමෙන් සත්‍ය සොයා යාමට අවස්ථාව හිමිවන බවයි අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේ. සත්‍ය සෙවීමේ කොමිසම ස්වාධින විය යුතු බවත් රජයේ වගකීම වන්නේ ඒ සදහා පහසුකම් සැපයීම පමණක් බවත් අලි සබ්රි මහතා පෙන්වා දුන්නා. ජාත්‍යන්තරව පිළිගත් වගවීමේ ක්‍රියාවලියක අවශ්‍යතාව සහ එය ස්ථාපිත කිරීමේ රජයේ කැපවීම පිළිබදව ද අමාත්‍ය අලි සබ්රි මහතා අවධාරණය කළා. මෙම අවස්ථාවට එක්ව සිටි ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ සමන් රන්නප්‍රිය මහතා…

තව කියවන්​න

මියන්මාරයේ හිටපු නායිකා අවුන් සාන් සුකී ව නිවාස අඩස්සියේ තැබීමට තීරණය කර තිබෙනවා . 2021 පෙබරවාරි මාසයේදී මියන්මාර හමුදා නායකයින් සුකී ව බලයෙන් ඉවත්කර එරට පාලනය අල්ලා ගනු ලැබුවා . ඉන් අනතුරුව ඇයව රඳවාගෙන සිටි අතර ඉන් පසුව මෙලෙස නිවාස අඩස්සියට පත් කිරීමට පියවර ගෙන ඇති බව සදහන් .

තව කියවන්​න

මෙරටට පැමිණි සෞදි අරාබියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසකට පොල් සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙකු බලපෑම් කිරීම සම්බන්ධයෙන් මෙරට සෞදි තානාපතිවරයාගෙන් සමාව ඉල්ලා සිටින බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසනවා. තිදෙනෙකුගෙන් සමන්විත සෞදි රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් පසුගියදා මෙරටට පැමිණ තිබුණේ එරට ව්‍යාපෘතියකට අදාළව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන කොහු බත් පිළිබඳව සොයා බැලීම සඳහායි. මෙම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් සෞදි අරාබියට කොහු බත් අපනයනය කිරීමෙන් වසර කිහිපයක් තුළ අමෙරිකානු ඩොලර් බිලියන 10 ක පමණ මුදලක් ශ්‍රී ලංකාවට උපයාගැනීමේ හැකියාව පවතින බවද වාර්තා වනවා. මේ, ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා.

තව කියවන්​න

අස්වැසුම සුභසාධන ක්‍රමයට අදාලව බැංකු ගිණුම් ආරම්භ කිරීම සදහා ප්‍රදේශ රැසක ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටින බවට අප වාර්තාකරුවන් පවසනවා. ඔවුන් චෝදනා කරන්නේ නිසි වැඩපිළිවෙලක් නොමැතිකමින් මෙලෙස පෝලිම්වල රැඳී සිටීමට සිදුව ඇති බවයි. මේ අතර අස්වැසුම ගිණුම් විවෘත කිරීමට ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පොලිමේ රැඳී සිටි වයස අවුරුදු 77 ක පුද්ගලයෙකු රෝගාතුර වී මියගොස් තිබෙනවා.

තව කියවන්​න

කහටගස්දිගිලිය ගෝනගිරි රජමහ විහාරස්ථානය අසල කැලෑවක පිඹුරෙකු විසින් මොනරෙකු ගොදුරු කරගන්නා අවස්තාවක් අප කැමරාවට හසුවුුුනා. මෙම විහාරස්ථානයේ වැඩවසන විහාරාධිපති හිමියන් විහාරස්ථානයේ යාබද ඇති පොකුණට දිය බීමට එන වන අලි නැරබීමට යාමේදී විහාරස්ථානයට යාබද කැලැවෙන් ඇසුන ශබ්දයක් පරීක්ශා කිරීමේදී පිඹුරෙකු මොනරෙකු ගොදුරු කරගෙන සිට් අයුරු දැක ඇතගවිහාරාධිපති හිමියන් එම ස්තානයට යන විටදිත් මොනාරා පිඹුරාගේ ග්‍රහනයට හසුවී මියගොස් සිි බව හිමියන් පැවසුවා. තවද මෙම පිඹුරා දිග අඩි 10කට වඩාදිගින් යුතු බවත් පිඹුරා ගොදුරු කරගන්නා ලද මොනරාද තරමක් විශාල මොනරෙකු බව හිමියන් පවසතිග මෙම පිඹුරා පැයකිහිපයක් වෙහෙස දරා මෙම මොනරා ගිලදමා නැවතත් කැලෑවතුලට වැදුනු බව විහාරාධිපති කහටගස්දිගිලියේ පඤ්ඤාලෝක හිමියන් පැවසුුුවා.

තව කියවන්​න

මහා විහාර වංශානුයාත ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වෙනි උපසම්පදා මහා විනය කර්මය ඉහල හංවැල්ල ශ්‍රී විසුද්ධාරාමය, මරදම්මඩුව සිරි ගැමුණු විහාරය, හිරල්ලුගම ශ්‍රී සුනන්දාරාමය යන විහාරස්ත්‍රාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කැබිතිගොල්ලෑව සංඝ සභාවේ නිකාය සංවර්ධන සභාවේ ගරු ලේඛකාධිකාරි අති පුජ්‍ය ශ්‍රස්ත්‍රවේදි පණ්ඩිත හිරල්ලුගම විජයරතන මහා ස්ථවීර පාදයන් වහන්සේගේ හා ඉහල හංවැල්ල විසුද්ධාරාමාධිකාරි අති පුජ්‍ය ත්‍රිපිටකාචාර්ය හිරල්ලුගම අමරශාන්ත ස්ථවීරයන් වහන්සේගේ ශිෂ්‍ය වන පුහුදිවුලේ සුලෝචන සාමණේරයන් වහන්සේගේ අධි ශීල සංඛ්‍යාත උප සම්පදා විනය කර්මය 2023 ජුලි මස 24 වන දින මාතලේ බණ්ඩාරපොළ සුදු ගඟ උදකුක්ඛේප සීමා මාලකයේදී සිදු කෙරුණා.   උපසම්පදාවෙන් අනතුරුව උන්වහන්සේ තමා උපන් ගම්මානයේ පිහිටි පුහුදිවුල ශ්‍රී සාලරුක්ඛාරාම…

තව කියවන්​න