- ඕමාන් එක්සත් අරාබි එමිරේට්ස් තරගය ඇරඹෙයි
- විදුලි සේවකයෝ අද රෑ සිට සැර වෙයි – VIDEO –
- හාල් මාෆියාවට වැඩ වරදින ලකුණු – VIDEO –
- සම්පත් මනම්පේරී අධිකරණයට භාරවීමට සූදානම් ?
- සීගිරි කැටපත් පවුර කුරුටු ගෑ තරුණිය රිමාන්ඩ්
- BYD වාහන සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දීමක්
- ඉන්දියාවේ ප්‍රබල භූමිකම්පාවක්
- අයිස් නිෂ්පාදනය කළ නිවාඩු නිකේතනයක් වටලයි
Author: VNews
පසුගියදා මෙරට රජයේ වෙබ් අඩවිවලට එල්ල වූ රැන්සම්වෙයාර් සයිබර් ප්‍රහාරයෙන් මැකී ගිය විද්‍යුත් පණිවුඩ යළි ලබා ගැනීම සඳහා ප්‍රති වෛරස් මෘදුකාංග පිළිබඳ පර්යේෂණ පවත්වන ජාත්‍යන්තර ආයතනවලින් සහය ඉල්ලා ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා . එහි ජ්‍යෙෂ්ඨ තොරුතුරු තාක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොල මහතා සඳහන් කළේ එම ආයතන සමග මේ වන විටත් ඒ පිළිබඳ අදහස් හුවමාරු කර ගනිමින් සිටින බවයි. රැන්සම්වෙයාර් ප්‍රහාරයෙන් රාජ්‍ය ආයතනවල මාස 3 ක පමණ විද්‍යුත් පණිවුඩ මැකී ගොස් ඇති බව සදහන් . චරුක දමුණුපොල මහතා පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවයි.
ගැටලුවට තුඩු දී ඇති අක්ෂි කාච මිලදී ගැනීමේ ගනුදෙනුව යළිත් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය උත්සහ කරන බවට වෘත්තිය සමිති චෝදනා කරනවා. සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේ මේ පිළිබඳ කඩිනමින් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවදානය යොමු කළ යුතු බවයි. මේ අතර වෛද්‍ය සැපයුම් අංශයේ ගබඩාවල පවතින අක්ෂි කාච සංඛ්‍යාව ප්‍රමාණවත් වන්නේ තවත් සතියකට පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ, අක්ෂි කාච මිලදී ගැනීමේ ටෙන්ඩරය ලබා දීම ඒ සඳහා පත් කළ කැබිනට් අනුකමිටුවේ අධ්‍යයනයෙන් පසු ලබා දෙනු ඇති බවයි.
රටේ පවතින ඖෂධ හිඟය ඇතුළු සිද්ධීන් කිහිපයක් මූලික කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති මෙන්ම සිවිල් සංවිධාන කිහිපයක් අද රෝහල් ඉදිරිපිට විරෝධතා සංවිධානය කර තිබෙනවා. ඒ අනුව දහවල් කෑම පැය තුළදී මෙම විරෝධතා පැවැත්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් රෝගීන්ට ප්‍රතිකාර සදහා බාධාවක් නොවන අයුරින් මෙම විරෝධතා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මේ, ඒ පිළිබදව වෘත්තිය සමිති දැක්වූ අදහස්.
මෙම වසරේ ගත වූ කාලය තුළ සිදු වූ වෙඩි තැබීම් හේතුවෙන් පුද්ගලයින් 44 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා. ඉන් බහුතරයක් සංවිධානාත්මක අපරාධකරුවන් විසින් පළිගැනීමේ චේතනාවෙන් සිදු කළ ඝාතන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා මෙම අදහස් පළ කලා.
අමෙරිකාවේ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ 78 වන මහා මණ්ඩලය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ජාතියේ සහ ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය ඇතිව තිරසර සංවර්ධනයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවීමට තමන් කටයුතු කරන බවයි. එහිදි ජනාධිපතිවරයා දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව ඉහළ මට්ටමක පවතින බැවින් වර්තමානයේ එම තත්ත්වය තුරන් කිරීමට කටයුතු කළ යුතු බවටයි සමුළුවේදී අවධාරණය කර සිටියේ. එමෙන්ම දේශගුණික විපර්යාස, වසංගත වැනි අර්බුද ශ්‍රී ලංකාව වැනි කුඩා ණයගැති රටවලට දේශගුණික ප්‍රයත්නයක් ඉදිරියට ගෙන යාමට බාධාවක් වනු ඇති බවට ද ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින් කියා සිටියා. මේ අතර එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටේරස් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර නිල…
ඉන්දියාව ඇතුලු රටවල් කිහිපයකින් වාර්තා වී ඇති ‘නිපා‘ වෛරසය හඳුනා ගැනීමේ විශේෂිත පරික්ෂණ කට්ටල මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. කෙසේ වෙතත් අදාළ වෛරසය සම්බන්ධයෙන් මෙරට ජනතාව අනියත බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙන්නේ. ඕනෑම අවදානම් තත්ත්වයකට මුහුණදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය සහිත නිපා වෛරසය හඳුනාගැනීමට අවශ්‍ය විශේෂිත පරීක්ෂණ කට්ටල ඇණවුම් කර ඇති අතර ඒවා දින කිහිපයකින් මෙරටට ලැබීමට නියමිත බව සඳහන් . මේ සම්බන්ධයෙන් පැවතී මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වෛරස් විද්‍යා විශේෂඥ වෛද්‍ය ජානකි අබේනායක මහත්මිය සඳහන් කළේ නිපා වෛරසය ආසාදිත රෝගීන් සඳහා විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් හෝ එන්නත්…
පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස්වුනා. ඒ අනුව පාස්කු ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදයේ දෙවන දිනය සදහා වන විවාදයේ අද පැවැත්වෙනවා. ඊයේ දිනයේදී ද පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් පලකළා. විවාදයට එක්වෙමින් වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විශේෂ ප්‍රකාශයක් කරනු ලැබුවා. එහිදී ඔහු සදහන් කළේ පසුගිය කාලයේ විශාල වශයෙන් කතා බහට ලක්වූ සොනික් සොනික් යවුවෙන් පෙනී සිටියේ බුද්ධි අංශ නිලධාරියෙක් බවයි. එම නිලාධාරියා ත්‍රස්ථවාදියෙක් ලෙස පෙනී සිටිමින් ත්‍රස්ථවාදීන්ගේ තොරතුරු බුද්ධි අංශ වෙත ලබා දුන් බවද අමාත්‍යවරයා සදහන් කළා. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම් මරික්කාර් මහතා ද ඊයේ පාර්ලිමේන්තුවේදී මෙලෙස විවාදයට…
පාසැල් සිසුවියකට ලිංගික අතවරයක් සිදු කිරීමේ චෝදනාවකට කිතුල්ගල පොලීසියේ පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩතහනම් කොට තිබෙනවා. පොලීසිය පැවසුවේ පෞද්ගලික බස් රථයක ගමන් ගත් 18 හැවිරිදි පාසල් සිසුවියකට අතවර කිරීමේ චෝදනාවකට අදාළ පොලිස් පරීක්ෂකවරයා යටියන්තොට පොලීසිය විසින් අත් අඩංගුවට ගත් බවයි. මෙම සිදුවීමට මුහුණ දුන් සිසුවිය තමන්ට සිදුවූ මෙම හිරිහැර සම්බන්ධයෙන් බස් රථයේ කොන්දොස්තරවරයාට දැනුම්දීමෙන් අනතුරුව කොන්දොස්තරවරයා සිසුවියගෙන් ඇයගේ පියාගේ ජංගම දුරකථන අංකය ගෙන මේ බව ඔහුට දැනුම්දී තිබෙනවා. ඒ අනුව, මූලික විමර්ශනයකින් අනතුරුව සීතාවකපුර කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් අදාළ පොලිස් පරීක්ෂකවරයාගේ වැඩතහනම් කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. පොලීසිය පවසන්නේ සැකපිට අත්අඩංගුවට ගත් මෙම පොලිස් පරීක්ෂකවරයා රුවන්වැල්ල අධිකරණය හමුවට…
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර එක්දින තරග තුනක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව, මධ්‍යම, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වලත් වවුනියාව සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222