- ඕමාන් එක්සත් අරාබි එමිරේට්ස් තරගය ඇරඹෙයි
- විදුලි සේවකයෝ අද රෑ සිට සැර වෙයි – VIDEO –
- හාල් මාෆියාවට වැඩ වරදින ලකුණු – VIDEO –
- සම්පත් මනම්පේරී අධිකරණයට භාරවීමට සූදානම් ?
- සීගිරි කැටපත් පවුර කුරුටු ගෑ තරුණිය රිමාන්ඩ්
- BYD වාහන සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දීමක්
- ඉන්දියාවේ ප්‍රබල භූමිකම්පාවක්
- අයිස් නිෂ්පාදනය කළ නිවාඩු නිකේතනයක් වටලයි
Author: VNews
අවිස්සාවේල්ල පොලිස් වසමේ ඉහළ තල්දූව ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකුට සිදු කරන ලද වෙඩි තැබීමකින් එහි ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය විසින් සිදු කළ විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ අවිස්සාවේල්ල සිට කෑගල්ල දෙසට ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථයකට යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ටී 56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි. මෙම සිද්ධියෙන් තුවාල ලැබූ සිව්දෙනෙකු අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කර තිබෙනවා. අදාළ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 27 ක් සහ 36 ක් වන තල්දූව ප්‍රදේශයේම පදිංචිකරුවන් බව සදහන්. සිද්ධියෙන් තුවාල ලැබූ තුවාලකරුවන්ද එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවටයි වාර්තා…
මැතිවරණයක අවශ්‍යතාවක් රට තුළ නොමැති බව අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ රට පත්ව සිටි ආර්ථික දුෂ්කරතාවයෙන් ගොඩඒම ආරම්භ කළ මෙම අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීම අත්‍යාවශ නොවන බවයි. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු ලබා දෙමින් සඳහන් කළේ යලිත් මැතිවරණයක් පැවැත්වූවහොත් ආණ්ඩු පක්ෂ බලය ලබා ගැනීමට කටයුතු කරන බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජොර්ජියේවා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර මෙරට ආර්ථික ගැටලු විසදීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදි ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටලු විසඳීම සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේ. එහිදි ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින ප්‍රතිසංස්කරණ සහ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ප්‍රයත්නවල සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීම පිළිබදවද මෙහිදි අවධානය යොමු කළ බව සදහන්. මේ අතර එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරයේ අවසන් දිනය අදයි. අද දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැසිවාරය අමතා සිය විශේෂ දේශනය සිදු කිරීමට ද නියමිතව තිබෙනවා. එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හට මැලේසියාවේ රාජ්‍ය සංචාරයක් සදහා…
ඩිජිටල් ආර්ථිකය නගා සිටුවීම මගින් මෙරට දළ දේශීය නිෂ්පාදනයට 2030 වන විට අමෙරිකානු ඩොලර් බිලියන 15ක් ලබා දීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය පවසනවා. එහි සභාපති ඉන්දික ද සොයිසා මහතා පැවසුවේ මේ වන විට ඩිජිටල් ආර්ථිකයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3.7ක ආදායමක් දළ දේශීය නිෂ්පාදනයට ලබා දෙන බවයි. 2023 – ජාතික තොරතුරු තාක්ෂණ සමුළුව පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. ජාතික තොරතුරු තාක්ෂණ සමුළුව ඔක්තෝබර් 11 වැනිදා සිට 13 වැනිදා දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා පරිඝණක සංගමය විසින් මෙම සමුළුව සංවිධාන කරනු ලබනවා.
විදුලි බිල අවම මට්ටමකට ගෙනඒම සදහා රජය කටයුතු කරමින් සිටින බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. ඒ සදහා රටේ විදුලිබල අවශ්‍යතාවයෙන් සියයට 70ක් පුනර්ජනිය බලශක්තියෙන් සපුරා ගැනීම කෙරෙහි අවධානය යොමුකර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මේ බව ප්‍රකාශ කළා. 2019 වසරේදී එම වැඩපිළිවෙල ආරම්භ කළ බවත් එය තවදුරටත් ක්‍රියාත්මක කරමින් එම අරමුණ සපුරා ගැනීමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවයි ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කළා.
දරුණු ගංවතුර තත්ත්වයකට මුහුණ දී දිවි ගලවා ගත් ලිබියානු ජනතාව තවත් අර්බුදයකට මුහුණ දී තිබෙනවා. ගංවතුර තත්ත්වයෙන් පසු ජලය දූෂණය වීමත් සමග ජලයෙන් බෝවන රෝග පැතිරීම සිදුවෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ඒ අනුව දූෂිත ජලය සහ දුර්වල සනීපාරක්ෂාව හේතුවෙන් කොලරාව, පාචනය, අතීසාරය, හෙපටයිටීස් ඒ, ටයිපොයිඩ් සහ පෝලියෝ වැනි රෝග ජනතාව අතර පැතිරෙමින් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කර තිබෙනවා. පසුගියදා ලිබියාවේ ඇති වූ දරුණු ගංවතුර තත්ත්වයෙන් 20,000ට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් 10,000ට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග යටතේ පැවැත්වීමට නියමිත පාකිස්තාන-නවසීලන්ත තරගය ප්‍රේක්ෂකයින්ට නැරඹීමට අවසර ලබා නොදීමට තීරණය කර තිබෙනවා. ඒ, ආගමික උත්සව හේතුවෙන් තරගය සදහා ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දීම සම්බන්ධයෙන් සහතික වීමට පොලීසියට නොහැකි වීම හේතුවෙන්. මෙම තරගය එළඹෙන 29 වැනිදා හයිද්‍රාබාද් හී දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. හයිදරාබාද් ක්‍රිකට් සංගමය විසින් මේ පිළිබද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත දැනුවත් කර ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා. කෙසේ වෙතත්, එම තරගය නැරඹීම සදහා මේ වන විටත් ප්‍රේක්ෂකයින් රැසක් ප්‍රවේශ පත්‍ර මිල දී ගෙන අවසන්. මේ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නැහැ. මීට පෙර…
පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පාස්කු ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබද සභාව කල්තැබීමේ විවාදය අද සහ හෙට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමටයි පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව කටයුතු කළේ. මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ කොමිෂන් සභාව මගින් චෝදනා එල්ල වී ඇති පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි මහතා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් විමසා සිටියා. මෙහිදී ඇතිවු සංවාදයට පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද මැදිහත් වුණා.
2023 උසස් පෙළ විභාගය පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී විමසූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. 2021 විද්‍යා පීඨ කණ්ඩායම් බදවා ගැනීම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් පලකළා. ඊට අදාළව නිකුත් කළ ගැසට් පත්‍රය සංශෝධනය කළ යුතු බවත් අදාළ සංශෝධන ඉදිරියේදී යළි ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
පූජනීය දළදා සංස්කෘතිය ග්‍රන්ථයේ 2023 කලාපය ග්‍රන්ථය ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම ඉකුත් දා සිදු වූ අතර, එම ග්‍රන්ථය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා වෙත පිළිගැන්වීම මහනුවර පිහිටි ආණ්ඩුකාරවර කාර්යාලයේදී (19) සිදුවුණා. පළාත් සංස්කෘතික අධ්‍යක්ෂ අයෝමි දූල්වල මහත්මිය විසින් එම ග්‍රන්ථය පළාත් ආණ්ඩුකාරවරයා වෙත පිරිනැමීම සිදු වූ අතර, දළදා සංස්කෘතිය පිලිබද පර්යේෂණාත්මක ශාස්ත්‍රීය ලේඛන සංග්‍රහයක් ලෙස පූජනීය දළදා සංස්කෘතිය ග්‍රන්ථය හැදින්වෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222