- අයිස් මත්ද්‍රව්‍ය සැකසීමට ගත් රසායනික ද්‍රව්‍ය ලීටර් 52ක් හම්බන්තොට නිවාඩු නිකේතනයකින් මතුවෙයි
- අවභාවිතා වූ ජනාධිපති අරමුදල නිවැරදි මගට යොමු වී ඇති බව අගමැති කියයි
- රජයෙන් මෙට්‍රික් ටොන් 4,200 ක වී අස්වනු මිලදී ගනී
- ජනාධිපති අරමුදලින් ආර්ථික අපහසුතා ඇති දරැවන්ට ශිෂ්‍යත්ව
- විදුලි සේවක වෘත්තීය සමිතිවලින් ආණ්ඩුවට රතු එළි
- ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා – හොංකොන් තරගය අද
- ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා වැසියන් 53 දෙනෙකු ජීවිතක්ෂයට
- දරුවෙක් සහ තවත් අයෙක් දිය රකුසාට බිළි
Author: VNews
ගොඩබිම ටොනේඩෝ තත්ත්වයක් හෝ ජලය ආශ්‍රිතව දියගොබ ඇති වූ අවස්ථාවක ඒ අසලට නොයා ආරක්ෂිතව කටයුතු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ ටොනේඩෝ තත්ත්වයන් තුළ අඩු පීඩන කලාපයක් නිර්මාණය වී එය අවදානම් සහගත තත්ත්වයක් දක්වා වර්ධනය වන බවයි. එවැනි තත්ත්වයක් ඇති වූ විට ඡායාරූප ගැනීම හෝ වීඩියෝගත කිරීම වැනි අවදානම් සහගත ක්‍රියාවලින් වැළකිය යුතු බවට ඔහු දැනුම් දෙනවා. ඪදසජැ ක්‍මඑ – අතුල කරුණානායක මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස්…
හෙද ව්‍යවස්ථාව රහසිගතව සංශෝධනය කිරීමේ ක්‍රියාමාර්ගයට එරෙහිව සමස්ත ලංකා හෙද සංගමයසමස්ත ලංකා හෙද සංගමයයේදී විරෝධතාවක් සංවිධානය කර ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා . එම සංගමයේ සභාපති එස්.බී. මැදිවත්ත මහතා ප්‍රකාශ කලේ මෙම උද්ඝෝෂණය සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට පවත්වීමට නියමිතව ඇති බවයි . මෙම සංශෝධනය කිරීමට අදාළ කෙටුම්පතක් රහසිගතව සකස් කර ඇති බවද ඔහු ප්‍රකාශ කළා . කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ පිලිබදව අදහස් දක්වමින් පැවසුවේ , රටේ පවතින ආර්ථික අර්බුදය සැළකිල්ලට ගනිමින් මෙරට සෞඛ්‍ය පද්ධතියේ පවතින දුර්වලතා නිවැරදි කිරීමට රජය අවශ්‍ය පියවර ගන්නා බවයි .
සෞරග්‍රහ මණ්ඩලයෙන් එකතු කරන ලද විශාලතම ග්‍රාහක සාම්පලය පෘතුවියට රැගෙන විත් තිබෙනවා. නාසා ආයතනයේ විශේෂ මෙහෙයුමක් යටතේයි මෙම සාම්පල රැගෙන ඒමේ කටයුතු සිදු කෙරුණේ. අදාළ පාෂාණ සාම්පලය තවත් වසර 300 කින් පමණ පෘතුවියට කඩා වැටෙනු ඇති බවට අපේක්ෂා කරන බෙන්නු ග්‍රාහකයෙන් ලබා ගෙන ඇති බව සදහන්. මෙම සාම්පල පිළිබදව වැඩිදුර පරීක්ෂණ කටයුතු නාසා විද්‍යාගාර තුළ සිදුකරනු ඇති.
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තෙවන එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර පැවති පළමු තරගය වර්ෂව හේතුවෙන් අතරහැර දැමුණු අතර, දෙවැනි තරගය නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරනු ලැබුවා. ඒ අනුව තරගාවලියේ 1ට බින්දුවක් ලෙස මේ වන විට නවසීලන්ත කණ්ඩායම ඉදිරියෙන් පසුවනවා.
බදුල්ල, මාපාගල, යුරිය වත්තේ ගින්නකින් ලැයින් කාමර 7ක් ගිනිගෙන විනාශ වි තිබෙනවා. ඊයේ පස්වරු 7.00ට පමණ ගින්න හටගෙන ඇති බවය පොලීසිය සඳහන් කළේ. ගින්නෙන් ලැයින් කාමරවල සිටි පුද්ගලයින් 50 දෙනෙකු පමණ අවතැන් වී තිබෙනවා. ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට පොලීසිය සැක පළ කරන අතර, ගින්නෙන් කිසිවෙකුට ජීවිත හානියක් සිදුව නැහැ.
අධික වර්ෂාවත් සමඟ ඇති වූ නායයෑම් වලින් ගෝතමාලාවේ පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙහිදී තවත් පුද්ගලයන් 12 දෙනෙකු අතුරුදන්ව ඇති අතර, එම පිරිස අතර ළමුන් 09 දෙනෙකුද සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. අධික වර්ෂාවත් සමඟ ගංගා උතුරා ගොස් පැල්පත් නිවාස කිහිපයක්ත යටවී ඇති බවද එම මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 05ට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර පැවති පළමු තරගය වර්ෂව හේතුවෙන් අතරහැර දැමුණු අතර, දෙවැනි තරගය එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරනු ලැබුවා. ඒ අනුව තරගාවලියේ 1ට බින්දුවක් ලෙස මේ වන විට එංගලන්ත කණ්ඩායම ඉදිරියෙන් පසුවනවා.
2024 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක කෙටුම්පත් කිරීම හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු දී සිදු කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් ද කණ්ඩායම් කිහිපයක් විසින් සිය සංචිත සඳහා තෝරා ගැනීමටයි පියවර ගනු ලැබුවේ. ඒ අනුව එළඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරග වාරය වෙනුවෙන් ක්‍රීඩා කරන සමස්ත ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 11 ක්. ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාවේ දී දුෂාන් හේමන්ත , කසුන් රාජිත , දසුන් ශානක, ලහිරු සමරකෝන්, සධීර සමරවික්‍රම , දිනේෂ් චන්දිමාල් යන ක්‍රීඩකයින් කණ්ඩායම් හිමිකරුවන් විසින් සිය සංචිත සදහා තෝරා ගනු ලැබුවා. ක්‍රීඩක කෙටුම්පත් කිරීමට පෙර ධනංජය ද සිල්වා , චතුරංග ද සිල්වා , දුනිත් වෙල්ලාලගේ ,…
බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව භූකම්පනයක් සිදුව තිබෙනවා. ඊයේ රාත්‍රී 11.20ට පමණ රික්ටර් මාපක 2.4ක ප්‍රබලත්වයකින් එම භූකම්පනය සිදුව ඇති බවයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය සදහන් කළේ. පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටරයක් පමණ ගැඹුරින් වූ ප්‍රදේශයක හටගත් මෙම භූකම්පනය පිළිබඳ මෙරට තුළ ක්‍රියාත්මක වන භූකම්පන මාන හතරෙහිම සටහන්ව තිබෙනවා. මෙම භූකම්පනය හේතුවෙන් හානි සිදුවී ඇත් ද යන්න පිළිබද මෙතෙක් වාර්තා වී නැහැ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා ජර්මනියේ බර්ලින් නුවර වෙත අද පිටත්ව යනු ලබනවා. මෙම සංචාරයේදී ජනාධිපතිවරයා බර්ලින් ගෝලීය සංවාදය සඳහා සහභාගී වීමටයි නියමිතව ඇත්තේ . ඔහු විසින් එහි පළමු දින සංවාද සැසියේ ආරම්භක දේශනය ද සිදු කරනු ලබනවා . බර්ලින් ගෝලීය සංවාදය යනු වර්තමාන භූ දේශපාලනික සහ ආර්ථික අභියෝගවලට ගෝලීය වශයෙන් විසඳුම් සෙවීම සඳහා වූ ඉහළ පෙලේ සමුළුවක් . ජර්මන් සංචාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා ලබන 30 වනදා නැවත දිවයිනට පැමිණීමට නියමිතයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222