Author: VNews

අමරිකාවේ නිව්යොක් නුවර පාසල් බස් රථයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරින් තවත් පුද්ගලයන් 5 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. බස් රථයේ ඉදිරිපද ටයරයේ හටගත් දෝෂයක් හේතුවෙන් මාර්ගයෙන් ඉවතට ගොස් පෙරලීමට ලක්වීමෙන් අනතුර සිදුව තිබෙනවා. අනතුරු සිදුවන අවස්ථාවේ මෙම පාසල් බස් රථය තුළ ගුරුවරුන් ඇතුළු ළමුන් 44 දෙනෙකු සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

තව කියවන්​න

දකුණු අප්‍රිකානු ප්‍රධාන වේග පන්දු යවන්නන් දෙදෙනෙකුට එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ආබාධවලට ලක් වීම හේතුවෙන් අන්රික් නොකියාට හා සිසන්ඩා මාගලාට මෙලෙස ලෝක කුසලාන තරගාවලිය අහිමි වී ඇති බවයි. ඔවුන් දෙදෙනා වෙනුවට ඇන්ඩිල් පෙහ්ලුක්වායෝ හා ලිසාද් විලියම්ස් ලෝක කුසලාන සංචිතයට ආදේශ කිරීමට ද එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා. නොකියා පිට කොන්ද ආශ්‍රිත ආබාධයකට ලක් වුණේ ඕස්ටේ‍රලියාව සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී යි. ඕස්ටේ‍රලියාවට එරෙහි තෙවැනි එක්දින තරගය පමණක් ක්‍රීඩා කළ සිසන්ඩා මාගලාගේ වම් දණහිසෙහි ආබාධයක් සිදුව තිබෙනවා. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන 5 වැනිදා ඉන්දියාවේ…

තව කියවන්​න

කුකුළු මස් මිල පහළ දැමීමට කුකුළු මස් නිෂ්පාදකයින් එකගතාව පළකර තිබෙනවා. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට කුකුළු මස් කිලෝවක් රුපියල් 100කින් පහළ දැමීමටයි ඔවුන් පියවර ගෙන ඇත්තේ. කුකුළු මස් නිෂ්පාදකයින්ගේ සංගමය සහ වෙළද අමාත්‍ය නලීන් පනාන්දු මහතා අතර ඊයේ පැවති සාකච්ඡාවෙන් පසුව මෙම තීරණය ගෙන තිබුණා. කුකුළු මස් නිෂ්පාදකයින්ගේ සංගමය පැවසුවේ කුකුළු මස් කිලෝවක නව මිල රුපියල් 1150ක් වන බවයි.

තව කියවන්​න

2024 ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය පිළිබද නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා. අයි.සී සීය නිල වශයෙන් නිවේදනය කළේ අමෙරිකා එක්සත් ජනපදය සහ බටහිර ඉන්දිය කොදෙව් සම සත්කාරකත්වයෙන් එළඹෙන පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන බවයි. අමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රිඩාංගන තුනකදී තරග පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ. මේ සඳහා අදාළ ගිවිසුම ඉදිරි මාසය තුළ ලබා දෙන බව ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කළා.

තව කියවන්​න

හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතාට අයත් මතභේදයට තුඩුදුන් මඩකලපුව පුනානි ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික විශ්වවිද්‍යාලය යළිත් වරක් ඔහුටම පවරා තිබෙනවා. වසර 4 කට ආසන්න කාලයක් මෙම පෞද්ගලික විශ්වවිද්‍යාලය රජය සහ යුද හමුදාව එක්ව පාලනය කරනු ලැබුවා. 2019 වසරේ අප්‍රේල් මාසයේදී එල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් පසුව රජයට පවරාගත් මෙම විශ්වවිද්‍යාලය කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් ලෙසටයි පවත්වනු ලැබුවේ. අන්දෝලනයට තුඩු දුන් මෙම පෞද්ගලික විශ්ව විද්‍යාලය රුපියල් කෝටි 800 කට වැඩි මුදලක් වැය කර සෞදි ආරාබියේ සිටින ව්‍යාපාරිකයෙකු විසින් නැගෙනහිර ආණ්ඩුකාරවරයාට පරිත්‍යාගයක් ලෙස ලබාදුන් බවටයි එවකට වාර්තා පළ වුණේ.

තව කියවන්​න

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ පිහිටි සංචාරක හෝටල් සහ නවාතැන් සපයනු ලබන ස්ථාන සඳහා වන ගාස්තු සම්බන්ධයෙන් අවම මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඔක්තෝම්බර් මස පළමුවැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් විශේෂ ගැසට් නිවේදනයක් මගින් එම මිල ගණන් ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්. ඒ අනුව සංස්ථාපිත සහ නිදහස් ස්වාධීන සංචාරක හෝටල් කාමරයක් සදහා වන අවම මිල ගණන් ප්‍රකාශයට පත් කර ඇති අතර තරු පහේ සංචාරක හෝටලයක් සදහා අමෙරිකානු ඩොලර් 100 ක මුදලක් ද, තරු හතරේ සංචාරක හෝටලයක් සදහා අමෙරිකානු ඩොලර් 75 ක මුදලක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අනුව…

තව කියවන්​න

හිජාබ් ඇඳුම් ඇතුළු ඉරාන කාන්තාවන්ගේ ඇඳුම් පිළිබඳ නීති කඩ කළහොත් දැඩි දඬුවම් පනවන පනතක් එරට පාර්ලිමේන්තුව සම්මත කර තිබෙනවා. මේ අනුව නුසුදුසු ඇඳුම් ඇද සිටියහොත් වසර 10 කට සිර දඬුවම් ලබාදීම සඳහා මෙම පනත සම්මත කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම වසර තුනක නඩු විභාගයකට මුහුණදීමට ද ඔවුන්ට සිදු වනවා. කෙසේ වෙතත් මෙය නීතියක් බවට පත් කිරීම සඳහා ගාඩියන් කවුන්සිලයේ අනුමැතිය අවශ්‍ය බවටයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මේ අනුව වැඩිවියට පත් ගැහැණු ළමුන් සහ කාන්තාවන් තම හිසකෙස් හිජාබයකින් ආවරණය කළ යුතු වනවා.

තව කියවන්​න

කුකුළු මස් මිල අඩු කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සහ කුකුළු නිෂ්පාදකයින් අතර පැවැත්වීමට නියමිතයි. වෙළඳපලෙහි මේ වනවිට කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,250 ක මිලකට අලෙවි වන අතර එම මිල රුපියල් 200 කින් පමණ අඩු විය යුතු බවයි වෙළෙඳ අමාත්‍යවරයා සඳහන් කළේ . අද පැවැත්වෙන සාකච්ඡාවේදී කුකුළු නිෂ්පාදකයින් කුකුළු මස් මිල රුපියල් 200 කින් අඩු කිරීමට එකඟවනු ඇති බව තමන් විශ්වාස කරන අතර නිෂ්පාදකයින් ඒ සඳහා එකඟත්වය පළ නොකළහොත් තීරණයක් ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ .

තව කියවන්​න

සුනඛයින් නොවන සතුන් සපා කෑම හේතුවෙන් ජලභීතිකා රෝගයට ගොදුරු වී මියගිය පුද්ගලයින් සංඛ්‍යාව පසුගිය වසර කිහිපය තුළ ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශයේ ජලභීතිකා වෛද්‍ය අංශයේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය හේෂාන් ගුරුගේ මහතා පවසන්නේ ජලභීතිකා රෝගය පිළිබදව නොදැනුවත් බව මෙම මරණ ඉහළ යාමට හේතු වී ඇති බවයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි වෛද්‍ය නිලධාරි හේෂාන් ගුරුගේ මහතා මෙම අදහස් පළ කළේ.

තව කියවන්​න

අද බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තව කියවන්​න