- ඉහළ තේමලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘතයි
- තේක්ක රක්ෂිතයක ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු මරුට
- පාකිස්ථානයේ ගංවතුරෙන් මියගිය ගණන ඉහළට
- සහල් ආනයනය ගැන කෘෂි ඇමතිගේ ප්‍රකාශයට විරෝධය
- ඉරාන න්‍යෂ්ටික සාකච්ඡා ලබන සිකුරාදා
- හම්බන්තොට ලුණු නිෂ්පාදනය ඇරඹෙයි
- මහින්දානන්දට සහ නලින්ට අධි චෝදනා
- ගාසා තීරයේ සිටි පුද්ගලයින් 67 දෙනෙකු ඝාතනය කෙරේ.
Author: VNews
ජනාධිපතිවරණයට අදාළ වියදම් වාර්තා මෙතෙක් ලබා දී නොමැත අය වන්නේ පුජ්‍ය බත්තරමුල්ලේ සිලරතන හිමියන්, පී. අරියනේත්‍රන් ,සරත් කීර්තිරත්න ය.
මේ වනවිට වෙළෙඳපොළේ බිත්තරයක මිල යළිත් රුපියල් 45 ඉක්මවා ගොස් තිබෙනවා. පසුගිය දිනවල වෙළෙඳපොළේ රුපියල් 28ත් 32ත් අතර මිල පරාසයක පැවැති බිත්තරයක මිල දිනෙන් දින මෙසේ ඉහළ යන බවයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
මතභේදකාරී තත්වයකට මුහුණ දුන් මෙවර 5ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය යළි පැවැත්වීමේ අවශ්‍යතාවක් නොවන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර අද (14) ප්‍රකාශ කළේය. ඔහු ප්‍රකාශ කළේ, අදාළ මතභේදාත්මක ප්‍රශ්න 03 සඳහා නිදහස් ලකුණු ලබාදීමට තීරණය කළ බවය.
දින 7ක සිට අඛණ්ඩව ඇදහැලෙන අධික වැසි හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක 12ක පුද්ගලයින් 134, 484ක් පීඩාවට පත්ව සිටිනවා. පවතින තත්ත්වය හමුවේ, කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම පාසැල් අද දිනයේදී වසා තැබෙන අතර ගම්පහ සහ කැලණිය අධ්‍යාපන කලාපවල සියලු පාසැල් අද සහ හෙට දෙදින තුළම වසා තබන බව, අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.
අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් මහ ගංවතුර තත්ත්වයක පවතින බව වාර්තා වනවා . වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස්. පී. සී සුශීෂ්වර මහතා පැවසුවේ මේ හේතුවෙන් ජනතාව වඩාත් විමසිල්ලෙන් පසුවිය යුතු බවයි .
බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ මධ්‍යම පළාත් වලත් හෙට දිනයේත් විටින් විට ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලීමීටර් 75 ක පමණ තද වැසි ඇති විය හැකිි බවයි. උතුරු, නැගෙනහිර සහ ඌව පළාත් වල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව කියා සිටියා.
ඉන්දියාවේ, රාජකීය නෙදර්ලන්ත තානාපති කාර්යාලයට අනුයුක්ත, ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් Robert van Bruinessen අද දින (2024 ඔක්තෝබර් 11) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය. මෙම නිල හමුවේදී නාවික හමුදාධිපති සහ කපිතාන් Robert van Bruinessen අතර ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද අදහස් හුවමාරුවක් සිදු කිරීමෙන් අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි. තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපතිගේ නාවික සහයක රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය සහ ඉන්දියාවේ, රාජකීය නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී Iwan Rutjens මහතා ද සහභාගී වී සිටියහ.
ඊයේ රාත්‍රී 8.30 සිට අද අලුයම 2.30 දක්වා දිවයිනේ වැඩිම වර්ෂාපතනය ඇහැළියගොඩ ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා එම අගය, මිලිමීටර 117ක් ලෙසයි සටහන්ව ඇත්තේ. මිලිමීටර 114ක වර්ෂාපතනක් කළුතර දිස්ත්‍රික්කයේ හල්වතුර වතු යායෙන් වාර්තාවනවා. එමෙන්ම හංවැල්ල ප්‍රදේශයට මිලිමීටර 105.5ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අකර නැවත දැනුම්දෙනතුරු ධීවර හා නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස ධීවර දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.
මෙතෙක් නිල නිවාස භාර නොදුන් හිටපු අමාත්‍යවරු වෙනුවෙන් යළි සිහි කැඳවීමක් සිදු කිරීමට අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමසූරිය උපදෙස් ලබා දී තිබෙනවා. ඊට ප්‍රතිචාර නොලැබෙන්නේනම්, නීතිය ක්‍රියාත්මක කිරීමට ද නියමිතයි. මේ අතර හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා භාවිත කළ නිල නිවස කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට පැවරීමට ද මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා. අග්‍රාමාත්‍යවරිය මෙම උපදෙස් ලබා දී තිබෙන්නේ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදීයි.
මහ මැතිවරණය සදහා තරගවදින අපේක්ෂකයින්ට අදාළ මනාප අංක ඉදිරි සතිය තුළ නිකුත් කරන බව මැතිවරණ කොමිසම පවසනවා. මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ මැතිවරණ කොට්ඨාස 22 සදහා දේශපාලන සහ ස්වාධීන කණ්ඩායම් 690ක් තරග වදින බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222