- ජනාධිපති අරමුදලින් ආර්ථික අපහසුතා ඇති දරැවන්ට ශිෂ්‍යත්ව
- විදුලි සේවක වෘත්තීය සමිතිවලින් ආණ්ඩුවට රතු එළි
- ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා – හොංකොන් තරගය අද
- ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා වැසියන් 53 දෙනෙකු ජීවිතක්ෂයට
- දරුවෙක් සහ තවත් අයෙක් දිය රකුසාට බිළි
- ඇත්දළ දෙකක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- පොලිස් විශේෂ සෝදිසි මෙහෙයුමක් – 674ක් අත්අඩංගුවට
Author: VNews
තිලීපන් සැමරුම් උත්සවය තහනම් කරමින් ත්‍රිකුණාමලය අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ත්‍රිකුණාමලය වරාය පොලිස් වසමේ සහ ත්‍රිකුණාමලය පොලිස් වසම තුළ අද තිලීපන් සැමරුම් උත්සවයක්, උද්ඝෝෂණයක්, පෙළපාළියක් හෝ විරෝධතාවයක් නොපැවැත්විය යුතු බවටයි අදාළ නියෝගයේ දැක්වෙන්නේ. මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ත්‍රිකුණාමලය වරාය පොලීසිය විසින් අධිකරණය වෙත කළ දැනුම් දීමකට අනුවයි.
අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ 64 වන ගුණ සමරුව අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ, හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදීයි. මෙයට සමගාමිව හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ 23 වන ගුණ සමරුව සහ හිටපු කතානායක අනුර බණ්ඩාරනායක මහතාගේ 15 වන ගුණ සමරුව ද සිදු කෙරුණා. එම අවස්ථාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතු`ඵ පක්ෂ විපක්ෂ නියෝජිතයින් රැසක් එක්ව සිටියා. එමෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එම ගුණ සැමරුම් උත්සවය සදහා එක්ව සිටියා.
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ලබන වසරේදී සියයට 1.3 ක අගයක් ගනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුව පවසනවා. ඔවුන්ගේ නවතම වාර්තාවට අනුව මෙම වසරේ ආසියානු කලාපයේ වර්ධනය සියයට 4.7 ක් දක්වා අඩු වනු ඇති බවටයි පුරෝකතනය කර ඇත්තේ. ලබන වසරේ මෙරට ආර්ථික වර්ධනය සියයට 1.5 ක් ගනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සමස්ත දකුණු ආසියානු කලාපයේ අඩුම වර්ධනය ලෙසයි හඳුන්වා දී තිබුණේ. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද දින පැවැත්වීමට නියමිතව තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රශත්සතකරණ වැඩසටහනේ පළමු සමාලෝචනයේ අවසන් සාකච්ඡාව…
දකුණු පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ අනුව වාහන ආදයම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය හදුන්වාදීමේ කටයුතු හෙට දිනයේ සිට ඔක්තෝම්බර් මස 02 වන දින දක්වා දකුණු පළාත තුළ අත්හිටුවන බවටයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ. මේ අනුව එම පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් අදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සිදු නොකරන ලෙසටයි අදාළ නිවේදනයෙන් දැනුම් දී ඇත්තේ. එමෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමද සැප්තැම්බර් මස 24 වන දා සිට ඔක්තෝම්බර් මස 06 වන දා දක්වා අත්හිටුවා තිබෙනවා. ආදායම් බලපත්‍ර නිකුත් නොකිරීම හේතුවෙන් වාහන හිමියන්ට වන අපහසුතාවය වැළැක්වීමේ අරමුණින්…
බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පනයක් සිදුව තිබෙනවා. භූ විද්‍යා, සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පැවසුවේ එහි ප්‍රබලත්වය මැග්නිටියුට් ඒකක 2.4 ක් ලෙස සටහන්ව ඇති බවයි. ඊයේ රාත්‍රී 11.20 ට පමණ මෙම භූ කම්පනය හටගෙන තිබෙනවා. පසුගිය මාස කිහිපයේදීම දිවයිනේ ස්ථාන කිහිපයකින් භූ කම්පන රැසක් වාර්තා වුණා. කෙසේ වෙතත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පැවසුවේ අදාළ භූ කම්පන සම්බන්ධයෙන් බිය නොවන ලෙසයි.
ලබන මස පළමු වන දා සිට මුද්‍රිත ජල බිල්පත් ලබා දීම වෙනුවට මාර්ගගත ඉලෙක්ට්‍රොනික බිල්පත් ක්‍රමය ආරම්භ කිරිමට සැලසුම් කර ඇති බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පියල් පත්මනාථ මහතා පැවසුවේ තෝරාගත් නියාමන ප්‍රදේශ 4 ක පළමුවෙන් එම නව ක්‍රමවේදය ආරම්භ කිරීමට නියමිතව ඇති බවයි. එළඹෙන ඔක්තෝම්බර් මස පළමු වැනි දා සිට පාර්භෝගික බිල්පත් ගෙවීමේ ක්‍රමවේදයට නව වෙනසක් එක් කිරීමට සූදානම් වන බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සදහා මැතිවරණය පැවැත්වීම රජයේ ප්‍රධාන වගකීම බව උත්තර ලංකා සභාගය පවසනවා. මේ පිළිබදව එම පක්ෂයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා මෙලෙස අදහස් දක්වා සිටියා. අදාළ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා.
පාරිසරික බලවතුන්ගේ සහ අමාත්‍යවරුන්ගේ සමුළුව මෙරටදී ඔක්තෝම්බර් මස 03 වනදා සිට 05 වන දා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. කොවිඩ් වසංගතයෙන් පසු මෙරට පැවැත්වෙන විශාලතම සමුළුව මෙය බවටයි පරිසර අමාත්‍යාංශ ලේකම්වරයා කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් වැඩිදුරටත් කියා සිටියේ.
සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් දෙකක් අතර සිදු වන ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස තැනින් තැන මනුෂ්‍ය ඝාතන සිදුවීම් දක්නට ලැබිය හැකි බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. මෙම සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් මර්ධනය කිරීම සදහා පොලිසිය මෙන්ම යුධ හමුදාව ඇතුළුව බුද්ධි අංශද යෙදවිය යුතු බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
සශ්‍රීක යැයි පවසන රටක පුරවැසියන් දුප්පත් වී පාලකයන් පොහොසත් වීමට හේතුව සෙවිය යුතු බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි හරිනි අමරසූරිය මහත්මිය පවසනවා. රට ගොඩනැගීම සඳහා වන තීන්දු තීරණ දූෂිත පාලකයන් විසින් ගැනීම තුළින් රට තුළ ආර්ථික අර්බුදය තවත් උග්‍ර විය හැකි බවටයි හරිනි අමරසූරිය මහත්මිය කොළඹ පැවති ජන හමුවකට එක්වෙමින් කියා සිටියේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222