Author: VNews

ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සදහා වන කාර්යාලය පිහිටුවීම සදහා වූ පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා. අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ නියමය අනුව පනත් කෙටුම්පත ගැසට් කර ඇත්තේ සැප්තැම්බර් මස 22 වනදායි. ශ්‍රී ලංකාවේ ජාතික සමගිය සහ ප්‍රතිසංවිධානය පැවැත්වීමේ අවශ්‍යතාවය මෙන්ම වැදගත්කම අරමුණු කර ගනිමින් සියලු ප්‍රජාවන් සහජීවනයෙන් ජීවත් වන සමාජයක් ගොඩනැංවීම සදහා ප්‍රතිසංවිධාන කාර්යාලයක් පිහිටුවීම මෙම පනත් කෙටුම්පතේ මූලික අරමුණ වනු ඇති බව සදහන්.

තව කියවන්​න

ඉදිරි මාස 4 ක කාලය තුළ ඩීසල් නැව් තොග 4 ක් මිලදී ගැනීම වෙුනවෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. මේ අනුව නොවැම්බර් මස පළමු වන දා සිටි එළඹෙන වසරේ පෙබරවාරි මස 29 වන දා දක්වා කාලය තුළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩීසල් නැව් තොග 4 ක් මිලදී ගැනීම වෙනුවෙන් දිගුකාලීන කොන්ත්‍රාත් ක්‍රමය යටතේ ලංසු කැඳවා තිබුණා. ඒ අනුව සමාගම් 5 ක් ඒ සදහා ලංසු ඉදිරිපත් කර ඇති අතර එයින් සිංගප්පූරු සමාගමක් වෙතට අදාළ කොන්ත්‍රාත්තුව ලබා දීම සදහා බලශක්ති අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව සදහා අනුමැතිය ලබා දී ඇති බව සඳහන්.

තව කියවන්​න

ජල බිල්පත කෙටි පණිවිඩයක් මගින් ලබාදෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව දකුණු කොළඹ, මහනුවර දකුණ, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවලට මෙම කෙටි පණිවිඩ සේවාව ක්‍රියාත්මක බවයි එම මණ්ඩලය පවසන්නේ. ඔක්තෝම්බර් මස 01 වන දා සිට මෙය ක්‍රියාත්මක වනවා. මෙම ක්‍රමය ලබන වසරේ ජනවාරි 01 වන දා සිට දිවයින පුරා ක්‍රියාත්මක කරන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ.

තව කියවන්​න

සබරගමුව පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට රත්නපුර මහාධිකරණ විසින්නියම කර තිබෙනවා. ඒ, 2015 ජනාධිපතිවරණයේදී එවකට අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාව සරසමින් සිටි ආධාරකරුවන් පිරිසකට වෙඩි තබා එක් අයෙක් ඝාතනය කර, තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට අදාළව එවකට නියෝජ්‍ය ඇමති ලෙස සිටි ප්‍රේමලාල් ජයසේකර මහතා අත්අඩංගුවට නොගන්නා ලෙසට බලපෑම් කිරීමේ චෝදනාවට අදාළවයි. මෙම දඬුවම ලබා දෙමින් මහාධිකරණය විසින් රුපියල් 20,000ක දඩයක් නියම කර තිබෙනවා.

තව කියවන්​න

2023 එක්දින ලෝක කුසලානයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට නම් කර තිබෙනවා. දසුන් ශානක – නායක කුසල් මෙන්ඩිස් – උප නායක කුසල් ජනිත් පෙරේරා දිමුත් කරුණාරත්න පැතුම් නිස්සංක චරිත් අසලංක ධනංජය ද සිල්වා සදීර සමරවික්‍රම දුනිත් වෙල්ලාලගේ කසුන් රාජිත මතීෂ පතිරණ ළහිරු කුමාර ඩිල්ෂාන් මධුෂංක ශාරීරික යෝග්‍යතාවය මත නම් කළ ක්‍රීඩකයින්, වනිඳු හසරංග මහීෂ් තීක්ෂණ ඩිල්ෂාන් මධුෂංක අතිරේක ක්‍රීඩකයන් චාමික කරුණාරත්න දුෂාන් හේමන්ත

තව කියවන්​න

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා. පරිඝනක පද්ධතියේ යාවත්කාලීන කිරීමක් හේතුවෙන් මෙම කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බවයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. ඒ අනුව ලබන 27 වන දා සිට ඔක්තෝම්බර් මස 02 වන දා දක්වා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවනු ඇති. එමෙන්ම ලබන 26 වන දා සිට කල් ඉකුත් වන වාහන ආදායම් බලපත්‍ර ඔක්තෝම්බර් මස 10 වන දා දක්වා දඩ මුදල් ගෙවීමකින් තොරව නැවත ලබා ගැනීමේ හැකියාව පවතිනවා

තව කියවන්​න

සමාජ මාධ්‍ය නියාමනය සදහා වන පනත මාධ්‍ය සහ පුරවැසියන් මර්ධනය කිරීම සඳහා ආණ්ඩුව විසින් යොදා ගන්නා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා . ඔහු මේ බව සඳහන් කලේ  ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් . මාධ්‍ය නිදහසට බාධා කිරීමට ආණ්ඩුවට හැකියාවක් නොමැති බවද මන්ත්‍රීවරයා මෙහිදී  කියා සිටියා . කෙසේ වෙතත් අදාළ පනත තුලින් රජය විවේචනය කිරීම සදහා පුරවැසියන් හට ඇති අයිතියට කිසිදු හානියක් සිදු නොවන බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළා  . ඔහු මේ බව සඳහන් කලේ ඊයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් .

තව කියවන්​න

ඉදිරියේදී ධීවර පනත සංශෝධනය කිරීම මගින් මෙරට ධීවරයන් අඩපණ කිරීමට රජය උත්සහ කරන බව සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමය පවසනවා. එම සංගමයේ සභාපති අරුණ රොෂාන්ත මහතා ප්‍රකාශ කළේ මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමට ඉන්දීය ධීවරයන්ට අවසර හිමි වීම තුලින් දේශීය ධීවරයන් අසරණ තත්ත්වයට පත්ව ඇති බවයි. එමෙන්ම ධිවර පනත සංශෝධනය කරන්නේ නම් එයට එරෙහිව සමස්ත ධීවරයන් එක් වන බව ද මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළා.

තව කියවන්​න

රටක නීතිය ක්‍රියාත්මක නොවන්නේ නම් එම රට ගොඩනැගීමට නොහැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියා සිටියා. අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අවධාරණය කළා. නන්දලාල් වීරසිංහ

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රශස්තකරණ වැඩසටහනේ පළමු සමාලෝචනයේ අවසන් සාකච්ඡාව ලෙසයි එම සාකච්ඡාව පැවැත්වෙන්නේ. එම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් සහ අදාළ නිලධාරින් සහභාගි වනු ඇති . මේ එ පිලිබඳව අදහස් පල කල මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා . ඉන් අනතුරුව මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම සදහා අත්සන් තැබීම අද දිනයේදී සිදු කිරීමට නියමිත බව වාර්තා වනවා . ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස එම ගිවිසුමට අත්සන් තැබීමටයි නියමිතව ඇත්තේ. මෙම ගිවිසුම අත්සන් තැබිමෙන් අනතුරුව මුල්‍ය…

තව කියවන්​න