Author: VNews

යතුරු පැදි සහ පාපැදි සොරකම්වලට සම්බන්ධ පුද්ගලයෙකු දෙහිවල, සිරිසඝ බෝ පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. දෙහිවල ප්‍රදේශයේ යතුරු පැදි සොරකමක් සම්බන්ධව සිදු කළ විමර්ශනයකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ. මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරු විවිධ ප්‍රදේශ වලින් සොරකම් කරන ලද පාපැදි 11ක් පොලීසිය විසින් සොයාගෙන ඇති අතර, මොහුට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු 4ක්ද නිකුත් කර තිබෙනවා. මෙම පුද්ගලයා අද ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තව කියවන්​න

ජපානය ඉකුත් දා සිය වාර්ෂික ධවල පත්‍රිකා නිකුත් කළා. මෙවර එම පත්‍රිකා මගින් කලාපය තුල චීනය සිදු කරන හමුදාමය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම රුසියාව සමග වර්ධනය වන චීන සබඳතා සම්බන්ධයෙන් ද ජපානය දැඩි අවධානය යොමු කර තිබීම විශේෂත්වයක්. තායිවානය වෙත චීනය සිදුකරන මැදිහත්වීම් සම්බන්ධයෙන් ද චීනය සිය කණස්සල්ල පල කරනවා.එමෙන්ම උතුරු කොරියාව සම්බන්ධයෙන් ද එහි සඳහන් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. උතුරු කොරියාවේ හමුදාමය ක්‍රියාකාරකම් ජපානයේ ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් එල්ල කර ඇතැයි එම ධවල පත්‍රිකාවල සඳහන්.බැලැස්ටික් මිසයිලවල සවිකර ඇති න්‍යෂ්ටික අවිවලින් සිය රට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව උතුරු කොරියාව…

තව කියවන්​න

ජාතික ගීය විකෘති කර ගායනා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවට පැමිණිලි කිහිපයක් දැනටමත් ලැබී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවා. එමෙන්ම තමා අද පොලිස්පතිවරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා. මේ අතර ජාතික ගීය විකෘති කර ගායනා කිරීම සම්බන්ධයෙන් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ඊයේ විමර්ශනයක් ආරම්භ කළා. ගායන ශිල්පිනී උමාරා සිංහවංශ මහත්මිය ජාතික ගීය මෙසේ විකෘති කර ගායනා කර තිබුණේ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක උත්සවයේදියි.

තව කියවන්​න

කුකුළු මස් මිල පහළ දමා ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා . ඒ අනුව කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 100 කින් අඩු කිරීමට දේශීය කුකුළු නිෂ්පාදකයන් එකඟ වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළා. මේ අතර කුකු`ඵ මස් ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසනවා. නිෂ්පාදන පිරිවැය වැඩිවීම හැර කුකු`ඵ මස් හිඟයක් රට තුළ නොපවතින බවටයි ඔහු අවධාරණය කරන්නේ.

තව කියවන්​න

දෙමළ ජාතික සංවිධානයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා මුණ ගැසී තිබෙනවා. අද පෙරවරුවේ ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ නිල නිවසේදියි මෙම හමුව පැවැත්වුණේ. එම සාකච්ඡාව සදහා දෙමළ ජාතික සංවිධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා ඇතු`ඵ පිරිසක් එක්ව සිටියා. මෙහිදි 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතු`ඵ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා.

තව කියවන්​න

13 වන සංශෝධනය ශක්තිමත් කිරිමට අදාළ සියලු යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා. ඒ අනුව බලය බෙදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ලබන සතියේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. මේ අතර පොලිස් බලතල හැර අනෙකුත් බලතල බෙදාගැනීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදි කරුණු පැහැදිලි කිරීමට නියමිතයි.

තව කියවන්​න

මේ වසරේ පළමු මාස හත තුළ සංචාරකයන් 763,000ක් මෙරටට පැමිණ ඇති බවත් එමඟින් ඇමරිකානු ඩොලර් මිලියන 800ක පමණ අදායමක් ලබාගැනීමට හැකිවූ බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසුවා. රටේ ආර්ථිකය ගොඩඟීම සඳහා සංචාරක ක්ෂේත්‍රය ද උපරිම වශයෙන් දායකකර ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක වී ඇති බවත් තවදුරටත් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යංශය ලෙස නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බවත් ඒ මහත්මිය සඳහන් කළා. සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මෙම අදහස් පළ කළේ, ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් . සංචාරක කර්මාන්තය නංවාලීමට සාම්ප්‍රදායික…

තව කියවන්​න

කුකුළු මස් ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසනවා. නිෂ්පාදන පිරිවැය වැඩිවීම හැර කුකුළු මස් හිඟයක් රට තුළ නොපවතින බවටයි ඔහු අවධාරණය කර සිටියේ. ඊයේ දින වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා කියා සිටියේ වෙළඳපොලේ කුකු`ඵ මස් මිල අඩු නොවන්නේ නම් කුකුළු මස් ද ආනයනය කිරීමට සිදු වන බවයි.

තව කියවන්​න

ජනතාව තුල ඇති පීඩනය මැතිවරණයකදී පිට කරනු ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පවසනවා . මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. එමෙන්ම මැතිවරණයක් සදහා ඕනෑම මොහොතක තම පක්ෂය සුදානම් බව ද ඔහු මෙහිදී සදහන් කළා . මේ අතර විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසුවේ ආරාධනා ලැබෙන තෙක් ජතාව අතරට යාමට තමන්ට නොහැකි බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කටාන ආසන බල මණ්ඩල රැස්වීමට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා .

තව කියවන්​න

වවුනියාව බන්ධනාගාරය වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට බන්ධනාගාර බලධාරින් කටයුතු කර තිබෙනවා. ඒ, බන්ධනාගාර රැඳවියන් 6 දෙනෙකුට වසූරිය වැළඳීම සහ තවත් සැක සහිත රෝගීන් කිහිපදෙනෙකු බන්ධනාගාරයෙන් හමු වීම හේතුවෙන්. ඒ අනුව සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් මත ඊයේ දිනයේ සිට අගෝස්තු 15 වන දා දක්වා බන්ධනාගාරය වසා තැබීමටයි පියවර ගෙන ඇත්තේ. බන්ධනාගාරයේ සිටි සියලුම රැඳවියන්ට වසූරිය සඳහා අවශ්‍ය ප්‍රතිකාර සහ ඖෂධ ලබා දී ඇති අතර රැඳවියන් සියලු දෙනා එන්නත්කරණයට ද ලක් කර තිබෙනවා.

තව කියවන්​න