Author: VNews

පහරදීමක් මුල්කරගනිමින් ඩිපෝ කිහිපයකට අයත් ලංගම බස් වර්ජනයක් ආරම්භ කර තිබේනවා. මෙලෙස වර්ජනයක් ආරම්භ කර ඇත්තේ දඹුල්ල, අනුරාධපුර, කැකිරාව, හොරොව්පතාන,පොලොන්නරුව,කැබිතිගොල්ලෑව සහ කන්තලේ ඩිපෝවලට අයත් ලංගම බස් රථයි. හොරොව්පතාන ලංගම බස් ඩිපෝවේ ඩිපෝ පරීක්ෂක වරයකු පෞද්ගලික බස් රථයකින් රැගෙනගොස් පහර දීමේ සිද්ධිය හෙළා දකිමින් මෙම වර්ජනය ආරම්භ කර තිබෙනවා. හදිසි වර්ජනය හේතුවෙන් මගීන් බොහෝ පිරිසක් මේ වනවිට මහත් අපහසුතාවයට පත්ව තිබෙන බව සඳහන් .

තව කියවන්​න

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය ලේකම් රංජිත් කුමාර සමරකෝන් එම ධූරයෙන් ඉවත්වීමත් සමග විපක්ෂ නායකවරයාගේ සහ සමගි ජන බලවේගයේ සමාජ මාධ්‍ය පිටු මෙහෙයවූ ෆේස් බුක් ඇඩ්මින්වරුන්ද එම තනතුරුවලින් ඉවත්වී තිබෙනවා. ඒ අනුව සජිත් ප්‍රේමදාසගේ නිල ෆේස් බුක් පිටුවේ සියලුම කටයුතු මෙහයවූ මොහොඩම් මාෆීර් නැමැති ඇඩ්මින්වරයා පසුගිය සතියේදී ඉවත්ව තිබෙන බවද සමගි ජන බලවේගයේ ආරංචිමාර්ග සඳහන් කරනවා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකයවරයාගේ මාධ්‍ය ලේකම්වරයා හරින් ප්‍රනාන්දු ඇමැතිවරයාගේ පුද්ගලික ලේකම් ලෙස පත්වීම් භාරගෙන ඇති අතර මෙහොමඩ් මාෆීර් නම් ෆේස් බුක් ඇඩ්මින්වරයා පසුගිය සතියේදී මනුෂ නානායක්කාර අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකයේ පත්වීමක් ලබාගෙන ඇත. රංජිත් කුමාර සමරකෝන්ගේ ඉල්ලා අස්වීමෙන් පසුව මෙම ෆේස් බුක් ඇඩ්මින්වරුන් එම තනතුරුවලින්…

තව කියවන්​න

පාසල් දරුවන් අධික ලෙස ඩිජිටල්කරණය වීම තුළින් අවධානම් තත්ත්වයක් මතු වනු ඇති බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසනවා. කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ පාසල් පද්ධතිය තුළ ජංගම දුරකථනය ඇතුළු වෙනත් තාක්ෂණික මෙවලම් අධික ලෙස භාවිත කිරීම තුළින් දරුවන් ප්‍රායෝගික අධ්‍යාපනයෙන් බැහැර වන බවයි. එමෙන්ම මේ තුලින් දරුවන්ගේ මානසික සෞඛ්‍ය පිරිහීමට ලක්වන බවද යුනෙස්කෝ සංවිධානය විසින් පසුගිය දා අනාවරණය කර සිටියා.

තව කියවන්​න

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගයේ තවත් තරග දෙකක් අද පැවැත්වීමට නියමිතයි. එක් තරගයක් ගෝල් ටයිටන්ස් සහ දඹුල්ල අව්රා කණ්ඩායම් අතර අද පස්වරු 3.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දි පැවැත්වේනවා. අනෙක් තරගය බී-ලව් කැන්ඩි කණ්ඩායම සහ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතර රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි . තරගාවලියේ ඊයේ පැවැති පළමු තරගයෙන් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පරදා ලකුණු 21ක ජයක් හිමිකර ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වුනා .

තව කියවන්​න

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරට අදාළව අතුරු ගෙවීමක් කිරීමට නෞකා සමාගමේ නීතිඥවරුන් සිය එකඟතාව පළ කර තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ, පසුගියදා සිංගප්පූරුවේ පැවති සාකච්ඡාවලදී ගත් තීරණයට අදාළ එකඟතා, ශ්‍රී ලංකාවට දැනුම්දී ඇති බවයි. සමුද්‍රීය පරිසර ආරක්ෂණය වෙනුවෙන් සහ අනතුර හේතුවෙන් පීඩාවට පත්වූ ධීවරයින් වෙනුවෙන් අදාළ අතුරු ගෙවීම සිදුකිරීමට නියමිතව තිබෙනවා . නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ, අතුරු ගෙවීමට අදාළ සවිස්තර වාර්තාවක් ඉදිරි සති දෙක ඇතුළත සමාගමේ නීතිඥවරුන් වෙත යොමු කිරීමට කටයුතු කරන බවයි.

තව කියවන්​න

මෙරට නෝර්වේ තානාපති කාර්යාලය අද සිට වසා දැමීමට නියමිතව තිබෙනවා. නොර්වේ රජය පසුගියදා නිවේදනය කළේ විදෙස් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල ජාලයේ සිදුකරන ව්‍යුහාත්මක වෙනස්කම් හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි. ඒ අනුව අද සිට කොළඹ පිහිටි මෙරට නෝර්වේ තානාපති කාර්යාලයේ රාජකාරී කටයුතු අත්හිටුවීමට නියමිතයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ද්විපාර්ශ්වික සබඳතා සඳහා අවශ්‍ය කටයුතු ඉන්දියාවේ නවදිල්ලි නුවර නෝර්වේ තානාපති කාර්යාලය මගින් සිදුකිරීමට නියමිත බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

තව කියවන්​න

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉලක්ක ශ්‍රී ලංකාවට සපුරා ගැනීමට නොහැකි බව ජාතික ජන බලවේගය පවසනවා . එහි පර්ලිම්නේතු මන්ත්‍රී විජිත හේරත් මහතා සදහන් කලේ යලිත් රටේ බදු ආදායම ඉහල දැමීමට ආණ්ඩුව සුදානම වන බවයි. දිවුලපිටිය ආසන සමුළුවට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා . මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කළුතර ආසන බල මණ්ඩලය ඊයේ පස්වරුවේ පැවැත්වුනා . එහිදී මෙලෙස පර්ලිම්නේතු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අදහස් පළ කළා. මේ අතර එක්සත් ජාතික පක්ෂ මිනුවන්ගොඩ ආසන බල මණ්ඩලය රැස්වීම ඊයේ පස්වරුවේ පැවැත්වුනා. මේ එහිදී අදහස් පල කල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා.

තව කියවන්​න

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පස්වන හා අවසන් අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි. සිව්වන දිනය සදහා තරගය නතර කරන විට ලකුණු 384ක ඉලක්කයක් හඹා යමින් සිටි ඕස්ටේ‍රලියාව පන්දුවාර 38ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 135ක් රැස් කරගෙන සිටියා. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 283ක් රැස් කළ අතර, ඊට පිළිතුරු ඉනිම ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 295ක් රැස් කළා. අනතුරුව එංගලන්ත කණ්ඩායම සිය දෙවන ඉනිමට සියල්ලන් දැවී ලකුණු 395ක් රැස් කළ අතර, ඒ අනුවයි ඕස්ට්‍රේලියාවට ලකුණු 384ක ඉලක්කයක් හිමි වූයේ.

තව කියවන්​න

ගාලු මුවදොර ආශ්‍රිත වෙළෙඳාමේ නිරත වෙළෙඳුන්ට අද දිනයේ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වීමට නියමිතයි . මේ අතර ගාලු මුවදොර ආශ්‍රිතව ආහාර පාන අලෙවිය සිදුකරන වෙළෙඳුන් නියාමනය සඳහා පියවර ගන්නා බව කොළඹ මහ නගර සභාව පවසනවා. ඒ, අනුව ඉදිරියේ දී කොළඹ මහ නගර සභාවේ ලියාපදිංචි වෙළෙඳුන්ට පමණක් ගාලු මුවදොර ආශ්‍රිතව වෙළෙඳාම් කිරීමට අවසර ලබාදෙන බවයි කොළඹ මහ නගර සභාව වැඩිදුරටත් සඳහන් කළේ. එහි අලෙවිකරනු ලබන ආහාර පානවල පිරිසිදුතාවය සම්බන්ධයෙන් නිරන්තරයෙන් ඉදිරිපත් වෙන ජනතා පැමිණිලි සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

තව කියවන්​න

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන පළමු කොටසේ අන්තර් පාසල් රග්බි ලීගයේ ඒ කාණ්ඩයේ සුපිරි වටයට සුදුසුකම් ලබාගැනීමට කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සමත් වුණා. පල්ලෙකැලේ රග්බි ක්‍රීඩාංගණයේදී පසුගිය සෙනසුරාදා පැවැති තරගයකදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලට එරෙහිව ලකුණු 34ට 17 ක් ලෙස ජය වාර්තා කරමින් ශාන්ත අන්තෝනි විදුහල සුපිරි වටයට සුදුසුකම් ලැබුවා. මේ අතර එදිනම තවත් තරග කිහිපයක් පැවැත්වීමට කටයුතු යොදා තිබුණා. එහිදී කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී මරදාන ශාන්ත ජෝෂප් විද්‍යාලය විසින් ලකුණු 29ට 16 ක් ලෙස කොළඹ ඩී.එස්. සේනානායක පරාජය කිරීමටයි සමත් වුණේ. පල්ලෙකැලේ රග්බි ක්‍රීඩාංගණයේදී කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල විසින් ලකුණු 34ට 17 ක් ලෙස ගල්කිස්ස විද්‍යා විදුහල පරාජය…

තව කියවන්​න