Author: VNews

නැගෙනහිර සහ ඌව යන පළාත්වලත් මුලතිවු සහ වවුනියාව යන දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තව කියවන්​න

මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික අවසන් මංගල්‍ය සදහා මෙවර බැතිමතුන් ලක්ෂ 3 ක් පමණ සහභාගි වනු ඇති බවට අපේක්ෂා කරන බව මන්නාරම රදගුරු නිවසේ පැවති විශේෂ සාකච්ඡාවකදී අනාවරණය වී තිබෙනවා. මේ හේතුවෙන් බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම මූලික කරගනිමින් විශේෂ දුම්රියක් මෙම දිනවල කොළඹ කොටුවෙන් පෙරවරු 6.15 ට දිනපතාම මඩු හන්දිය දක්වා ධාවනය වනු ඇති. එමෙන්ම මඩු මංගල්‍යයට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පානිය ජල පහසුකම්, සනීපාරක්ෂක පහසුකම් මෙන්ම ආරක්ෂාව සදහා පොලිස් නිලධාරින් 1000 කට වැඩි ප්‍රමාණයක් ද යොදවා ඇති බව සදහන්. එළඹෙන 14 සහ 15 වන දා උදෑසන පැවැත්වෙන දේව මෙහෙයෙන් පසුව වාර්ෂික මඩු මංගල්‍යය අවසන් වනු ඇති.

තව කියවන්​න

පාර්ලිමේන්තුව අද දිනයේදීත් පෙරවරු 9.30 ට නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා යොමු කිරීමටයි වෙන් කරනු ලැබුවේ. ඉන් අනතුරුව පස්වරු 5.30 දක්වා කාලය විරුද්ධ පාර්ශවය ගෙනෙන යෝජනාවකට අනුව වතු ජනතාව මුහුණ දෙන සමාජ ආර්ථික ගැටලු පිළිබදව කල්තැබීමේ විවාදය පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. මේ අතර පාර්ලිමේන්තුව ආරම්භයේදීම නියෝජ්‍ය කතා නායක අජිත් රාජපක්ෂ මහතා සභාවට දැනුම් දුන්නේ ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බවත්, ඇතැම් වගන්තිවල ජනමත විචාරණයක් අවශ්‍ය බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙලස පාර්ලිමේන්තුවට දන්වා ඇති බවයි. මේ අතර අද දින පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු…

තව කියවන්​න

ටි්‍රනිඩෑඩ් හී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලේ මීටර් 400 කඩුලු පැනීමේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක අයෝමාල් අකලංක සමත්ව තිබෙනවා. තරගාවලියේ බාලක මීටර් 400 කඩුලු පැනීමේ අවසන් පූර්ව තරගයට සහභාගී වූ අයෝමාල් තත්පර 51.99ක කාලයකින් එම ඉසව්ව පළමුවැන්නා ලෙස අවසන් කිරීමටයි සමත් වුණේ. 17 වැනි වියේ පසුවන අයෝමාල් මෙම ඉසව්ව සඳහා දැක්වූ ඉහළම දක්ෂතාවය මෙය වන අතර අවසන් පූර්ව වටයේ වාර්තා වූ වේගවත්ම කාලය අයෝමාල් විසින් වාර්තා කිරීම ද විශේෂත්වයක්.

තව කියවන්​න

අද දින දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්වලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් වැසි ස්වල්පයක් ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. දිවයින පුරා සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් සාමාන්‍ය කාලගුණයක් පවතිනු ඇති බවද එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සදහන්. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසද ජනතාවගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

තව කියවන්​න

එක්දින සහ විස්සයි විස්ස තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තය බලා පිටත්ව යෑමට නියමිතව තිබෙනවා. අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල දී පැවැත්වීමට නියමිත මෙම සංචාරය සඳහා විස්සයි විස්ස තරග 3ක් සහ එක්දින තරග 3ක් ඇතුළත් කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. මෙම තරග සංචාරයේ එක්දින තරගාවලිය අයි.සී.සී කාන්තා ශූරතාවය සඳහා ඇතුළත් වනවා.

තව කියවන්​න

රට තුළ ක්‍රියාත්මක කළ යුතු බදු ක්‍රමය සහ අනුගමනය කළ යුතු ආර්ථික ප්‍රතිපත්ති නිර්දේශ කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රජාවගෙන් සමන්විත විද්වත් කමිටු පිහිටුවීමට ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව තීරණ කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාගේ සභාපතීත්වයෙන් මෙම ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වූ අවස්ථාවේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ. ඒ අනුව සති දෙකක් ඇතුළත විද්වත් කමිටුවක් පත් කර මේ පිළිබඳ පුළුල් ලෙස විමර්ශනය කර වාර්තාවක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව ද සභාපතිවරයා එහිදී සඳහන් කළා.

තව කියවන්​න

රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ වැඩ බලන සභාපති ලෙස පාඨලී චම්පික රණවක පත් කර තිබෙනවා. මීට අමතරව පාඨලී චම්පික රණවක සම්බන්ධිකරණ කාරක සභාව, ආර්ථික ස්ථායිකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා ජාතික සභා අනු කාරක සභාව, ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවල ද සාමාජිකත්වය දරනවා. එමෙන්ම, ඔහු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව, සම්බන්ධීකරණ කාරක සභාව, තේරීම් කාරක සභාව, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, මහානගර හා බස්නාහිර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, තේරීම් කාරක සභාව, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, මුදල් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය කාරක සභාව, මුදල්,ආර්ථික ස්ථායිකරණ සහ…

තව කියවන්​න

පවතින වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව පීඩාවට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 93,171 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම මධ්‍යස්ථානය පැවසුවේ. වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 7 කට බලපෑම් එල්ල වී තිබෙනවා. මේ අතර රත්නපුරය, ත්‍රිකුණාමලය, කුරුණෑගල, පුත්තලම, යාපනය, මන්නාරම සහ බදුල්ල දිස්ත්‍රික්කවල පවුල් රැසක් පානීය ජල අර්බුදයෙන් පීඩාවට පත්ව ඇති බව සඳහන්. කෙසේ වෙතත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ පැවති අධික වියළි කාලගුණික තත්ත්වය අවසන් කරමින් ඊයේ පස්වරුවේ කැළණි ගඟේ ඉහළ ජලපෝෂක ප්‍රදේශවලට තද වැසි ඇති වී තිබෙනවා. එමෙන්ම හදිසියේ බිඳ වැටුණු නොරොච්චෝලේ…

තව කියවන්​න

වියළි කාලගුණය හේතුවෙන් වගා හානි වූ ගොවීන්ට වන්දි ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එහි ලේකම් ගුණදාස සමරසිංහ මහතා සදහන් කළේ අක්කරයක් සදහා රුපියල් 40,000 සිට වන්දි ලබා දෙන බවයි. ඊට අදාළ තක්සේරු කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ද ඔහු සඳහන් කළා.

තව කියවන්​න