Author: VNews

රට බංකොලොත් කිරීමට කටයුතු කළ පුද්ගලයන් විසින් එහි වරද වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනය යන මහත්වරුන්ගේ පිට පැටවීමට කටයුතු කරමින් සිටින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලි චම්පික රණවක මහතා පවසනවා. රට බංකොලොත් වීම සදහා ප්‍රධාන වශයෙන් දේශපාලන අධිකාරිය මෙන්ම හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ද වගකිව යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

තව කියවන්​න

2023 රග්බි ලෝක කුසලාන තරගාවලියේ ඒ කාණ්ඩය යටතේ තවත් තරගය අද පැවැත්වුණා. ඒ වේල්සය හා ඕස්ට්‍රේලියාව අතරයි. එහිදී වේල්සය ලකුණ 40ට 6ක් ලෙස ඕස්ට්‍රේලියාව පරදා තරගය ජයග්‍රහණය කළා.

තව කියවන්​න

රුපියල් කෝටි 30 කට අධික වටිනාකමින් යුත් කොකේන් කිලෝග්‍රෑම් 4 ක් සමඟ කෙන්යානු ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුනායක ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් විසින් කරන ලද පරීක්ෂා කිරීමේදී විශාල වටිනාකමකින් යුත් මෙම කොකේන් තොගය හමු වී ඇති බවයි අප ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ. දෝහා සිට කටුනායක ගුවන් තොටුපළට ඊයේ පස්වරුවේ 34 හැවිරිදි කෙන්යානු ජාතිකයා පැමිණ ඇති අතර, එහිදී  බිස්කට් ටින් 3 ක අසුරා තිබියදී මෙම කොකේන් තොගය සොයාගෙන තිබෙනවා.

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා ජර්මනියේ බර්ලින් නුවර වෙත හෙට පිටත්ව යාමට නියමිතයි . ජනාධිපතිවරයා මෙම සංචාරයේදී බර්ලින් ගෝලීය සංවාදය සඳහා සහභාගී වීමට නියමිතව තිබෙනවා. ඔහු විසින් එහි පළමු දින සංවාද සැසියේ ආරම්භක දේශනය සිදු කිරීමටයි නියමිතව ඇත්තේ. බර්ලින් ගෝලීය සංවාදය යනු වර්තමාන භූ දේශපාලනික සහ ආර්ථික අභියෝගවලට ගෝලීය වශයෙන් විසඳුම් සෙවීම සඳහා වූ ඉහළ පෙලේ සැසියක් වනවා. ජර්මන් සංචාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා ලබන 30 නැවත දිවයිනට පැමිණීමට නියමිතයි. ඇමරිකාවේ නිව්යෝක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පෙරවරුවේ දිවයිනට පැමිණියා .

තව කියවන්​න

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 99ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 5ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 399ක්. අනතුරු තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ අනුව ඕස්ට්‍රේලියාවට ජයග්‍රහණය සදහා ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 33දී ලකුණු 317ක ඉලක්කයක් හිමි වුණා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියාවට පන්දුවාර 28යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 217ක් පමණයි.

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද දිනයේදී වැසි වාර කිහිපයක් ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, ඌව සහ නැගෙනහිර යන පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තව කියවන්​න

දකුණු චීන මුහුදේ මතභේදාත්මත ප්‍රදේශයකට ධීවර යාත්‍රා අතුළුවීම වැළැක්වීම සදහා චීනය පාවෙන බාධකයක් සවිකර ඇති බවට පිලිපීනය චෝදනාවක් එල්ල කර තිබෙනවා. මෙහිදී මීටර් 300ක පාවෙන බාධකයක් දැමීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මේ හේතුවෙන් පිලිපීන ධීවරයන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටිනවා. මේ අතර මෙලෙස පාවෙන බාධක යෙදූ ප්‍රදේශයේ විශාල තෙල් හා ගෑස් ඇති  බවට විශ්වාසයක් පවතින බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

තව කියවන්​න

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ රන් සහ රිදි පදක්කම් තීරණය කෙරෙන අවසන් තරගය අද පැවැත්වීමට නියමිතයි. ඒ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරයි. මේ අතර ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම  ඊයේ සමත් වුණා. ඒ, අවසන් පූර්ව තරගයේ දී පාකිස්තාන කාන්තා කණ්ඩායම පරාජය කරමින්. පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන කාන්තා කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 75ක් ලබා ගැනීමට සමත්  වුනා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දු වාර 16යි පන්දු තුනක් අවසානයේ කඩුලු හතරක් දැවී ලකුණු 77ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

තව කියවන්​න

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර කාර්යමණ්ඩල මට්ටමේ ගිවිසුම සදහා අත්සන් තැබීමට නියමිතව තිබෙනවා. ඒ අනුව හෙට දිනයේදී මෙම ගිවිසුම අත්සන් තැබෙනු ඇති . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඊට අත්සන් තැබීමටයි නියමිතව ඇත්තේ. මෙම ගිවිසුම අත්සන් තැබිමෙන් අනතුරුව මුල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය මෙරටට ලැබීමට නියමිතයි.

තව කියවන්​න

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේදීත් පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස් වුණා. ඒ අනුව පාස්කු ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබද සභාව කල්තැබීමේ විවාදය දෙවන දිනටත් මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඊයේ දිනයේදී ද පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ මත පළ කර සිටියා. මේ අනුව අද උදෑසන පාර්ලිමේන්තු ආරම්භයේදීම අදාළ විවාදයට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ සහරාන් යන පුද්ගලයාට ඉහළින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධව මහ මොළකරුවෙකු සිටි බවයි. මේ පිළිබදව අද දින පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවජිර අබේවර්ධන මහතා ද මෙලෙස අදහස් දක්වා සිටියා. මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන්…

තව කියවන්​න