- තුසිත හල්ලොලුවට ඇප
- රෝගීන් රැගෙන යමින් තිබූ ගිලන් රියක් අනතුරට
- ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන සටන අද
- දියවඩන නිලමේ නිලවරණයට දිනය නියම වෙයි
- විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම අද සිට
- බැකෝ සමන්ගේ බිරිඳ යළි රක්ෂිත බන්ධනාගාරයට
- පාකිස්තානයට ලකුණු 41ක විශිෂ්ඨ ජයක්
- මෙරට විදේශ ගමන් බලපත්‍රය ගෝලීය ශ්‍රේණිගත කිරීම්වලින් පහළට
Author: VNews
ජාතික ප්‍රතිපත්තියක් අනුව සන්ධානගත විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා . නිවැරදි මැද මාවතක ගමන් කිරීම සදහා සියලු දෙනා එක විය යුතු බවද ඔහු සදහන් කළා . විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් .
පාසල්වලට ලබා දී තිබෙන පානීය ජල පද්ධතියෙන් පිහිනුම් තටාකවලට, නිල නිවාස හා පාසලේ ඉදිකිරීම් සඳහා ජලය සපයා ගැනීම අත්හිටුවමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. පාසල්වල දිගින් දිගටම සිදුවන ජල නාස්තිය පාලනය කිරීම සඳහායි මෙම පියවර අනුගමනය කිරීමට තීරණය කර ඇත්තේ. අධ්‍යාපන අමාත්‍යාංශය, ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලය සහ මහා භාණ්ඩාගාරය එක්ව සාකච්ඡා කිරීමෙන් පසුව මෙම තීරණය ගෙන තිබෙනවා. මෙ අනුව පාසලේ එක් සිසුවකු සඳහා දෛනිකව ජලය ලීටර් 20ක් පමණක් ලබාදීමට ජාතික ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇති අතර ඒ සඳහා යන වියදම මහා භාණ්ඩගාරය විසින් දැරීමට නියමිත බව සඳහන් . ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය…
නිල ඇඳුම හෝ නිල හැඳුනුම්පතක් නොමැතිව කොළඹ නගරය තුළ රථවාහන ගාල් කිරීමට අදාළව මුදල් එකතු කිරීමට පැමිණෙන පුද්ගලයින්ට මුදල් ලබා නොදෙන ලෙස කොළඹ මහ නගර සභාව රථ වාහන හිමියන්ට දැනුම් දෙනවා. එලෙස අනවසර ටිකට්පත් ලබා දිම් සිදු වන්නේ නම් ඒ පිළිබඳ ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසයි එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉංජිනේරු මංජුල කුලරත්න මහතා සඳහන් කරන්නේ. එමෙන්ම රථ ගාලක වාහනය නැවැත්වීමෙන් පසු මිනිත්තු 5ක සහන කාලයක් ලබා දෙන බව ද ඒ මහතා සඳහන් කලා. එමෙන්ම යම් හෙයකින් මුදල් එකතු කරන තැනැත්තා වාහනය රථ ගාලෙන් පිටත් වන අවස්ථාවේදී එම ස්ථානයේ නොසිටිය හොත් මුදල් ගෙවීමට අවශතාවයක් නොමැති බවයි ඒ මහතා වැඩිදුරටත්…
දිවයින පුරා හෙද නිලධාරීන් වැඩවර්ජනවලට යොමුවීමේ අවදානමක් පවතින බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසනවා. එහි සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සඳහන් ක්‍රන්නේ කලා විෂය ධාරාවෙන් උසස් පෙළ සමත් වූ සිසුන්ට හෙද පත්වීම් ලබාදීමට ජනාධිපතිවරයා සිදුකර ඇති යෝජනාව වහාම නැවැත්වීමට පියවර ගත යුතු බවයි.
වැලිවේරිය ප්‍රදේශයේ දී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පළා ගොස් තිබෙනවා. පොලිසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු උඩුගම්පොළ, මාදෙල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. වෙඩ් තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීරයේ තරුණ තරුණියන් පසුගිය වසර හතර තුළ ක්‍රීඩාවේ කැපී පෙනෙන පරිවර්තනයක් සිදු කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ බොහෝ ක්‍රීඩා තරඟ වලදී ඔවුන්ගේ සිය දක්ෂතා ප්‍රදර්ශනය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. ඒ හමුවේ කාශ්මීරයේ තරුණ ප්‍රජාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ ගොඩ නැගී තිබූ මතවාදයන් ද බිඳ වැටී තිබෙනවා. ඉන්දීය පරිපාලනය පැමිණීමට පෙර කාශ්මීරයේ තරුණ ප්‍රජාව ප්‍රසිද්ධියට පත්ව සිටියේ ප්‍රචණ්ඩත්වයට සහ සටන්කාමීත්වයට නැඹුරු වූ පිරිසක් ලෙසයි. නමුත් පසුගිය වසර හතර තුළ ඉන්දියානු රජය සහ කාශ්මීර පරිපාලනය එම කලාපයේ තරුණ තරුණියන්ට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඔවුන්ගේ දක්ෂතා විදහා දැක්වීමට අවස්ථා රැසක් ලබා දී…
ශ්‍රී ලංකාවේ නැව් කර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන් ප්‍රංශ රජයේ සහාය ලබාදීමට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පොරොන්දු වී තිබෙනවා. ප්‍රංශ ජනාධිපතිවරයාගේ මෙරට සංචාරය අතරතුර පැවැති කෙටි හමුවේදී මෙම පොරොන්දුව ලබාදී ඇති බව සදහන් . ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මේ සම්බන්ධයෙන් ජනපති මැක්‍රොන් දැනුම්වත් කිරීමෙන් පසු ප්‍රංශ ජනාධිපතිවරයා මෙම එකඟතාවය පළ කර තිබෙනවා. නැව් කර්මාන්තයෙන් ලෝකයේ තුන්වන ස්ථානයට හිමිකම් කියන ප්‍රංශය එරට සමාගම්වල සහාය මෙරටට ලබාදෙන බව ද සදහන් කර තිබෙනවා .
ඖෂධ හදිසි මිල දී ගැනීම් ඉදිරි මාස කිහිපය ඇතුළත සම්පූර්ණයෙන් නවතා දැමීමට පියවර ගන්නා බව සෞක්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ඔහු සඳහන් කළේ, රටේ ඖෂධ අවශ්‍යතාව සපුරාගැනීමේ අරමුණින් පමණක් හදිසි මිල දී ගැනීම් සිදුකිරීමට පියවර ගත් බවයි .
ජොහැන්නස්බර්ග් නුවර පැවැත්වෙන බ්‍රික්ස් සමුළුවට සහභාගි වන ලෙස දකුණු අප්‍රිකාව ඉන්දියාවට ආරාධනා කර තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා කළ ආරාධනය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිළිගෙන ඇති බවයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා ඒ බව නිවේදනය කර තිබෙනවා. දුරකතන සාකච්ඡාවට එක්වෙමින් නායකයින් දෙපළ මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් හුවමාරු කරගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නිකුත් කල ට්විටර් පණිවිඩයේ දැක්වෙන්නේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 30 වැනි සංවත්සරය සමරන අවස්ථාවේදී ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ ප්‍රගතිය සමාලෝචනය කළ බවයි.
ජල ගාස්තු අධික ලෙස ඉහළ දැමීමට එරෙහිව කඩිනමින් ජනතාව පෙළගැස්වීම ආරම්භ කරන බව ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ අනුව, රට පුරා උද්ඝෝෂණ මාලාවක් හා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි ඔහු සදහන් කලේ . ජනතාවගේ අත්‍යවශ්‍යම පාරිභෝජන භාණ්ඩයක් වන ජලය සඳහා අයකරන ගාස්තුව අධික ලෙස ඉහළ දැමීමෙන් ජනතාව දැඩි පිඩාවට පත්ව ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ. මේ අතර ජල බිල වැඩි කිරීමේ කිසිදු සාධාරණ හේතුවක් නොමැති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. කොළඹ පැවති වැඩසටහනකදී ඔහු මේ බව සදහන් කළා .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222