Author: VNews

ඉන්දියාව සමඟ විදුලි අවබෝධතාවයක් ඇති කරගැනීමටත් මේ වන විට සැලසුම් කර ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. ඔහු සදහන් කලේ එම ගිවිසුමත් සමග ඉදිරියේදී විදුලි බිල අඩු කිරීමේ හැකියාව පවතින් බවයි. බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසුවා. මේ අතර උඩවලව ජලාශයට සමනළ වැවෙන් ජලය නිකුත් කළහොත් දකුණු පළාත තුළ විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇති බවට ලංකා විදුලි බල මණ්ඩලය දැනුම් දී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. විදුලිබල මණ්ඩල නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ දින 10ක් සමනළ වැව ජලාශයේ ජලය උඩවලව ජලාශයට නිකුත් කළහොත් දකුණු පළාත තුළ පැය…

තව කියවන්​න

පාකිස්ථානයේ දේශපාලන රැළියක් අතර තුර සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම පිපිරීමෙන් තවත් පුද්ගලයන් 100ට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙලෙස තුවාල ලැබූ පිරිසෙන් පුද්ගලයන් 15දෙනෙකුගේ තත්ත්වය බරපතල වන බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවද එරට බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා. මෙම ප්‍රහාරය මරාගෙන මැරෙන ප්‍රහාරයක් විය හැකි බවට සාක්ෂි ලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

තව කියවන්​න

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ පැවැති පළමු තරගයෙන් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පරදා ලකුණු 21 ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වුණා. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ස්ට්‍රයිකර්ස් නායක නිරෝෂන් දික්වැල්ල පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව කිංග්ස් කණ්ඩායමට ලබා දීම සිදු කළා. ඒ අනුව ජැෆ්නා කිංග්ස් පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 5 ක් දැවී රැස් කළ ලකුණ සංඛ්‍යාව 173 ක්. මෙහිදී තව්හිද් රිදෝයි පන්දු 39 කින් ලකුණු 54 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී නසීම් ශාහ්, මතීෂ පතිරණ, චාමික කරුණාරත්න හා ලක්ෂාන් සඳකැන් කඩුල්ල බැගින් බිද හෙලුවා. ඒ…

තව කියවන්​න

අගෝස්තු මාසයේ මුල සිට ජල බිල්පත් ඉහළ දමන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා . එම යෝජනාවට කැබිනට් අනුමැතිය සඳහා යොමුකර ඇති බවයි එහි සාමාන්‍යාධිකාරී වසන්තා ඉලංගසිංහ මහත්මිය සඳහන් කළේ. ඊට කැබිනට් අනුමැතිය හිමිවුවහොත්, අගෝස්තු මස මුල සිට ජල බිලපත් වැඩිවන බව ඇය සඳහන් කළා. කෙසේවෙතත් ජල බිල්පත් ඉහළ නැංවීමේ ප්‍රතිශතය පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නැහැ.

තව කියවන්​න

හොරොව්පතාන ලංකා ගමනා ගමන මණ්ඩල සේවකයින් මේ වන ව්ට වැඩවර්ඡනයක නිරත වනවා. බස් රථ ධාවන කාලය මුල් කරගනිම්න් මෙම වර්ඡන ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබෙනවා. එමෙන්ම පෞද්ගලික බස් රථ සේවකයකු කල පහරදීමකින් ලංගම බස් රියදුරෙකු සහ ඩ්පෝ කලමනාකාරවරයෙකු තුවාල ලබා තිබෙන බව සඳහන්. ඔහුන් මේ වන ව්ට අනුරාධපුර සහ හොරොව්පතාන රෝහල්වල ප්‍රතිකාර ලබනවා.

තව කියවන්​න

දැනට පවතින නියඟය තත්ත්වය ඉදිරියේ දී තවත් දරුණු විය හැකි බැවින් මීළඟ මහ කන්නය අසාර්ථක වුවහොත් රටට ආහාර හිඟයකට මුහුණ පෑමට සිදුවිය හැකි යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා. අඟුනකොලපැලැස්ස ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 10ක ක්‍රියාත්මක කර තිබෙන ගෙවතු වගා වැඩ සටහන තුළ ප්‍රතිලාභීන් 250කට අවශ්‍ය පැළ කට්ටල ලබා දීමේ වැඩ සටහනක් ඊයේ අගුනකොළපැලැස්සේ දී පැවැත්වුණා. මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා ඉදිරි මහ කන්නය අසාර්ථක වුවහොත් මේ රට තුළ දැඩි ආහාර හිඟයක් ඇතිවිය හැකියැයි ද ඒ සඳහා මුහුණ දීමට වගා කළ හැකි සෑම ස්ථානයකම කුමක් හෝ ආහාර බෝගයක් වගා කිරීමට පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටියා.

තව කියවන්​න

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර විවිධ විෂයන් සම්බන්ධයෙන් පර්යේෂණ සහයෝගිතාව ගොඩනැංවීම සඳහා විශාල විභවයක් ඇතිබව කොළඹ, ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්තානයේ අධ්‍යක්ෂ මහාචාර්ය අංකුරන් දත්තා පවසනවා. ඔහු පෙනවා ශ්‍රී ලංකාව හැමවිටම ඉන්දියාව අනුගමනය කලබව විස්වාස කරන බවයි. එහෙත් ශ්‍රී ලංකාව තුළ සාර්ථක වූ බොහෝ වැඩසටහන් පසුකාලීනව ඉන්දියාව තුළ ආරම්භ කර ඇතිබවයි ඔහු පෙන්වා දුන්නේ. ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ආයතනවල ආදි ශිෂ්‍යයන් සම්බන්ධ කිරීම අරමුණුකරගත් වේදිකාවක්වන INDO – LANKA EDU Net හි සංවිධානය හා වෙබ් අඩවිය එලිදැක්වීමේ අවස්තාවට ඊයේ කොළඹ දී එක්වෙමින් ඔහු මේබව ප්‍රකාශ කලා. දෙරටේම සිසුන් සඳහා සහයෝගිතාව වර්ධනය කිරීම හා අධ්‍යාපන අවස්තා නිර්මාණය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ පදිංචි…

තව කියවන්​න

ලෝකයේ විශිෂ්ඨතම සෞඛ්‍ය පද්ධතියක් සහිත මෙරට නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රය රැක ගැනීම රජයේ පමණක් නොව, සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා මහජනතාව මෙන්ම ජන මාධ්‍යයේ ද වගකීමක් බව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා අවධාරණය කරනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කීර්තිය රැක ගැනීමට නම් එහි විශිෂ්ඨත්වය රැක ගත යුතු බවත් එහිදී සෞඛ්‍ය පරිපාලකයන්ට වගකිව යුතු කාර්යභාරයක් පැවරෙන බවයි ඔහු ප්‍රකාශ කළේ. බාල ඖෂධ යනුවෙන් ඖෂධ කාණ්ඩයක් ලොව කිසිම රටක නිශ්පාදනය නොකරනන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙරටට ගෙන්වනු ලබන්නේ අදාළ රටවල මෙන්ම ඖෂධ නියාමන අධිකාරියේ ද ලියාපදිංචි කළ ඖෂධ පමණක් බවත් ඒ මහතා කියා සිටියා. බටහිර වෛද්‍ය විද්‍යාවේ භාවිතා වන ඖෂධ මඟින්…

තව කියවන්​න

ජාතික ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ නව තරගාවලි වාර්තාවක් බිහි කිරීමට කාලිංග කුමාරගේ අද සමත්වුණා. ඒ, මීටර 400 පිරිමි ධාවන ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනාගනිමින්. ඔහු ඒ සඳහා තත්පර 45 යි දශම බින්දුවයි හතක කාලයක් ගතකර තිබුණා. එය කාලිංගගේ පෞද්ගලික හොඳම දක්ෂතාවද වනවා. එම ඉසව්වේ දෙවන ස්ථානය අරුණ දර්ශන විසින් හිමිකරගත් අතර, ඒ සඳහා ඔහුට තත්පර 45 යි දශම හතරයි පහක කාලයක් ගතවුණා. කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේ පැවැත්වෙන ජාතික ශූරතා මළල ක්‍රිඩා තරගාවලියේ අද දෙවන දිනයයි.

තව කියවන්​න

ගම්පහ නගරය ආශ්‍රිතව සහ නගරයට නුදුරු ප්‍රදේශයක පාසල් දෙකක සිසුවියන් දෙදෙනකු ඊයේ (28) සිට අතුරුදහන්ව තිබෙනවා. වැලිවේරිය සහ ගම්පහ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 16 සහ 18 වයසේ පසුවන මෙම සිසුවියන් දෙදෙනා 11 සහ 12 ශ්‍රේණිවල ඉගෙනුම ලබන අතර එක් සිසුවියක් පාසල් නිම වී යන විට අතුරුදහන්ව ඇති අතර අනෙක් සිසුවිය ඊයේ පාසල් නොගොස් වෙනත් පාසලකට යන බව නිවසට පවසා ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ. මෙම සිසුවියන්ගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථානය සහ පොලීසියත් වැලිවේරිය පොලීසිය පරීක්ෂණ සිදු කරමින් පවතී.

තව කියවන්​න